සහකරුගේ සරු භාවයට වින කරන මේ තත්ත්වයන්ගෙන් වහාම ඔහුව ඈත් කර තබන්න

November 15, 2017
7,438
Keep away your man from these that curse mens productivity
විවාහ වුණු යුවලකට තියෙන ලොකුම  බලාපොරොත්තුව හීනය කිරි සිහිනය හැබෑ කර ගන්න එක. මොකද දරුවෝ කියන්නේ අපිට සම්පතක්, වටිනා වස්තුවක්. එත් ඒ සිහිනය සැබෑ කර ගන්න යද්දී පිරිසකට අවාසනාවන්ත විදියට ඒ බලාපොරොත්තු බොඳ වෙනවා. නිසරු බව එහෙමත් නැත්තන් වඳ භාවය ඒකට බලපාන ප්‍රධාන හේතුවක්.

නිසරු බව කියන්නේ කාන්තාවට විතරක් බලපාන දෙයක් නෙවෙයි. එය කාන්තාවන් තුල වගේම පිරිමි පාර්ශවය තුලත් ඇති වෙන්න පුළුවන්. මේ කියන්නේ පිරිමි පාර්ශවය තුල නිසරු බව ඇති කරන්න හේතු වෙන අයහපත් තත්ත්වයන් කිහිපයක් ගැන. මේ දේවල් වලින් හැකි තරම් සැමියා ඈත් කරලා තියා ගත්තොත් පසුවට දුක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

1. මානසික ආතතිය 

හැකි තරම් මානසික ආතතිය අවම කර ගැනීම මෙහිදී අත්‍යාවශ්‍ය කාරණාවක්. ශුක්‍රාණු නිපදවීම සඳහා වැදගත් වන හෝමෝනය සඳහා මානසික ආතතිය අහිතකර ලෙස බලපානවා. ඒ නිසා මානසික පීඩනය ලිහිල් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න,විනෝදාංශ, ව්‍යායාම වල නිරත වෙන්න. 

2. මත් පැන්  

මත් පැන් කියන්නේ කොහොමත් ශරීරයට හොඳ දෙයක් නෙවෙයිනේ. ඒත් ඒ ගැන දැන දැනත්  පිරිමි පාර්ශවය ගොඩක් දෙනෙක් මත් පැන් භාවිතයට යොමු වෙලා තියන එක  හරිම සුලභ කාරණාවක්. අධික ලෙස මත් පැන් භාවිතය නිසා ශුක්‍රාණු ගණන හා ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු කරවනවා. ශරීරයට වගේම සරු භාවයට අහිතකර ලෙස බලපාන මත් පැන් භාවිතය සම්පුර්ණයෙන්ම නතර කරදැමීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ අත් විඳින්න අවශ්‍ය මඟ පෙන්වීම සහකරුට ලබා දෙන්න. 

3. දුම් පානය 

දුම් පානය කියන්නේ තවත් ශරීරයට ඉතාමත් අහිතකර දෙයක්. දීර්ඝ කාලයක් තිස්සේ දුම් බීම ලෙඩ රෝග රැසක් වගේම වඳ භාවය ඇති කරන්නත් හේතු වෙනවා,හදවත් රෝග, පෙනහළු පිළිකා වගේම ලිංගික බෙලහීනත්වය ඒ අතර ප්‍රධානයි 

4. දියවැඩියාව. 

දියවැඩියාව පුරුෂ පාර්ශවය තුල වගේම කාන්තා පාර්ශවය තුලත් නිසරු බව ඇති කරන්න හේතු වෙන තවත් අයහපත් තත්ත්වයක්. ඒ නිසා සැමියාගේ විතරක් නෙවයි ඔබගේත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ක්‍රමානුකුලව පවත්වාගෙන යන්න කටයුතු කරන්න. 

මේ දේවල් වලට අමතරව හෝමෝන වල බලපෑමත් මෙයට තවත් හේතුවක්. ටෙස්ටස්ටරෝන් හා තයිරොයිඩ් හෝමෝන අඩු මට්ටමක පැවතීමත් මෙයට බලපාන තවත් හේතුවක්. ඒ වගේම අධික කම්පනය වීම්, අදික උෂ්ණත්වය, විවිධ ආසාදන, විකිරණ හෝ අහිතකර රසායන වැනි විෂ ද්‍රව්‍ය වලට නිරාවරණය වීම, රෝගී තත්ත්වයන් වලට ගන්නා දිගු කාලින ඖෂධ වැනි හේතු රැසක්ම පිරිමි පාර්ශවය නිසරු බව ඇති කරන්න හේතු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 518 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:03 AM
Script:/article/518/keep-away-your-man-from-these-that-curse-mens-productivity.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:03 AM
Script:/article/518/keep-away-your-man-from-these-that-curse-mens-productivity.html