හැම අම්මා කෙනෙක්ම දරුවාගේ ආහාර වේලට අමතක නොකර එකතු කරන ආහාර

January 17, 2018
9,815
Foods that every mother should feed their children
පෝෂණය කියන දේ අපි හැමෝටම එක වගේ වැදගත් වෙනවා. වැඩිහිටියන්ට වඩා වැඩියෙන් හා අනිවාර්යෙන් ඉතා ඉහල පෝෂණයක් අවශ්‍ය වන කොටසකුත් ඉන්නවා. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට අනිවාර්යෙන් පෝෂණ අවශ්‍යතා සැපිරිය යුතුයි. මොකද කුඩා කාලයේදී දරුවන්ට ලබා දෙන පෝෂණය දරුවන්ගේ කායික වර්ධනයට වගේම බුද්ධි වර්ධනයටත් අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.

නිසි වයසේදී ලබා දිය යුතු පෝෂණය අහිමි වී යාමෙන් දරුවාගේ වර්ධනය බාල වීම, විවිධ කායික ආබාධ ඇති වීම, විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා මෙන්ම බුද්ධි වර්ධනයේ දුර්වලතාද ඇති වෙන්න පුළුවන්. කුඩා වයසේදී සම්පුර්ණ කල යුතු පෝෂණ අවශ්‍යතා සඳහා නැතුවම බැරි ආහාර වර්ග කිහිපයක්ම තියෙනවා. ඒ ආහාර අමතක නොකර ඔබ දරුවාගේ ආහාර වේලට එකතු කරන්න. බලන්න ඒ මොනවද කියලා.

1. බතල

වඩාත්ම පෝෂ්‍යදායි ආහාරයක් ලෙස බතල හඳුන්වන්න පුළුවන්. ඇස්වල පෙනීම වර්ධනය කරන බීටා කැරොටින්, කැරොටිනොයිඩ් සහ තවත් පෝෂ්‍ය පදාර්ථ රැසකින් ඉතා පොහොසත්. ඒ වගේම විටමින් A, C හා E, පොටෑසියම්, කැල්සියම්, යකඩ හා කෙඳි වලින් යුතු බතල අනිවාර්යෙන් දරුවාගේ ආහාර වේලට එකතු කරන්න.

2. බිත්තර

වැඩෙන දරුවන්ට බිත්තර වලින් ඉතා ඉහල ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ වගේම එහි අඩංගු විටමින් B මොළයේ වර්ධනය සහ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. බිත්තර සතුව ඔමේගා-3 මේද අම්ල, විටමින් D, සින්ක්, යකඩ සහ සෙලනියම් ආදි පෝෂණ කොටස් රැසක් අඩංගුයි. මේ පෝෂ්‍ය පදාර්ථ ඔබේ දරුවා දිගුකාලීනව ශක්තිසම්පන්නව තැබීමට උපකාරී වෙනවා.

3. කිරි

අස්ථි පද්දතිය, නියපොතු, දත් සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට අවශ්‍ය කරන ඛනිජ වර්ග දෙකක් වන කැල්සියම් සහ පොස්පරස් බහුල කිරි වල ඊට අමතරව ප්‍රෝටීන්, සින්ක් සහ විටමින් A, විටමින් B2 සහ විටමින් B12 වැනි වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ රාශියක් පවතින නිසා දරුවාගේ පෝෂණ සම්පුර්ණ කරනවා.

4. ඕට්ස්

දරුවන්ට අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහා උදෑසනට දිය හැකි හොඳම ආහාරයක් විදියට ඕට්ස් හඳුන්වන්න පුළුවන්. විටමින් B සහ E, පොටෑසියම් සහ සින්ක් වැනි වැදගත් පෝෂ්‍ය පදාර්ථ මොළයේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය සඳහා උපකාරි වෙනවා. ඒ වගේම සිරුරට අවශ්‍ය කරන තන්තු අවශ්‍යතාව නොඅඩුව සම්පුර්ණ කරන්න ඕට්ස් වලට පුළුවන්.

5. බෝංචි

දරුවන්ට අතිශයින් පෝෂ්‍යදායි ආහාරයක් වන අතර දරුවන්ගේ වර්ධනයට ඉතාමත් ප්‍රයෝජනවත්. ප්‍රතිඔක්සිකාරක, බෝංචි, ප්‍රෝටීන්, කැල්සියම්, කෙඳි, යකඩ හා විටමින් බී වලින් පොහොසත්. ඒ වගේම බෝංචි වල මේදය, කැලරි සහ සෝඩියම් අඩුයි. ඒ නිසා බෝංචි නිතිපතා ආහාරයට ගැනීමෙන් දරුවන්ගේ කායික ශක්තිය, නිරෝගී ලෙස ශරීර බර පවත්වා ගැනීමට සහ හදවත නිරෝගීව තබා ගැනීමට උදවු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 630 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 9:57:38 AM
Script:/article/630/foods-that-every-mother-should-feed-their-children.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 9:57:38 AM
Script:/article/630/foods-that-every-mother-should-feed-their-children.html