මේ ආහාර දරුවන්ට දීම නිසා ඇති විය හැකි භයානක තත්ත්වයන් මොනවද කියලා ඔබ දන්නවද?

March 19, 2018
5,139
Think twice before giving these food to your child
ඉපදිලා මාස 6ක් 7ක් ගියාට පස්සේ දරුවන්ට ඝන ආහාර දීම ආරම්භ කරනවා.මේ සඳහා එක වර දරුවන් හුරු කරවන්න බැහැ. එය ටිකින් ටික හෙමින් කල යුත්තක්. ඒ වගේම ලබා දෙන ආහාර ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මොකද ඇතැම් ආහාර දරුවන්ට අහිතකර විදියට බලපාන්න ඉඩ තියෙනවා. ඒ නිසා විශේෂයෙන් පලවෙනි පාරට මවක් වුණු අයට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.

දරුවාට අමතර ආහාර ලබා දෙද්දී ඔබ අනිවාර්යෙන් නිසි දේ තෝරා දරුවාට ලබා දෙන්න වග බලා ගත යුතුයි. විශේෂයෙන්ම මෙම ආහාර දරුවාගේ උගුරේ හිරවීමට හැකියාවක් තිබෙන නිසා ඉතාමත් ප්‍රවේසමෙන් හා සැලකිල්ලෙන් දරුවට ආහාර ලබා දිය යුතුයි. ඝනත්වයෙන් වැඩි ආහාර එක වරම ලබා දීමෙන් වලකින්න්න. මුලින් දියරමය ආහාර වලින් ආරම්භ කරන්න.

ඊට අමතරව සමහර ආහාර දැඩි අසාත්මිකතා ඇති කරනවා. ගුණයි කියලා හිතලා හැම ආහාරයක්ම දරුවාට ලබා දෙන්න යන්න එපා. තවත් සමහර ආහාර දරුවන්ට දිරවා ගැනීමට අපහසුයි. එය දරුවා අපහසුතාවයට පත් කරන්න ලොකු හේතුවක්. ඒ නිසා ඉතාමත් පරිස්සමෙන් වැඩ කරන්න මතක තියා ගන්න.

වයස අවුරුද්දක් දෙකක් ගෙවුණු දරුවන්ට පවා ආහාර ලබා දෙද්දී සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් වැඩිහිටියෙකු ළඟ නැතිව දරුවන්ට තනියම කෑම කන්න ලබා දෙන්න එපා. හැම වෙලාවකම හොඳ අවදානයෙන් සිටීම වැඩිහිටියන්ගේ වගකීමක්. විශේෂයෙන් උගුරේ සිර වීමට වැඩි ඉඩකඩක් ඇති ආහාර, ධාන්‍ය වර්ග, රටකජු වැනි ආහාර පලතුරු වර්ග ප්‍රවේසමෙන් ලබා දිය යුතුයි. දරවාගේ උගුර තවමත් ප්‍රමාණයෙන් ඉතා කුඩා බව අමතක කරන්න එපා.

අසාත්මිකතා ඇති කරන ආහාර ගැනත් ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. කෙනෙකුගෙන් කෙනෙකුට අසාත්මිකතා වෙනස් ලෙස බලපානවා. සමහර අයට සුදුසු දේ සමහර අයට සුදුසු නැහැ. ඒ නිසා ඉතා කුඩා ප්‍රමාණ වලින් කෑමට දී දරුවා යම් දක්වන ප්‍රතිචාර ගැන අවදානයෙන් බලන්න. සුළු වශයෙන් හෝ අහිතකර ප්‍රතික්‍රියා දක්වයි නම් දරුවා වැඩෙන තුරු එම ආහාර ලබා දීමෙන් වලකින්න. ඇතැම් දරුවන්ට අසාත්මිකතා ඇතිකළ හැකි ආහාර වර්ග කිහිපයක් තමයි මේ.

සමහර දරුවන්ට බිත්තර අසාත්මික වෙන්නවා. සමෙහි රතුවීමක්, බඩ රිදීම, පාචනය, වමනය වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉස්සන්, දැල්ලන් නිසාද අසාත්මිකතා බහුල නිසා දරුවා වැඩෙන තුරු ඉන්න ඒක තමයි හොඳ. අනික ඒ ආහාර ඉතා උෂ්ණාධික ආහාර නිසා කුඩා වයසේදී ලබා නොදී ඉන්න එක තමයි වඩාත් හොඳ. දොඩම්, ලෙමන් , අන්නාසි වැනි පලතුරු ඇතැම් දරුවන්ට සමෙහි අසාත්මික ලක්ෂණ ඇති කරවනවා. චොකලට්, රටකජු, තක්කාලි කියන්නෙත් ඒ වගේ බලපෑම් ඇති කරන ආහාර.

ඒ වගේම එළකිරි ඉතා පහසුවෙන් බොහොමයක් පෝෂ්ය පදාර්ථ ලබා ගත හැකි ආහාරයක් වුනත් එහි ඇති ප්‍රෝටීන් සහ වෙනත් ඛනිජ ලවණ කුඩා දරුවන්ට දිරවීමට අපහසු වෙනවා.ඒ නිසා වයස අවුරුද්දක් පමණ පසුවන තුරු එළකිරි දීමෙන් වලකින්න. තේ, කෝපි කියන්නේ කැෆෙන් බහුල පානයන්. මේවා දරුවන් තුල විවිධ සංකූලථා වලට මුල්වනවා. එනිසා කුඩාම දරුවන්ට තේ, කෝපි ලබා දීම අවශ්‍ය වෙන්නේ නැහැ. කාබන්ඩයොක්සයිඩ් සහිත බිම වර්ග ඒ කියන්නේ වෙළඳපොලේ ඇති සියලුම කෘතීම පානයන් වර්ග දරුවන්ට කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. ඒවා වැඩිහිටියන්ට පවා අහිතකරයි.

මේ දේවල් ගැන අවබෝධයක් ඇතිව දරුවන්ට ආහාර පාන දෙනවා නම් කුඩා වයසේදීම දරුවන් තුළ ඇති වන විවිධ ලෙඩ රෝග වලින් ඔවුන් ආරක්ෂා කර ගන්න පුළුවන්. වගකීම තියෙන්නේ දෙමවුපියන් අතේ තමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 706 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:37 AM
Script:/article/706/think-twice-before-giving-these-food-to-your-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:37 AM
Script:/article/706/think-twice-before-giving-these-food-to-your-child.html