කාන්තාවක් විදිහට ආත්ම විශ්වාසෙකින් වැඩ කරන්න මේ දේවල් ඔයත් අදම හිතට ගන්න.

September 11, 2017
3,993
You Should Keep These Things in Mind to Build up Confidence as a Woman
කාලයක් තිස්සේ කාන්තාව ගැන තිබුන දුර්මතයක්නේ කාන්තාව දුර්වල කෙනෙක් කියන එක. එත් අද වෙනකොට එක බොරුවක් කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. කාන්තාව දුර්වලයි තමයි. එත් කායික අතින් විතරයි. ලෝකේ හැම තැනකම වගේ පිරිමි පාර්ශවයත් එක්ක උරෙන් උර ගැටිලා වැඩ කරන්න තරම් අද කාන්තාව ශක්තිමත්. අද ලෝකේ බලවත්ම රටවල් කීපයක්ම පවා පාලනය කරන්නේ කාන්තාවන්. ඉතිං කාන්තාවක් විදියට ආත්ම අභිමානයෙන්, ආත්ම ශක්තියෙන් යුතුව ඉදිරියට යන්න ඔයාට මේ කියන පුංචි පුංචි දේවල් ටික ගොඩාක් වැදගත් වෙයි


1. සතුට වැදගත්

ඔබට ආත්ම විශ්වාසය ඇති කර ගත යුතු මොහොතකදී, ඔබේ සිතේ සතුටක් ඇති කරවන දේවල් කීපයක් මතකයට නගා ගන්න. මෙය ඔබේ ජයග්‍රහනයක මතකයක්, ප්‍රියතම සංගීත ඛණ්ඩයක්, නිවාඩුවක ලද සිහිවටනයක්, ඔබ ආදරය කරන කෙනෙකුගේ චායා රූපයක් විය හැකියි. ඔබේ ආත්ම විශ්වාසය වැඩි කර ගත යුතු මොහොතකදී සතුටු දායක දෙයක් මතකයට නගා ගැනීමට පුහුණු විය යුතුයි.

2. ඇඳුම් පැළඳුම්

ඔයාගේ වයසට හා පෙනුමට ගැලපෙන විදිහට ඇඳුම් පැළඳුම් තෝර ගන්න. පිරිසක් ඉදිරියට යද්දී සංවර හා ප්‍රියමනාප ඇති වෙන විදිහට අඳින්න මතක තියා ගන්න. මොකද පළමු දැකීමෙන්ම අනිත් අය තුල අපි ගැන ඇති වෙන ප්‍රතිරූපය ගොඩාක් වැදගත්. ඒ නිසා ඔයාට ගැලපෙන හා සුදුසු ඇඳුම් ආයිත්තම් පළඳින්න. අවස්ථාවට සුදුසු ලෙස makeup කරන්න. ඒකත් අනවශ්‍ය විදිහට එපා. කාන්තාවක් ලෙස නිතරම ප්‍රිය මනාප පෙනුමක් ඇති කර ගන්න. එය අන් අයගේ ප්‍රසාදයට වඩා ඔබේ ආත්ම විශ්වාසය ජනිත කරවන්නට හේතුවක් වේවි. ඒ වගේම ඇඳුම් පැළඳුම් අඳිද්දී පිළිවෙල ගැනත් සැලකිලිමත් වෙන්න.

3. අය වැය ගැන සැළකිල්ලෙන්

ඔයාගේ ආදායම කොච්චරක්ද කියන එක ගැන හරි අවබෝධයක් තියාගෙන වියදම් කරන්න. ගන්න ආදායමත් මදි වෙලා තව ණයකාරයෙකුත් වෙන තත්වෙට වැටුනොත් ඔයාගේ හැම දේම අවුල් වෙනවා වගේම ණයකාරයෙක් උනොත් ඔයාගේ මානසිකත්වය සම්පුර්ණයෙන්ම කඩා වැටෙනවා. ඔයාට ඒ ගැන අත්දැකීම් ඇති. ඒ නිසා ඒ ගැන වැඩි විස්තර ඕන නැහැනේ. අනිත් එක කාන්තාවන්ට ඉතින් අවශ්‍යතාත් බොහොමයිනේ. ඒ හැම දෙයක්ම ඔයාගේ සිමාව තුළ කරන්න ඔබේ ආදායමට සරිලන ලෙස වියදම් කරන්න. නුවමනා දේවල් වලට අනවශ්‍ය වියදම් කිරීමන් වලකින්න. හදිසි අවශ්‍යතාවයකදී ප්‍රයෝජනයට ගන්න ඉතුරු කිරීමත් අනිවාර්යයෙන් පුරුදු වෙන්න. එහෙම නැතුව හදිස්සියක් වුන වෙලාවල් වලදී එක එක්කෙනා ළඟ වැඳ වැටෙන්න වුණාම ආත්ම අභිමානය කියන දේ නැත්තටම නැතුව යනවනේ.

