අපි ඇත්තටම දරුවන් සමඟ හදවතින්ම බැඳුනු මවුවරුන්ද?

September 25, 2020
20,706
Are we emotionally available mothers?
අපි කැමති වුණත් නැතත් මේ ඇත්තට මුහුණ දෙන්න වෙනවා. වසර ගණනාවකට කලින් අපේ අම්මලා අපිව හදා වඩා ගත්ත කාලයට වඩා වර්තමාන‍ය ගොඩක් වෙනස්. දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න හිතාගෙන මව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් රැකියාවන් වල නිරත වෙනවා, විශාල වගකීම රාශියක ඔවුන් හිර වෙලා. මේ මොන දේ කරත්, අපි අපේ දරුවන් එක්ක හදවතින් බැඳුනු බැඳීමකින් ජීවත් වෙන්න ඕනේ.

හදවතින් බැඳෙනවා කිව්වම එයින් අදහස් වෙන්නේ ඔයා කාලයත් සමඟ ඕනෑම බාධකයකට ඔරොත්තු දෙමින් ඔයාගේ දරුවන් සමඟ අව්‍යාජ සම්බන්ධතාවයක් වර්ධනය කර ගන්න එකටයි. මේක මවකට ආදළ වන්නේ මෙහෙමයි. ඔයා දරුවාගේ හැඟීම් සමඟ බැඳෙන්න නම් ඔයා ක්‍රියාශීලීව සහ මිත්‍රශීලීව සිටිමින්, දරුවන්ව ඔයාගේ ජීවිතයේ වැදගත් කොටසක් කර ගන්න ඕනේ. ඉතින් හදවතින් බැඳුනු මවක් මෙන්න මේ කියන දේවල් නිතරම කරනවා. 

ඔයාගේ හැඟීම් විවෘතව ප්‍රකාශ කරන්න
ඔයාට දුෂ්කර හෝ කලබලකාරී හැඟීම් ඇති වුණාම ඒවා සඟවා නොගත යුතුයි. ඇතැම් සිදුවීම්, අවස්ථා ගැන ඔයාට හැඟෙන දෙය ඔයාගේ දරුවන්ට කියන්න. ඒ ගැන ඔවුන්ගේ අදහස් සහ හැඟීම් ද ඔවුන්ට ඔබ වෙත ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න. මෙමගින් දරුවන් ඔයා සමඟ ඇති සම්බන්ධතාවය වැඩි දියුණු කර ගන්නවා විතරක් නෙමෙයි, දරුවන් ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන විදිහ ඉගෙන ගන්නවා. දරුවන් ටිකෙන් ටික වැඩෙනකොට ප්‍රශ්න එක්ක ගැටෙන ආකාරය වටහා ගන්නවා.

ඔයාගේ දරුවා පවසන දේට සවන් දෙන්න
ඔයා තමන්ගේ දරුවන්ට ඇහුම්කන් දීමෙන් හැඟීම් වලින් බැඳුනු මවක් වෙන්න පුළුවන්. ඒ නිසා අද ඉඳන්වත් ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියා විරහිත කරලා සහ පවුලේ සෑම සාමාජිකයෙක් සමගම අදහස් බෙදා ගැනීමට නියමිත වේලාවක් වෙන් කර ගන්න. දරුවා ඔයාගෙන් ප්‍රශ්නයක් අහනකොට, ඔයා එයාට ප්‍රතිචාරය දක්වන්න. ඔයා ඇහුම්කන් දීමට කැමති බව හඟවන්න. ඒ වගේම ඔවුන් සමග නිතරම කතා කරන්න සහ අදහස් බෙදාගන්න ආස බව ඔවුන්ට පෙන්වන්න.

