ඔසප්වීම කියන්නේ මොකක්ද...?
ගැහැනු දරුවෙකුට පළමුවරට ඔසප් වීම මල්වර වීම ලෙස හැඳින්වේ. ඔසප් වීම ආරම්භ වූ දින සිට එම දැරිය පුරුෂයන්ගේ ඇස ගැටීම වළක්වමින් දින ගණනාවක් නිවසින් බැහැරට යෑමට නොදී විවිධ චාරිත්‍ර ඉටු කිරීම ශ්‍රී ලාංකීය සමාජය තුළ අදටත් එලෙසින්ම දැකිය හැකිය. සෑම ගැහැනු දරුවෙකු ම එකම වයසේ දී මල්වර නොවේ. ඒ සඳහා පෝෂණ තත්වය, ආරය, පාරිසරික සාධක බලපායි.
මල්වර වීමෙන් පසුව ඔසප් වීම
මල්වර වීමෙන් පසුව ඔසප් වීම සාමාන්‍යයෙන් දවස් 28කට වරක් චක්‍රයක් ලෙස සිදු වන නමුත් පළමු වසර 2-3 තුළදී අක්‍රමවත්ව විය හැකිය. ඔසප් දිනවල දී නෑම නිසා රුධිරය කැට ගැසීම මගින් රෝගාබාධ ඇති වන බව මිථ්‍යා මතයකි. රුධිරය වහනය වීමක් සිදු වන නිසා මේ කාලය තුළ පිරිසිදුව සිටීම අනිවාර්ය වේ. ඔසප් දින අපිරිසිදු (කිලි) කාලයක් ලෙස සමහරු සලකති. එහෙත් මේ පිටවන්නේ තම ශරීරයේ ම රුධිරයයි.
තුවාලයක් වූ විට ගලන රුධිරය හා මේ අතර ඇති වෙනස්කම වන්නේ ශ්ලේෂ්මල හා ගර්භාෂ පටක ස්වල්පයක් ද මේ සමග පිට වීමය. සිරුරේ පිරිසිදුකම රැකගැනීමත්, සනීපාරක්ෂක තුවා හා අපද්‍රවය නිසි ලෙස බැහැර කිරීමත් ගැහැණු දරුවන්ගේ වගකීමයි. ඔසප් කාලය තුළ මස්, මාංශ (පිළී ආහාර) නොගත යුතු බවට මිථ්‍යා මතයක් ඇත. මෙය වර්ධන අවධියක් බැවින් ප්‍රෝටීන් අවශ්‍යතාව වැඩිය. මස්, මාංශ, කිරි, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර මේ කාලයට ගැනීම වැදගත්ය. බඩ රිදීම, කොන්ද රිදීම වැනි සුළු තත්ව ඔසප් කාලයට ඇති විය හැකි නමුත් අපහසුතාවක් නැති නම් ක්‍රීඩාවලින් වැළකිය යුතු නැත. සාමාන්‍ය
ලෙස දින චර්යාවේ යෙදීම සුදුසුය.
දකුණු ආසියානු රටවල සෑම සිසුවියන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ඔසප් කාලය ඇතුළත පාසල් නොපැමිණෙන අතර, ශ්‍රී ලංකාවේ තත්වය මීට වඩා බරපතල බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ වැඩිවියට පත් පාසල් දැරියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත පාසල් යාමෙන් වැළකී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 දී සිදු කළ සමීක්ෂණයකට අනුව සැකසුන වාර්තාවක සඳහන් වේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගෙන් 60%ක් ඔසප් වීමේ දී පිටවන
රුධිරය අපිරිසිදු ලෙස සිතන අතර, 80%ක් සිතන්නේ එම කාලය තුළ නෑම නොසුදුසු බව යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සිදු කළ සමීක්ෂණයක දැක්වේ. එවැනි ආදේශක පැළඳගෙන යාමේ දී මෙන්ම පිරිසිදු කිරීමේ දී ඇතිවන දැඩි අපහසුතා මඟහැරීම සඳහා මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත සිය දෛනික කටයුතුවල යෙදීමෙන් සහ නිවසින් බැහැරට යාමෙන් වැළකී සිටීමට සමහර කාන්තාවෝ පෙළඹෙති.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මාසික ශුද්ධිය හා බැඳුණු අගහිඟකම් ගැන රොයිටර් පුවත් සේවයේ පළ වූ ලිපියකට කරුණු දක්වමින් කොළඹ කිතුල්වත්තේ පදිංචි රිෆ්කා පැවසුවේ ඔසප් කාලය ඇතුළත රෙදිවර්ග භාවිත කළත් එයින් දැඩි අපහසුතාවලට මුහුණ දුන් බවය. “අපි වතුර ලබාගන්නේ පොදු පයිප්පයකින්. ඔසප් කාලයේ දී අඳින රෙදි සෝදාගන්න පෝලිමක ඉන්න ඕනේ” යැයි 24 හැවිදිරි රිෆ්කා රොයිටර් පුවත් සේවයට පැවසීය. “අපි ඒවා සඟවාගෙන යන්නේ. ඒ වගේම ලැජ්ජාව නිසා ඒවා වේලන්නෙත් හොරෙන්. ගොඩක් වෙලාවට ඒ රෙදි හරියට වේලෙන්නේ නැතුව තද ගතියකට හැරෙනවා.”