4. ධනාත්මක සිතුවිලි

අපි ළඟ හැමදාම සතුට වත් හැමදාම දුක වත් තියෙන්නේ නැහැ. කාලෙන් කාලෙට අපිට ජිවිතේ විවිධ වෙනස් වීම් වලට ලක් වෙන්න සිද්ද වෙනවා. ජීවිතේ කියන්නේ සැප දුක, ජය පරාජය, ලාබ පාඩු හැම දේම කැටි වුන දෙයක්. මොන හැල හැප්පීම යටතේ උනත් ඔබේ ආකල්ප සුභවාදීව තබා ගත යුතුයි. ලෝකයේ විශිෂ්ටත්වයට පත් හැම කාන්තාවක්ම නොයෙක් කරදර බාධක වලට මුහුණ දෙමින් ඉතා අපහසු ගමනක් අපු අය. ඔවුන් බාධක නිසා තමන් සාර්ථකත්වෙට යන ගමන අතෑරියා නම් ඔවුන් අද ඒ තැන් වල නැහැ. ඒ නිසා ඍණාත්මක සිතුවිලි අයින් කරලා නිතරම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න.

5. මිතුරන් ආශ්‍රයේදී ප්‍රවේසමෙන්

මිතුරන් වර්ග දෙකක් ඉන්නවා කියලා ඔයා දන්නවනේ. කාලයක් ආශ්‍රය කරද්දී තමන් වටේ ඉන්නේ මොන වගේ අයද කියලා ඔයාට අඳුන ගන්න පුළුවන්. නරක ආකල්ප හා චරිත වලින් යුතු අයගේ ආශ්‍රයෙන් ඈත් වෙන්න්න. මොකද කවදාවත් ඒ අයගෙන් ඔයාට හොඳ බලපෑමක් වෙන්නේ නැහැ. හොඳ ආකල්ප ඇති යහපත් ගති ගුණ ඇති මිනිස්සු ඇසුරු කරන්න. එහෙම ඇසුරු කරද්දී ඔවුන්ගේ යහපත් ආකල්ප, චර්යාවන් හා අදහස් ඔයාගේ ජීවිතේටත් එකතු වෙනවා. ඒ වගේම ගැටළු කාරී තැන් වලදී ඔයාට ඔවුන්ගේ නිවැරදි මඟ පෙන්වීම් හා උදවු ලැබෙනවා. ඔයාගේ සාර්ථකත්වෙට අනිවාර්යයෙන් ඒකත් හේතුවක් වෙයි.

6. විවේචන වලට සැලෙන්න එපා

කෙනෙක් සාර්ථක වෙද්දී බලන් ඉන්න බැරි ගතියක් අපේ සමාජයේ තියෙනවනේ. කොහොම හරි කකුලෙන් ඇදල පහලට දාන්නම තමයි බලන් ඉන්නේ. ඒ නිසා ඔයාගේ ගමන නවත්තන්න ගොඩාක් අය උත්සාහ කරවී. විවේචන, චෝදනා කරයි. කතාවක් අහල ඇතිනේ ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියල. ඒ නිසා හරි දේ කරන කෙනාට බොහෝ වෙලාවට ඉරිසියා කාරයෝ වැඩියි කියන එක අමතක කරන්න එපා. ඒ වගේම ඒවා ගණන් ගන්නත් එපා. අනිත් අයගේ බලපෑම් වලට ඔයා කිසිම වෙලාවක ඔයාගේ ගමන අතර මඟ නවත්තන්න එපා. එහෙම කඩා වැටුනා කියන්නේ ඔයා ළඟ ආත්ම ශක්තියක් නෑ කියන එකයි. ඒ නිසා ඒ හැම අභියෝගයකටම මුහුණ දෙන්න ශක්තිමත් වෙන්න. ඔයාගේ අවසානය ජයග්‍රහණයක් වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 408 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:03:27 PM
Script:/article/408/you-should-keep-these-things-in-mind-to-build-up-confidence-as-a-woman.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:03:28 PM
Script:/article/408/you-should-keep-these-things-in-mind-to-build-up-confidence-as-a-woman.html