දරුවාගේ පාසැල් වැඩ වලට උදව් කරන්න
දරුවන්ගේ හැගීම් සමඟ බැඳුනු මවක් දරුවන්ගේ පාසලේ කටයුතු ඇතුළුව දරුවාගේ සෑම අංශයක් ගැනම අවධානයෙන් ඉන්න ඕනේ. දරුවා පාසලේදී හැසිරෙන්නේ කෙසේද, එයට ඔබේ දරුවා සමඟ ඔබ ඇති බැඳීම කෙලින්ම බලපානවා. ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමට සැම විටම උපකාර කරන්න. මේකෙන් අදහස් කරන්නේ ඔයා දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා මව විදිහට පැය 24 ම කැප වෙන්න ඕනේ කියලා නෙමෙයි.  එයින් අදහස් කරන්නේ දරුවාගේ සමස්ත යහපැවැත්ම සඳහා ඔබේ කාලය හා ශක්තිය ආයෝජනය කරන්න කියන එකයි.

දරුවාට නිදහස ලබා ගැනීමට උදව් කරන්න
දරුවා වැඩෙනකොට වැඩිහිටියෙක් වගේ තනිවම ජීවත් වෙන්නට පුහුණු වෙන්න ඕනේ. ඒකට මව විදිහට ඔයාගේ උපදෙස් ද ඇතිව දරුවා සෙමෙන් ස්වාධීනත්වය වර්ධනය කර ගැනීම වැදගත්. ස්වාධීනත්වය පුහුණු කිරීමෙන් දරුවා මිතුරන් ඇසුරු කිරීමටත්, බාධකයන් ජය ගැනීමටත්, පරාජයන් දරා ගැනීමටත් සහ තනිව තමන්ගේ වැඩ ටික කර ගැනීමට හුරු වෙනවා. ඒ විතරක් නෙමෙයි කාලයත් සමඟ දෙමවුපියන් තමන්ගේ දරුවන්ට නිදහස ලබා නොදීමෙන් ඒ වගේ දරුවන් සැම විටම තවත් කෙනෙකු මත යැපෙන්න උත්සහ කරනවා.

සමාව ඉල්ලීමට බිය වෙන්න එපා
හදවතින් බැඳුණු මවක් තම දරුවන් සමඟ අවදානම් තත්ත්ව වලට මුහුණ දෙන්න බිය වෙන්නේ නැහැ. ඔබ වැරදි නම්, ඔබ වැරදි බව පිළිගැනීමද එහි කොටසක්. එතකොට ඔයාව ආදර්ශයට ගනිමින් ඔයාගේ දරුවන් යහපත්ව වැඩෙනවා වගේම ගතිගුණ වලින් පොහොසත් වෙනවා. ඔයා යම් වැරැද්දක් කළ බව පිළිගෙන සමාව ඉල්ලනකොට, ඔයාගේ දරුවන් පසුතැවීම හා සමාව දීම පිළිබඳ වටිනා පාඩම් ඉගෙන ගන්නවා. මේක වැඩිහිටියෙක් වීමට පෙර ඔවුන් ඉගෙනගත යුතු පාඩමක්.

දරුවා ඔයා ආදරය කරන බව දන්නවා
හැගීම්බර අම්මලා වාචිකව හා ශාරීරිකව තම ආදරය ප්‍රකාශ කිරීමට බිය වෙන්නේ නැහැ. ඔයා දිනපතා ඔවුන්ට ආදරය කරන බව කියන්න. ඔවුන්ව බදා ගනිමින්, ඔවුන් කැමතිම සෙල්ලම කරමින් ගුණාත්මක කාලයක් ගත කරන්න. විශේෂයෙන් මවගේ වැළඳගැනීම් හා හුරතල් කිරීම තුල දරුවන්ට ආදරය දැනෙනවා විතරක් නෙමෙයි, ඔවුන්ට නිවසේදී ආරක්ෂිත බවක් දැනෙනවා. ඒ අතර දෙමාපියන් ගැන විශ්වාසය තබනවා. ඒ නිසා ඔයා හැමදාම ඔවුන්ට ආදරය කරන බව දරුවන්ට ක්‍රියාවෙන් පෙන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1845 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:23:46 AM
Script:/article/1845/are-we-emotionally-available-mothers.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:23:47 AM
Script:/article/1845/are-we-emotionally-available-mothers.html