මේක දරු සුරතල් බලන්න ඉන්න හැම ගැහැනියකටම වැදගත් කතාවක්

July 26, 2020
10,672
Important facts for a mom to be
දරු සම්පත කියන්නේ හැම අම්මා, හාත්තා කෙනෙක්ගෙම සම්පත. ඒ ගැන වචන දෙකක් නැහැ. එහෙම වුනත් ඒ උපදින දරුවා නිරෝගී දරුවෙක් වුනේ නැත්තන් එක දරුවටත් දෙමව්පියන්ටත් මොන තරම් වේදනාවක්ද කියන එකත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. අන්න ඒ නිසයි දරුවා ඉපදුනාට පස්සේ වගේම මව් කුස තුල වැඩෙන අවදියේදීත් දරුවාගේ නිරෝගී බාවය ගැන වැඩි සැළකිල්ලක් දැක්විය යුත්තේ. විශේෂයෙන්  ගර්භනී  අවදියේදී කලලයට සිදු වන අනතුරු හේතුවෙන් දරුවාට පසු කාලීනව විවිධ රෝගී තත්ත්වටන්, ආබාධ, සංකුලතා ඇති වෙන්න පුළුවන්.

මෙන්න මේ හේතු නිසා ගර්භනී සමය ගත කරන ඔබ ඔබෙත් කුස තුල වැඩෙන දරුවාගේත් ආරක්ෂාව ගැන වැඩි අවදානයක් දිය යුතුයි. විශේෂයෙන් මුල් මාස  කිහිපය තුලදී. ඔබ ගැබ් ගෙන කියලා හරියටම නිවැරදිව තහවුරු කර ගත්තට පස්සේ අනිවාර්යෙන් මේ දේවල් නම් අමතක කරන්න එපා. ඔබ දියවැඩියාව, හදවත් රෝග ආදී රෝගාබාධය වලින් පෙළෙනවා නම් අනිවාර්යෙන් ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

ඒ වගේම ඔබ කිසියම් රෝගයකට දිගු කාලීනව ඖෂධ පාවිච්චි කරනවා නම් තව දුරටත් ඒ ඖෂධ පාවිච්චිය සුදුසු වෙන්නේ නැහැ. හැකි ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා හමු වී අවශ්‍ය උපදෙස් හා දරු ගැබට හානි නොවන ඖෂධ වලට මාරු වෙන්න.

දරු සම්පත අපේක්ෂාවෙන් සිටින හැම කාන්තාවක්ම ගැබ් ගැනීමට ප්‍රථමව අවමය මාස තුනක කාලයක සිට වත් ෆෝලික් අම්ලය ලබා ගත යුතුයි. නමුත් සැලසුම් කිරීමකින් තොරව සිදු වන ගැබ් ගැනීමකින් පසුව පළමු මාසයේ සිටම අනිවාර්යෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම කිසි ලෙසකින් මඟ නොහැරිය යුතුයි.  ෆෝලික් ඇසිඩ් කියන්නේ දරුවාගේ කායික වර්ධනයට වගේම බුද්ධි වර්ධනයටත් අතිශය වැදගත් වෙන්න්නක්. එය නොලැබී යාම නිසා පසුකාලීනව දරුවාට විවිධ සංකුලතා ඇති වෙන්න පුළුවන්.

ගර්භනී සමයේදී අනිවාර්යෙන් වතුර වැඩිපුර පානය කිරීම අත්‍යාවශ්‍යයි. මේ කාලයේදී මවගේ ශරීරයේ උණුසුම තරමක් ඉහල යනවා. ශරීර උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමේ පවත්වා ගන්න වතුර තමයි තියෙන හොඳම විසඳුම. එයින් දරුවාගේ සම මෘදුව තබා ගන්නත් සම වියලිමෙන් ආරක්ෂා කර ගන්නත් පුළුවන්.

ඒ වගේම මේ අවදියේදී මුත්‍රා ආසාදන ඇති වීම වලක්වා ගත යුතුයි. මුත්‍රා ආසාදන ඇති වීම කෑම අරුචිය ඇති වෙන්න හේතුවක්. ඒ වගේම විෂබීජ ශරීර ගත වීමටත් වැඩි ඉඩකඩක් තියෙනවා. මේ විෂබිජ කලලය ගබ්සා වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා වැඩි පුර වතුර බොන්න අමතක කරන්න එපා.

ඒ වගේම වතුර පානය කරද්දී අනිවාර්යෙන් උණු කර නිවා ගත් සහ පෙරා ගත් පිරිසිදු ජලය පානය කිරීම අනිවාර්ය කාරණාවක්. මොකද කුස තුල වැඩෙන දරුවාගේ ආරක්ෂාව තමයි අංක එක වෙන්නේ. එසේ කිරීම මඟින් විෂබීජ හෝ හානිකර බැක්ටීරියා, වෛරස් හෝ විවිධ අහිතකර රසායනික හා අප ද්‍රව්‍ය ඔබේ සිරුරට ඇතුළු වීම වළක්වනවා. එය බෝවන රෝග වලින් ඔබව ආරක්ෂා කරනවා. කළලයත් සුරකිනවා.

ඒ වගේම ආහාර පාන ගැනත් ඔබ අතිශය ප්‍රවේසම් විය යුතුයි. ගර්භනී සමයේ ඔබ ලබා නොගත යුතු ආහාර ගැන මිට කලින් දැනුවත් කරා. ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න, තවත් දෙයක් තමයි සෙම ඇති කරන්න හේතු වෙන ආහාරත් හැකි තරම් අවම කරන්න. කල් පවතින සෙම විවිධ ආසාදන ඇති කරන්න හේතුවක් වෙනවා.

ඔබට ලැබෙන්න යන වටිනාම සම්පත රැක ගන්න එක තියෙන්නේ ඔබේ අතේමයි. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1727 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:34:00 PM
Script:/article/1727/important-facts-for-a-mom-to-be.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:34:01 PM
Script:/article/1727/important-facts-for-a-mom-to-be.html