සතුටින් ජීවත්වන යුවළවල් අතර මේ පොදු දේ දකින්න තියෙනවා

September 28, 2021
6,946
Happiest couples have this one thing in common
සබඳතාවල නොයෙකුත් හැලහැප්පීම්, දුක, සතුට ආදි සියල්ල පවතින අතර අවසානයේ ඒ සැමටම වඩා ඔබ දෙදෙනාගේ සබඳතාව‍ය තුළ ඔබ දෙදෙනාම සතුටින් පසුවීමයි වඩාත් වැදගත් වන්නේ.. එකිනෙකා කෙරෙහි වන අවබෝධය, ගෞරවය, විශ්වාසය, කැපකිරීම මගින් වඩාත් තෘප්තිමත් සහ ප්‍රීතිමත් සබඳතාවයක් ගොඩනගා ගත හැකි ‍වනවා මෙන්ම ඒවා යහපත් සබඳතාවයක් සඳහා අත්‍යවශ්‍ය කාරණාද වනවා.

නමුත් ඔබ දන්නවාද Martin Luther University Halle-Wittenberg (MLU) සහ University of Bamberg විශ්වවිද්‍යාල වල කල නවතම අධ්‍යනයකින් ප්‍රීතිමත් සබඳතාවයක් සඳහා ඉතා වැදගත් වන තවත් කරුණු පිළිබඳව අනාවරණය කර තිබෙන බව.. එසේ නම් මෙන්න ප්‍රීතිමත් යුවළවල් සතුටින් සිටීමට බලපා ඇති හේතුව.. බලන්න ඔබ දෙදෙනා අතරත් මෙය තිබෙනවාද කියා..


එකිනෙකා සතු බලය...



මෙහිදි බලය යනු මිනිසුන්ට බලපෑම් කිරීමට හැකි වීම සහ අන් අය ඔබට බලපෑම් කිරීමට දරන උත්සාහයට සාර්ථක ලෙස එරෙහි වීම ලෙස පර්‍යේෂකයන් අර්ථ දක්වා ඇත. ඒ වගේම දෙදෙනෙකු අතර සබඳතාවය ප්‍රීතිමත් හා ශක්තිමත් වීමට එකිනෙකා සතු බලය ප්‍රයෝජනවත් වන බවයි. එමෙන්ම තමා සතු බලය උපයෝගි කරගෙන සබඳතාවය තුළදී තමාට වැදගත් වන ගැටළු සහ කාරණා පිළිබඳ තීරනය කිරීමේ බලය ඔවුන් දෙදෙනාම සතු වනවා. දෙදෙනාම එකිනෙකා සතු බලය පිළිබඳ වගකීමෙන් සහ ගරු කොට කටයුතු කරනවා.


එකිනෙකා අභිබවා යාමෙන් වැළකී දෙදෙනාම තම බලය භාවිතා කිරීම



පර්යේෂකයන්ට අනුව සබඳතාවයකදී තෘප්තිමත් වීම සඳහා බලපානු ලබන ප්‍රධානතම කාරණාව වන්නේ දෙදෙනා අතර සමාන ශක්තියක් හෝ බලයක් තිබීම නොවේ... දෙදෙනා සතු බලය පිළිබඳ වන පෞද්ගලික විශ්වාසය සහ මට්ටමයි. විශේෂයෙන් මෙය දෙදෙනා අතර තීරණ ගැනීමේදි ඉතා වැදගත් වනවා.. උදාහරණ ලෙස ඊළග නිවාඩුවට කොහේ යා යුතුද යන්න තීරණය කිරීමට බිරිඳට අවශ්‍ය නම්, රාත්‍රී ආහාරය සඳහා කොහේ යා යුතුද යන්න සැමියාට තීරණයකිරීම වගේ දේවල්..

එමෙන්ම ප්‍රීතිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීමට නම් තමන් දෙදෙනාගේ ජීවිතයේ වන තෝරාගැනීම්, තීරණ ආදිය සඳහා දෙදෙනාගේම දායකත්වය ලබා දීම, ලබා ගැනීම වැදගත් වනවා. විශේෂයෙන් විවාහය තුල තීරණගැනීමේ හැකියාව පිළිබඳ දෙදෙනා තුල ඇති හැඟීම සබඳතාවයේ ගුණාත්මකභාවය කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. එමෙන්ම නිදහසේ කටයුතු කිරීමේ හැකියාව තිබීමද සබඳතාවයට ඉතාමත් වැදගත් බවයි පර්යේෂකයින් පවසන්නේ..


විවාහය තුල බල තුලනය සඳහා ස්ත්‍රී පුරුෂභාවය එතරම් වැදගත් නොවේ



අතීතයේ සබඳතාවලදි කාන්තාවට වඩා පිරිමියා බලවත් වීම් නිරතුරුව දැකීමට හැකිවූ කාරණයක්.. නමුත් වර්ථමානයේ සබඳතා තුල කාන්තා පිරිමි දෙපාර්ශවයම සමාන ලෙස කටයුතු කරන අතර එය සබඳතාවයන් වඩාත් සාර්ථක වීම කෙරෙහි බලපා ඇත.


ඇතැම් සාම්ප්‍රදායික කරුණු තුල පිරිමින් තවමත් බලවත් වි සිටීම



කාලය ගත වීමත් සමග සමාජයේ ස්ත්‍රී පුරුෂ භූමිකාවන් වෙනස් වී තිබෙනවා.. අතීතයේ ළමයින් බලාගනිමින් ගේ දොර කටයුතු කරමින් නිවසට වී කටයුතු කල කාන්තාව වර්ථමානයේ පිරිමින් හා උරෙනුර ගැටෙමින් කටයුතු කරනවා. නමුත් පර්යේෂකයන් පවසන ආකාරයට ඉහළ වැටුප්, ඉහළ අධ්‍යාපනය ලැබීම වැනි සාම්ප්‍රදායික කාරණා තුල තවමත් පිරිමින් ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම යම් යම් දේවල් ගැන තීරණ ගැනීමේදී තවමත් පිරිමින් ඉදිරියෙන් සිටින බවයි.

එහෙත් පර්යේෂකයන් පවසන්නේ එම කාරණා ප්‍රීතිමත් යුවළක් අතරවන සබඳතාවයේ ගුණාත්මකභාවය කෙරෙහි බලනොපාන බවයි. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ බොහෝ කාන්තාවන් තම සහකරු හට සබඳතාවය තුලදී ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට ඉඩදීමෙන් සතුටුවන බවයි.

තම සබඳතාවය පිළිබඳ හැගෙන ආකාරය සහ එහි වැදගත්කම පිළිබඳ ප්‍රකාශ කිරීමට දෙදෙනාටම හැකිවූ බවක් හැගෙන බව මෙම අධ්‍යනය සඳහා සහභාගි වූ යුවළවල් බොහෝමයක් පවසා තිබුණි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2073 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:07:44 PM
Script:/article/2073/happiest-couples-have-this-one-thing-in-common.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:07:45 PM
Script:/article/2073/happiest-couples-have-this-one-thing-in-common.html