මුහුණේ රැළිවැටුණු ස්වභාවය සහ ඉරිතැළුණු ස්වභාවය ඉවත් කිරීමට ඔබගේ මුළුතැන්ගෙයින් සොයා ගැනීමට හැකි අමුද්‍රව්‍ය වර්ග 4ක්

October 11, 2021
18,058
4 things from your kitchen that help you to say bye to fine lines and wrinkles
ඔබත් මුහුනේ රැළි වැටුණු ස්වභාවය සහ රේඛා ඇතිවීම නිසා කණස්සල්ලෙන්ද සිටින්නේ.. සාමාන්‍යයෙන් වයසට යනවිට සම රැළි වැටීම, ඉරි තැළුනු ස්වභාවයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර මෙයට හේතුව වන්නේ වයස්ගත වනවිට සමේ තද බව නැතිවී සම ලිහිල් ස්වභාවයක් ගැනීමයි.. වෙළදපොලේ සම වයස්ගත වන විට භාවිතා කළ හැකි ක්‍රීම් වර්ග සහ නොයෙකුත් ආලේපන විශාල වශයෙන් තිබුණත් ඒවායේ අඩංගු රසායන ද්‍රව්‍ය‍ මගින් කල්ගතවත්ම සමට හානි ගෙන එනු ලබනවා.. එමනිසා ඔබගේ මුළුතැන්ගෙය තුළ ඇති පහත අමුද්‍රව්‍ය මගින් ඔබට වඩාත් විශ්වාසදායි ප්‍රතිපල ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

1. මයෝනීස් - Mayonnaise
මයෝනීස් වල අඩංගු බිත්තර සුදුමද මගින් සමෙහි ඇදීම් ස්වභාවය වළක්වනු ලබන අතර සමෙහි වියපත් පෙනුම වළකා තරුණ බවක් සහ පැහැපත් බවක් ගෙනඑනු ලබනවා.. ඊට අමතරව හිරු කිරණවලින් සම ආරක්ශා කිරීමද සිදුකරයි.. ඔබගේ මුහුනේ රැළි ගැසුණු ප්‍රදේශයේ මයෝනිස් ආලේප කර විනාඩි 15 ක් 20ක් පමණ තබා සෝදා හැර මොයිස්චරයිසින් ක්‍රීම් ආලේප කරන්න..

2. කෝපි - Coffee
කෝපි පානයක් ලෙසද ලොව පුරා ඉතා ජනප්‍රිය අතර එමගින් ඔබගේ රූසපුව වැඩිදියුණු කර ගැනීමටද හැකියාව ලැබෙනවා. කෝපි මගින් සමේ ඇදෙන සුලු ස්වභාවය වළකා තද කරන අතර සමෙහි සෛල ප්‍රාණවත් කර දීප්තිමත් පෙනුමක් ලබාදෙනු ලබනවා. කෝපි ආලේප කරන විට සෑමවිටම ක්ෂණික කෝපි වෙනුවට ස්වභාවික කෝපි කුඩු තෝරා ගැනීමට මතක තබාගත යුතුයි. කෝපි කුඩුවලට පොල්තෙල් හෝ ඔලිව් තෙල් මිශ්‍රකර ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.

3. හරිත තේ - Green tea
කෝපි තරමටම ඔබගේ සමට ව්ශිෂ්ඨ ප්‍රතිලාභ හරිත තේ මගින්ද ලබාදෙනවා.. ඉතාමත් සෞඛ්‍ය සම්පන්න පානයක් වන හරිත තේ සම රැළි වැටිම වැනි ගැටළු රැසකට විසඳුම් ලබාදෙනවා.. එහි ඇති ප්‍රතිඔක්සිකාරක සහ විශේෂයෙන් අන්තර්ගත රයිබොෆ්ලෙවින් (riboflavin) නැතිනම් විටමින් B2 මගින් සම නීරෝගි කර සමට තරුණ පෙනුමක් ලබාදෙනවා.. එමෙන්ම හරිත තේවල අඩංගු විටමින් ඊ මගින් සමේ තෙතමනය රැකදී පෝෂණය ලබාදෙනවා.. ඔබට හරිත තේ දිනපතා පානය කළ හැකි අතර හැකිනම් හරිත තේ අඩංගු කුඩා බෑග පානයෙන් පසු විසිනොකර ශීතකරණයේ තැන්පත් කර පසුව ඇස්වලට උඩින් විනාඩි 15ක් පමණ තබාගෙන සිටින්න.. එමගින් ඇස් යට කළු ස්වභාවය වළක්වා ගැනීමට ඔබට හැකිවනවා..

4.ලෙමන් - Lemon
විටමින් සී බහුල ලෙමන් මගින් වයස්ගත වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් යන කොලජන් (collagen) යථා තත්ත්වයට පත්කිරීමට හැකියාව ලබාදෙනවා. එමෙන්ම සම මත ඇති විෂබීජ සහ බැක්ටීරියා විනාශ කර සමට පැහැපත් නීරෝගි බවක් ගෙන එනු ලබනවා. ස්වභාවික ලෙමන් යුෂ සම මත ආලේප කර විනාඩි 15 ක් පමණ තබා සෝදාහරින්න. එමෙන්ම ඔබට හැකිනම් උදෑසන අවදි වූ විගස මද උණුසුම් වතුරට ලෙමන් යුෂ මිශ්‍ර කර පානය කිරීමෙන් ශරීරය විජලනය වීමෙන් වළක්වාගත හැකිවනවා.

ඔබටත් මෙම ප්‍රථිකාර පහසුවෙන් මුළුතැන්ගෙයි වැඩකරමින් සිටින විටදීම වුවත් භාවිතා කළ හැකි අතර විශාල මුදලක් ගෙවා වෙළදපොලේ ඇති රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන භාවිතාවට වඩා විශිෂ්ඨ ප්‍රථිපල ලබාගැනීමට ඔබටත් හැකියි.. අවශ්‍ය වන්නේ ඔබගේ උනන්දුව සහ කැපවීම පමණයි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2075 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:36 AM
Script:/article/2075/4-things-from-your-kitchen-that-help-you-to-say-bye-to-fine-lines-and-wrinkles.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:37 AM
Script:/article/2075/4-things-from-your-kitchen-that-help-you-to-say-bye-to-fine-lines-and-wrinkles.html