රුව ගුණ වඩවන තෙලක් නම් ඒ ඔලිව් තෙල් තමයි

August 10, 2018
16,051
Oil for health and beauty, its Olive Oil
ඔලිව් තෙල් කියන්නේ මිලෙන් ටිකක් වැඩි ඖෂධීය සංඝටක රැසක් අන්තර්ගත තෙල් වර්ගයක්. ඔලිව් ඔයිල්වල මිල වගේම ගුණත් බොහොමයි. ලස්සන වෙන්න වගේම මිනිස් සිරුරේ බොහෝ රෝග තත්ත්වයන්ට ඖෂධයක් විදිහට ඔලිව් තෙල් භාවිත කරන්නත් පුළුවන්. ඔලිව් තෙල් ඔයාගේ රුවට වගේම ඔයාගේ ශරීර සෞඛ්‍යයට වැදගත් වෙන්නේ කොහොමද කියලා දැන ගන්න ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ.

ඔයාගේ සමට

ඔලිව් තෙල් කියන්නේ ඔයාගේ රුව වගේම රෝග රැසකට ඖෂධයක් කියලා ඔයා සමහරවිට දන්නවත් ඇති. ඔයාගේ සම පැහැපත් බවට උපකාර වන වටිනා සංඝටක රැසක ඔලිව් තෙල්වල අන්තර්ගත වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මෙපමණයි. ඔලිව් තෙල් ලුණු ස්වල්පයක් සමග මිශ්‍ර කර ඔයාගේ මුහුණේ කුරුළෑ, ඇක්නි සහ බ්ලැක් හෙඩ්ස් තියෙන තැන්වල ආලේප කරන්න. ඒ වගේම ඔයාට තියෙන්නේ වියළි සමක් නම් ඔයාගේ සමේ තෙතමනය පවත්වා ගැනීමේ හැකියාව ඔලිව් ඔයිල් සතුව පවතිනවා. ඒ ඔලිව් තෙල් භාවිත කිරීම මගින් ඔයාගේ සිරුර සම්බාහනය කරන්නත් පුළුවන්. එමගින් ඔයාගේ සමට තෙතමනය හා නිරෝගී පැහැපත් පෙනුමක් ලබා පුළුවන්.

ඔස්ටියෝපොරොසිස්

අද ගොඩක් කාන්තාවන්ට තියෙන ගැටලුවක් තමයි ඔස්ටියෝපොරොසිස් කියන්නේ. ඔයා ඔලිව් තෙල් ආහාරයට එකතු කර ගත්තොත් මේ ගැටළුවෙන් යම්තාක් මිදෙන්න හැකියාවක් තියෙනවා. ඔලිව් තෙල් ආහාරය එකතු කර ගැනීමෙන් ඔයාගේ සිරුරේ අස්ථීවලට අවශ්‍ය ඛනිජ ලවන පහසුවෙන් අවශෝෂණය කර ගත හැකියි. ඒ විතරක් නෙමෙයි කැල්සියම් අවශෝෂණය කර ගන්නා වේගයද වැඩි වෙනවා. ඔයාගේ අස්ථීවල නිරෝගී පැවැත්ම එමගින් තහවුරු වෙන අතර ඔස්ටියෝපොරෝසිස් අවදානමින්ද ඔබව මුදවාලනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම ඔයාගේ ආහාරයට ඔලිව් තෙල් එකතු කර ගන්න අමතක කරන්න එපා.

හෘද රෝග අවධානම අඩුකර ගත හැකියි

බොහෝ දෙනෙක් අද මිය යන බෝ නොවන රෝගයක් තමයි හෘද රෝග. ඔලිව් ඔයිල් ආහාරයට එකතු කර ගැනීම තුළින් සිදු වෙන්නේ ඔයාගේ සිරුරේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමයි. මේ හැකියාව ඔලිව් ඔයිල් සතුව පවතිනවා. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කරලා රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක් ඔලිව් ඔයිල් මගින් ලබා දෙනවා. ඔලිව් ඔයිල් මේද තේ හැදි දෙකක් දිනකට ඔයාට ආහාරයට ලබා ගන්න පුළුවන් නම් ඔයාගේ සිරුරේ ධමනිවල නම්‍යතාවයට එය වඩාත් ඉවහල් වෙනවා. ඔයාට හෝ ඔයාගේ පවුලේ කෙනෙක්ට හෘද රෝග තිබෙනවා නම් අද ඉඳලා ඔයාගේ ආහාරයට ඔලිව් තෙල් එකතු කර ගන්න අමතක කරන්න එපා.

දියවැඩියාව

ගැහැණු පිරිමි බේදයකින් තොරව ගොඩක් දෙනෙක් පීඩා විදින බෝ නොවන රෝගයක් තමයි දියවැඩියාව කියන්නේ. ශරීරයට හිතකර සංතෘප්ත මේදය ඔලිව් තෙල්වල අන්තර්ගතයි. කාබෝහයිඩ්‍රේට් ජලයේ දියවෙන කෙඳි සහිත පළතුරු, එළවලු හා ධාන්‍ය වර්ගද දියවැඩියාව පාලනය කරනවා. ඔයා ඔලිව් තෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් ඔයාගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමටද හැකියාව තියෙනවා. මේ තරම් ගුණ තියෙන ඔලිව් තෙල් ආහාරයට එකතු කර ගන්න අමතක කරන්න එපා.

හිස්හොරි අවම කර ගන්න

ඔලිව් තෙල් කියන්නේ ඔයාට නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න පුළුවන් ඔයිල් වර්ගයක්. ඔයාගේ හිසකෙස් වියළි බවින් යුක්තයි නම්, හිස්හොරි වලින් පීඩා විදිනවා නම් මේ ගැටළු මග හරවා ගන්න ඔලිව් තෙල්වලට පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙචරයි. ඔලිව් තෙල් හිසේ ගල්වා ඇඟිලි තුඩු මගින් සියුම්ව රවුම් ආකාරයට සම්බාහනය කිරීමෙන් ඔයාගේ හිසකෙසවලට දිදුලන නිරෝගී බවක් ලබාගත හැකියි. සතියකට වරක් හෝ දෙවරක් ස්නානය කිරීමට පෙර මෙම සත්කාරය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගක හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1011 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:11:33 AM
Script:/article/1011/oil-for-health-and-beauty-its-olive-oil.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:11:33 AM
Script:/article/1011/oil-for-health-and-beauty-its-olive-oil.html