“සනීපාරක්ෂක තුවා එළිපිට මිල දී ගැනීම කාන්තාවන්ට නුසුදුසු දෙයක්” බවට පසුගියදා පුවත්පතක සඳහන් වීමත් සමග ඔසප් වීම සහ ඒ පිළිබඳ ඇති මිථ්‍යා මත ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල කතිකාවක් ගොඩනැගිනි. කෙසේවෙතත්, කාන්තාවන්ගේ ඔසප් වීම ගැන ශ්‍රී ලාංකීය සමාජය තුළ ප්‍රසිද්ධියේ කතා කරන්නේ අතලොස්සක් පමණි. මාසික ඔසප් චක්‍රෙය් තිබෙන ශාරිරික අපහසුකම් සමගම ඒ වෙනුවෙන් භාවිතා කරන සනීපාරක්ෂක තුවායන් ගැනත් තිබෙන්නේ එක්තරා ආකාරයක අපහසුවක්.
ඒ ඇයි කිව්වොත්,
මේවා සනීපාරක්ෂිතද...?
ඒවායේ මිළ දරන්න පුලුවනිද...?
පරිසරයට හිතකාමී විදිහට බැහැර කරන්න පුලුවනිද...? දිරාපත් නොවන මෙම ද්‍රව්‍ය මුහුදු වෙරළවල පවා ගොඩගැසී තිබෙන බව “මැරීන් කොන්සර්වේටිව් සොසයිටි”(Marine Conservation Society) 2017 දී පළ කළ වාර්තාවක දැක්වේ. කපු පුළුන් සහ දියර නොදිරන ප්ලාස්ටික් මිශ්‍ර ද්‍රවයකින් නිම කෙරෙන සනීපාරක්ෂක තුවා පරිහරණයෙන් පසු ඉවත ලෑමෙන් පරිසරයට දැඩි හානි සිදු වේ.
සනීපාරක්ෂක තුවාවල මිල ගණන් සහ පරිසරයට අහිතකර බව මුල් කරගෙන ලොව පුරා කාන්තාවන් බොහෝ දෙනෙකු ඔසප් කාලය ඇතුළත “නැවත භාවිත කළ හැකි” නිෂ්පාදනවලට යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ගූගල් සෙවුම් දත්ත අනුව පෙනී යන්නේ අන්තර්ජාලය ඔස්සේ ද එවැනි නිෂ්පාදන ගැන සොයා බැලීම් වැඩි වී තිබෙන ආකාරයයි.
ඔන්න ඔය වගේ දහසකුත් එකක් ප්‍රශ්න ඉදිරියේදී දැන් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිර්මානය කරන ලද ‘‘මෙන්ස්ට්‍රල් කප්” නැමැති උපාංගයක් නිපදවා තිබෙනවා. මේ උපංගයේ තිබෙන වඩාත් වැදගත්ම අංගය විදිහට එය නැවත නැවත පාවිච්චි කිරීමේ පහසුව පෙන්වා දෙන්න පුලුවනි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මුල් වීමෙන් සිදු කරන මෙම උපාංගයේ ඇති වාසි කීපයක් තිබෙනවා.
පරිසර හිතකාමීයි
වියදම් අඩුයි
ඉතාම පිරිසිදුයි.
මේ උපාංගය සමග ඕනෑම ඇඳුමක් අඳින්න පුලුවනි. ඒ වගේම ඕනෑම ක්‍රිඩාවක යෙදෙන්න පුලුවන්. කොටින්ම කිව්වොත් පීනන්න වුනත් පුළුවනි.
බී.බී.සී පුවත් සේවය මේ පිලිබදව තබා ඇති සටහන මෙසේය.
මෙන්ස්ට්‍රල් කප් එක පැය 8 ත් 15ත් අතර කාලයක් පැළඳගෙන ඉන්න පුලුවන්.
මේ උපාංගය මගින් ඔසප් කාලයේ පිටවන රුධිරය එකතු කරන එක නිසා යෝනි මාර්ගය අනවශ්‍ය විදියට වේලෙන්නේ නැහැ.
ප්ලාස්ටික් මිශ්‍ර තුවා භාවිත කිරීමෙන් ඇතිවන ආසාත්මිකතා ද මඟ හරවා ගන්න පුළුවන්
පාවිච්චියෙන් පසුව එළියට අරගෙන සෝදා පිරිසිදු කර නැවත පළඳින්න පුළුවන්.
එන්.ඒ.පි.සි