ඔයත් කෙට්ටු වෙන්න කියලා නොකා නොබී ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ භයානක ප්‍රතිපල වලට මුහුණ දෙන්නත් ලෑස්ති වෙන්න

March 5, 2018
14,226
Do you cut your meals to get thin?
තමන්ගේ සුන්දරත්වය ගැන හිතන අය ගොඩාක් වෙලාවට ඒ සුන්දරත්වය රැක ගන්න මහන්සි වෙනවා. ඒ වගේම තමන්ට හිතෙන හිතෙන විදියට අහාර පාලනය කරනවා. නමුත් මේ වගේ ඔබ දුර දිග නොබලා, නොහිතා කරන ගොඩක් දේවල් ඔබේ වටිනාම ඉන්ද්‍රියට අහිතකර බලපෑම් කරන්න හේතු වෙනවා. දැන් ඔයා බලනවා ඈති මොකක් ගැනද මේ කියන්නේ කියලා. මොළය කියන්නේ අපේ ශරීරයේ තියෙන වටිනාම ඉන්ද්‍රිය. අපේ අය කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව කරන මෙන්න මේ කියන වැරදි මොලයට හානි කරනවා.

1. උදේ ආහාරයට නම් මඟ හරින්නම එපා

උදේ අහාරය මොන තරම් වැදගත්ද කියන එක හැමදාමත් ඔයාට මතක් මතක් කරනවා. පෝෂ්‍යදායි ආහාර වේලක් අනිවාර්යෙන්ම ලබා ගන්න කියන්නේ එයින් මොලයේ ක්‍රියාකාරිත්වය කරමවත් කර ගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් අනිවාර්යෙන් ලබා දිය යුතු නිසා. එය අහිමි වී යාම ඔබේ මොලයේ වර්ධනය අඩපණ කරන්න හේතුවක්.

2. ඔයාටත් phone එක කෝට්ටේ යටින් තියා ගත්තේ නැත්තන් නින්ද යන්නේ නැද්ද?

මේක විශේෂයෙන් තරුණ පිරිස් වලට තියෙන ලෙඩක්. phone එක ළඟ නැත්තන් නින්ද යන්නෙත් නෑ. ඒත් මේ පුරුද්ද නම් බොහොම නරකයි. phone එකෙන් පිට වන අහිතකර කිරණ මඟින් ඔයාගේ මොලයට හානි සිදු කරනවා. ඉතින් ඔයා හැමදාම ඒ වැරදි වැඩේ කරන්න ගත්තොත් රැයක් පුරා දිනපතා ඔබේ මොලයට එල්ල වන අහිතකර කිරණ වල බලපෑම වැඩි කල් නොයා අහිතකර ප්‍රතිඵල ඇති කරන්න හේතු වෙනවා.

ඒ වගේම නිතරම phone එක කනේ තියාගෙන ඉන්න එකත් හැකි තරම් අවම කරන්න. ඔබ තුළ මානසික ආතතිය ඇති කරන්න එය හේතු වෙනවා.

3. කොච්චර මොලය වෙහෙසුවත් එයට විවේකයක් දෙන්නේ නැද්ද?

කාර්යබහුල බව නිසා විවේකය කියන දේ අපිට ගොඩක් වෙලාවට මඟ හැරෙනවා. ඒත් මොලයේ නිසි ක්‍රියාකාරිත්වයට විවේකය අතිශය වැදගත්. අසනීපයක් වුනු වෙලාවකදීත් මොලය වෙහෙසන්නේ නැතිව විවේක ගන්න කියන්නේ ඒ මඟින් මොලයේ කාර්යක්ෂම බාවය අවම වෙන නිසා. ඒ වගේම නින්ද කියන්නෙත් අනිවාර්ය දෙයක්, අනවශ්‍ය විදියට නිදී වැරීම මොලයේ සෛල වලට දැඩි ලෙස හානි කරනවා. ඒ නිසා නින්ද ඇතුළු විවේකය ලබා ගැනීම කිසිම වෙලාවක සුළුවෙන් හිතන්න එපා.

4. අනවශ්‍ය ලෙස ආහාර පාලනය

මේ දේ නම් කාන්තාවන් ගොඩාක් දෙනෙක් කරන වැරද්දක්. බර වැඩියි, බඩ වැඩියි, එහෙම නැත්තන් මහත වැඩියි කියලා අනවශ්‍ය විදියට ආහාර පාලනය කරනවා. නමුත් පුද්ගල මනස එදිනෙදා ක්‍රියාකාරකම් වලට ක්‍රමානුකුලව හැඩ ගැසිලයි තියෙන්නේ. ඉතින් ශරීරය ඒ දේවල් ඔයාගෙන් ඒ ඒ වෙලාවල් වලදී ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැමදාම කෑම කන වෙලාවට අපිට බඩගින්නක් දැනෙන්නේ ඒ නිසානේ. ඒ නිසා එක පාර කෑම නොකා ඉන්නේ නැතිව ටිකෙන් ටික අඩු කරමින් පාලනයකට එන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 687 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:04:38 AM
Script:/article/687/do-you-cut-your-meals-to-get-thin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:04:38 AM
Script:/article/687/do-you-cut-your-meals-to-get-thin.html