කකුල් හරහාට දමාගෙන වාඩිවීමෙන් ශරීරයට සිදුවන බලපෑම

June 24, 2021
3,162
What can happen when you sit with crossed legs often
අපි හැමෝටම පුටුවක හිඳ ගැනීමේදී පහසු ඉරියව්වක් තිබෙනවා.. එය කුඩා කල සිටම පුරුදු වූ අපි විශේෂයෙන් කැමති ඉරියව්වක්.. අපි ප්‍රිය කරන ඒ ඉරියව්ව අපිව සැප පහසුවෙන් තබනවා.. හිඳ ගැනීමේ ක්‍රම එකිනෙකාගෙන් වෙනස් වෙනවා.. බොහෝ දෙනෙක් වාඩි වීමට ප්‍රිය කරන්නේ කකුලක් පිට කකුලක් දමාගෙන නැතහොත් කකුල් හරහට දමාගෙනයි.. ඇත්ත වශයෙන්ම අපට සුවපහසුවක් දැනෙන පමණින් ඒ ඉරියව්ව ශරීරයට හිතකර වනවා ද.. කකුල් හරස් කරගෙන වාඩිවීම පහසු වුවත් එමගින් බොහෝ සෘණාත්මක බලපෑම් ඔබට එල්ල කරනවා.. කකුල් හරස් කර තබා වාඩි වනවාට වඩා ශරීරය සෘජුව තබාගෙන වාඩි වීමට ඉගෙන ගැනීම් වැදගත් වනවා.. එය ශරීර සෞඛ්‍යයට හිතකර අතර ඔබගේ පෞරුෂත්වය වැඩිදියුණු කිරීමටද උපකාරී වනවා.

ඔබ කකුල් හරස් කරගෙන වාඩි වීමෙන් වැලකිය යුතු හේතු පහක්..

1. ස්නායු දුර්වල කිරීම
ඡායාරූපයේ පෙනෙන ආකාරයට ඔබ කකුල් හරස් කරගෙන දිගුකාලයක් පුරා වාඩි වී සිටීමෙන් ඔබගේ කකුලේ ස්නායු දුර්වල වනවා.. දීර්ඝ කාලයක් පුරා මෙම ඉරියව්ව තුළ සිටීමෙන් කකුලේ මාංශපේශි හිරිවැටෙන අතර කකුල එසවීමට නොහැකි වනවා..




2. රුධිර පීඩනය වැඩි කිරීම

මේ සම්බන්ධයෙන් කල අධ්‍යයනයට අනුව ඔබේ කකුල් දණහිස් මට්ටමින් හරස් කර වාඩිවීම මගින් ඔබගේ සිරැරේ රු ධිර පීඩනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට බලපානු ලබනවා.. වාසනාවකට වළලූකර හරස් කිරීමෙන් මෙම තත්ත්වය ඇති නොවන නමුත් ඔබ රුධිර පීඩන රෝගී තත්වයෙන් පීඩා විඳින පුද්ගලයෙකු නම් කකුල් හරස්කර වාඩි වීමෙන් වැළකිය යුතුයි.

3. වැරදි ඉරියව්වකට හේතු විය හැකියි
පර්යේෂකයන්ට අනුව පැය තතුනකට වඩා වැඩි කාලයක් කකුල් හරහාට දමා වාඩි වී සිටීමෙන් ඔබගේ සිරැරේ උරහිස් හා ශ්‍රෝණි පාර්ශ්වීය ඇලවීමට හේතු විය හැකි අතර දිග කාලයක් මෙසේ සිටීමෙන් හිස ඉදිරියට නැවීමට සහ කොඳු ඇටපෙළ ඇද වීමට ද (misalignment of your spine) හේතු විය හැකියි. මාංශ පේශි වේදනාව හා තද වීම ඇති කරනු ලබනවා..

4. සන්ධිවල වේදනාවක් ඇති වීම
කකුල් දණහිස මතින් හරහට දමා වාඩිවීම ඔබගේ ඉරියව්ව සඳහා පමණක් නොව පාදයේ සන්ධි (joints) තුල වේදනාවක් ඇති කිරීමටද හේතු වනවා.. දිගු කාලයක් මෙසේ වාඩිවීම නිසා ඔබගේ බෙල්ල, උකුල් ප්‍රදේශය, කකුල් පිටුපස සහ දණහසේ වේදනා ඇති කිරිමට හේතුවක් වනවා..

5. ගර්භණි සමයේ වළලුකර ඉදිමීමට හේතුවේ
ගර්භණි කාන්තාවක් නම් ඔබ මෙම කාල සීමාව තුළදී කකුලක් හරහට දමා වාඩි වීමෙන් වැළකී සිටිය යුතු වනවා.. මන්ද එමගින් ඔබගේ දරුවාට යම් බලමෑමක් නොවුනත් එසේ වාඩිවීමෙන් ඔබට වළලුකර ඉදිමීම සහ කකුලේ කැක්කුම ඇති කරවනවා.. ඒ වගේම ඔබ දැනටමත් වළලුකර ඉදිමීමෙන් සහ කකුලේ කැක්කුමෙන් පීඩා විඳිනවා නම් ඔබ පුටුවක හිඳ ගන්නා විට ඔබගෙ පාද දෙකම බිම තබා හිඳ ගත යුතුයි හෝ ඔබ හිඳ ගත් පසු කකුල් දෙක ඔසවා යමක් මත තබා ගැනීමෙන් මෙම වේදනාව අඩු කර ගැනීමට ඔබට පුලුවන් වනවා..

ඇතැම් විට ඔබ දීර්ඝ කාලයක් තිස්සේ මෙම ඉරියව්ව පුරුදු වී දැන් ඉබේම වාඩි වූ පසු කකුල් හරස් කර ගන්නවා වෙන්න පුළුවන්.. ඉතින් අද ඉඳන් හෝ මෙම වැරදි ඉරියව්ව මග හැරීමට උත්සාහ කළ යුතුයි නේද..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1999 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:30:41 PM
Script:/article/1999/what-can-happen-when-you-sit-with-crossed-legs-often.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:30:42 PM
Script:/article/1999/what-can-happen-when-you-sit-with-crossed-legs-often.html