දරුවෙක් කුසේ තියාගෙන අහුවෙන අහුවෙන දේ කන්න එපා

May 31, 2018
9,395
Do not eat anything and everything when you are pregnant
කිරි සිහිනය සැබෑවක් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා මවක් මොනතරම් නම් ඒ ගැන හිතනවද? කොච්චර පරිස්සම් වෙනවද? ආහාරපාන, ගමන් බිමන් වගේම එදිනෙදා දින චර්යාව ගත කරන එක පවා සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරනවා. මොකද ඒ හැම දෙයක්ම කුස තුළ වැඩෙන දරුවාට බලපෑම් කරන්න පුළුවන් නිසා. ගර්භනී කාන්තාවක් තමන් විසින් ලබාගනු ලබන ආහාරපාන පිළිබඳව අතිශය සැලකිලිමත් විය යුතුයි. මොකද ආහාර පාන කියන්නේ සෘජුවම දරුවාට බලපාන දෙයක් විශේෂයෙන් මවක් ලබා ගන්නා ආහාර ඇතැම් විට ගබ්සාවීම් වලට පවා හේතුවෙන්න පුළුවන්.

වෙනදා පුරුදු විදියට ආහාරපාන ගත්ත වගේ මේ කාලේදී කන්න බොන්න බැහැ. හිතෙන හිතෙන දේවල් හිතෙන හිතෙන වෙලාවල් වලට කන බොන එක නම් ඒ තරම් හොඳ නැහැ.ඒ නිසා විශේෂයෙන් ගර්භනි මවකට සුදුසු ආහාර මොනවාද? වැඩිපුරම පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වන ආහාර මොනවාද කියන එක ගැන වගේම දිනපතාම ඒ ආහාර තමන්ගේ ආහාර වේලට එකතු කර ගන්න අමතක නොකළ යුතුයි.

සෞඛ්‍ය සම්පන්න හා ආරක්ෂිත ආහාර පාන ලබාගත යුතුයි. ගර්භනී සමයේ මවක් ආහාර පාන ලබා ගනිද්දී මුලින්ම අවධානය දෙන්න ඕන ඒ ආහාර වල සුරක්ෂිත බාවයට. කාර්යබහුල බව නිසා ගොඩක් මව්වරු නිවසේ රැඳෙන්නේ හරිම අඩුවෙන්. එහෙම වෙද්දී බඩගින්න නිවා ගන්න අහුවෙන දෙයක් කන්න සිද්ධ වෙනවනේ. විශේෂයෙන් දිනපතා රැකියාවට යන කෙනෙක් නම් මේ කියන දේ අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒත් ඉතින් එහෙමයි කියලා ඒක අනුමත කරන්න බැහැ.

වෙළඳ පොලෙන් මිලදී ගන්න ආහාර වල නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් වීමේ දිනය අවධානයෙන් බැලිය යුත්තක්. කල් ඉකුත් වූ ආහාර සහ නියමිත උෂ්ණත්වය යටතේ ගබඩා නොකර ආහාර වර්ග වල අහිතකර විෂ රසායනිකයන් ඒවායේ වර්ධනය වූ බැක්ටීරියාවන් මවගේ ශරීර ගත වුනොත් වමනය, පාචනය වගේ තත්ත්වයන් ඇති වෙන්නත් දරුවාට අහිතකර බලපෑම් ඇති කරන්නත් ඉඩ තියෙනවා.

මේ කාලේදී සකස් කළ මස් වර්ග ආහාරයට ගැනීමෙන් සම්පුර්ණයෙන් වැළකෙනවා නම් තමයි හොඳම දේ. ඒ කියන්නේ සොසේජස්, මීට් බෝල්, හැම්, බේකන් වගේ ආහාර ඒ වගේම, කෘතීම ආහාර සහ සුරක්ෂිත ලෙස පිස නොගත් ආහාර ලබා ගැනීමෙන් කුස තුල වැඩෙන කලලයට දැඩි බලපෑම් ඇති කරනවා. මොකද ඒවගේ ඇති අහිතකර රසායනික වලට ඔරොත්තු දීමේ හැකියාවක් කුඩා කලලයකට නැහැ.

ඒ වගේම ටින් කල ආහාර තෝරා ගන්මේදීත් ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. මේ කාලේදී ඒවගේ ආහාර නොගන්න තරමට හොඳයි. එහෙම නැත්තන් කලින් කිව්වා වගේ කල් ඉකුත් වීමේ දිනය ගැන වගේම ඇසුරුම් වල පළුදු තියෙනවාද කියලා හොඳින් පරික්ෂා කරන්න. ඒ වගේම ආපන ශාලා, හෝටල් වැනි ස්ථාන වලින් ආහාර ගැනීම හැකි තරම් අවම කරන්න. මොකද ඒවායේ සුරක්ෂිත බව හා පෝෂණ ගුණය ගැන විශාසයක් තැබිය නොහැකියි.

ඒ වගේම අලුත් පලතුරු දිනපතා ආහාරයට එක් කර ගන්න. නමුත් හැම පලතුරක්ම ගර්භණි සමයේදී සුදුසුයි කියලා අනුමත කරන්න බැහැ. විශේෂයෙන් අන්නාසි, ගස්ලබු වගේ අහාර ගර්භනී මවකගේ ආහාරයට ගන්නේ නැහැ කියන එක ඔබ දැනටමත් දන්නව ඇති. මොකද විටමින් සී බහුල ආහාර ගබ්සා වීම් ඇති කරන්න හේතු වෙනවා.

එළවලු පිස ගනිද්දී අනවශ්‍ය විදියට තම්බන්න එපා. ඒ එහෙම වුනොත් ඒවායේ ඇති පෝෂණ ගුණයන් විනාස වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම එළවලු වලින් සලාද වැනි දේ සකස් කර ගනිද්දී ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. කෘමි නාශක, වල් නාශක වගේ අහිතකර රසායනිකයන් වලින් වන බලපෑම් කුස තුළ වැඩෙන කලලයට දරා ගන්න බැහැ.

සැර අධික කුළුබඩු ආහාරයත් දරුවාට අහිතකර විදියට බලපානවා. ඒ අධික සැර කුළුබඩු වර්ග ආහාරයට ගැනීමෙන් වලකින්න. තක්කාලි, සැමන්, අන්නාසි වගේ ආහාර සමහර අයට විවිධ අසාත්මිකතා ඇති කරනවා. ඒ වගේ ඔයාට අසාත්මිකතා ඇති වෙන ආහාර වර්ග තියෙනවා නම් ඒවායින් වලකින්න.

දරු ගැබ කුස දරා ගෙන ඉන්න කාල සීමාවේදී නොදැනුවතකමින් හරි මේ ආහාර වර්ග ගත්තොත් කුස තුල වැඩෙන කළලය ගබ්සා වෙන්න, කලලයට අහිතකර බලපෑම් ඇති කරන්න තියෙන ඉඩ ඉතා වැඩියි. විශේෂයෙන් ගැබ් ගත් මුල් මාස කීපයේදී මේ ආහාර ගැනීමෙන් ගබ්සා වීමේ ප්‍රතිශතය තවත් වැඩියි. ඒ නිසා වැරදීමකින් වත් මේ ආහාර නොගන්න පරිස්සම් වෙන්න මතක තියා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 839 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:00:14 AM
Script:/article/839/do-not-eat-anything-and-everything-when-you-are-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:00:15 AM
Script:/article/839/do-not-eat-anything-and-everything-when-you-are-pregnant.html