හිසරදයක් වූ දත් කැක්කුමට සාර්ථක විසඳුම්

October 21, 2019
11,647
Answers for toothaches
පෞර්ෂත්වය මනින එක ඒකකයක් තමයි මුඛය කියන්නේ. දත් කුහර ඇති කිරීමට ප්‍රධාන හේතුව වනුයේ බැක්ටීරියා වර්ධනය වීමයි. දත් කුහර ඇති වීම නිසා කෑමක් කන්නවත් බැහැ වගේම ඔයාගේ සුන්දරත්වයටත් හානියක් වෙනවා. ඉතින් දත් වලින් ඔයාට ලැබෙන ප්‍රයෝජනය කියලා නිම කරන්නත් අමාරුයි. දත් වලින් ආහාර කැබලි කර ගිලීමට සහ ජීර්ණය වීමට පහසු කරවනවා. මේ හේතුන් නිසා දත් රැක ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. කොච්චර ලස්සනට ඇඳුමක් ඇඳලා හිටියත් නිදහසේ හිනා වීමට තිබෙන අවස්ථාව ඔයාට අහිමි වෙන්නත් පුළුවන්. අද හැඩකාරී කතා කරන්න හිතුවා ඔයාට දත් කුහර ඇතිවෙලා වේදනාවක් ඇති උනොත් වේදනාව අඩු කරගන්න පුළුවන් සරල ප්‍රතිකර්ම ටිකක් ගැන.

01. අයිස් කැට
අයිස් කැට කියන්නේ ලේසියෙන්ම හොයාගන්න පුලුවන් දෙයක්. අයිස් කැට කිහිපයක් අරන් වේදනාව දැනෙන ස්ථානයේ රඳවා ගත්තානම් දත් කැක්කුම ක්ෂණිකයෙන් අඩු වී යන ආකාරය ඔයාටම දැනෙයි. නැතිනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කැබැල්ලක ඔතා වේදනාව දැනෙන ස්ථානයේ කම්මුල මතු පිටින් සෙමින් අතුල්ලන්න. මෙහිදී සිදු වන්නේ වේදනාවන් හා සම්බන්ධ ස්නායු අයිස් මගින් සිර කිරීමයි.

02. රතු ළූණු
පිළිකා මර්දක ගුණයක් සහ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් රතු ළූණු සතුව පවතිනවා. මෙම හේතුව නිසා ඔබේ මුඛයේ කැක්කුම පවතින දත් වටා ඇති විෂබීජ මර්දනය කිරීමේ හැකියාවක් රතු ළූණු වලට තිබෙනවා. එමෙන්ම ඔබට එයින් සහනයක් ලබාගත හැකි වෙනවා. ඔබ කල යුත්තේ ලූණු පෙත්තක් කපාගෙන එය අදාළ දත් කැක්කුම් තිබෙන ස්ථානයන් වලට ළූණු ඉස්ම හොඳින් තැවරෙන පරිදි පොඩි වනතෙක් හපන්න. ඔබට එහෙම හපන්නට අපහසුනම් ළූණු පෙත්තක් අදාළ ස්ථානයෙහි මිනිත්තු කීපයක් තබාගෙන සිටින්න.

03. ලුණු වතුර
ලුණු කුඩු තේ හැන්දක් උණු වතුර සමඟ මිශ්‍ර කරන්න. එය හොඳින් දිය වන තෙක් කලවම් කරන්න. සාදාගත් මිශ්‍රණයෙන් තප්පර 30 ත් 60 ත් අතර කාලයක් හොඳින් කට සෝදන්න. මෙය දිනකට දෙවතාවක් තුන්වතාවක් සිදුකරන්න. සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැක.

04. සුදු ළූණු
සුදු ළූණු ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිජීවක ගුණයන්ගෙන් යුක්තය. මේ ලක්ෂණ නිසාම සුදු ළූණු සතුව වේදනාවට සහනයක් ලබා දීමේ හැකියාව පවතිනවා. තවද සුදු ළූණු වලට ඔබේ මුඛයේ ඇති බැක්ටීරියා මර්ධනය කිරීමට ද පුළුවන් වෙනවා. සුදු ළූණු ගෙඩියක් සමඟ කරාබුනැටි දෙකක් තුනක් ගෙන හොඳින් අඹරාගන්න. මෙසේ තලපයක් ආකාරයට සාදාගත් මිශ්‍රණය අදාල කැක්කුම ඇති ස්ථානයන්හි විනාඩි කිහිපයක් තබාගෙන ඉන්න.

05. ඉඟුරු
ඉඟුරු සතුව පවතින බැක්ටීරියා නාශක ගුණය නිසා දත් කැක්කුම නැති කිරීමට උපකාරී වෙනවා. දත් කැක්කුමක් සෑදුනු අවස්ථාවක ඉඟුරු කැබැල්ලක පොත්ත ඉවත් කර මුව තුළ රඳවාගෙන සපන්න. ඉක්මන් සහනයක් අවශ්‍ය නම් ඉඟුරු කෑල්ලක් තලා එම තලපය වේදනාව දැනෙන තැන තවරා ගන්න.

06. දෙහි
පහසුවෙන් සොයා ගත හැකි දෙහි මගින් වේදනාව සමනය කරගන්නේ මෙහෙමයි. දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ අතුල්ලන්න. දෙහිවල තියෙන සිට්‍රික් ඇසිඩ් හා විටමින් සී දත්වලට සහ විදුරුමහට සහනයක් ලබාදෙනවා.

07. පිපිඤ්ඤා
පිපිඤ්ඤා පෙති භාවිතා කිරීමත් දත් කැක්කුම නැති කරගැනීමට යොදා ගන්නා තවත් එක් ක්‍රමයකි. පිපිඤ්ඤා ස්වභාවිකව සීතල වන අතර එය වේදනාව අඩු කර ගැනීමට ඵලදායී ලෙස භාවිතා කළ හැකි වෙනවා. පිපිඤ්ඤා හොඳින් පිරිසුදු කොට පෙති කපා ගන්න. විනාඩි කිහිපයක් ශීතකරණය තුළ තබා ගන්න. සිසිල් වූ පිපිඤ්ඤා පෙති ගෙන වේදනාව ඇති ස්ථානයට පිටතින් කම්මුල්වල තබාගෙන සිටින්න.

ඔයා දත් කැක්කුමෙන් පෙළෙන විට ඉහත සඳහන් ක්‍රම අනුගමනය කිරීමෙන් යම් සහනයක් ලබාගත හැකියි. නමුත් ඉහත සඳහන් පිළියම් සියල්ල තාවකාලික විසඳුමක් බව මතක තබා ගන්න. ඔයා දැඩි ලෙස වේදනා විදිනවනම් හොඳම විකල්පය වන්නේ දන්ත වෛද්‍යවරයකු වෙත යෑම යි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1425 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:58:21 PM
Script:/article/1425/answers-for-toothaches.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:58:22 PM
Script:/article/1425/answers-for-toothaches.html