උයන පිහන වෙලාවට වැදගත් ටිප්ස් ටිකක්

December 2, 2019
4,308
Useful tips to use in kitchen
අර්තාපල් තම්බන විට කහ සහ තෙල් බින්දු කීපයක් එක් කරන්න.

මස් උයන විට මීපැණි තේ හැන්දක් එකතු කරන්න. රස සහ සුවඳ වැඩි වේවි.

බිත්තර ශීතකරණයේ තබා ගන්නවා නම් ඒවා බීට් කිරීමට පෙරාතුව විනාඩි කීපයක් උනුවතුරේ ගිල්වා තබන්න.

ව්‍යංජන තෙම්පරාදු කිරීමට පෙරාතුව සුලුළූණු බික් කීපයක් කපා තෙලට දමන්න. කොලස්ටරෝල් සිරුරට එකතු වීම වැලකෙනවා.

බිත්තර තම්බා ගෙන පහසුවෙන් කටු ඇර ගැනීමට නම් බෝතලයක දමා කට වසා සොලවන්න. එවිට පහසුවෙන් කටු ඉවත් වේවි.

පාන් පරණ වුනාම ඉවත දාන්න එපා. ඒවා හුමාලයෙන් යාන්තමින් තම්බා නැවත ආහාරයට ගන්න පුලුවනි. රයිස් කුකරයේ බත ඉදුනාට පසුව කොලන්ඩෝරය තබා ඒ මත පාන් පෙති අතුරන්න. අද රාත්‍රි ආහාරයට ගෙනා ඉදිආප්ප ඉතිරි නම් පහුවදාට මේ ක්‍රමයටම රයිස් කුකරය මත තබා තම්බා ආහාරයට ගත හැකියි.

ඔබේ ගෑස් උදුන මත තෙල් පැල්ලම් ඇත්නම් ලුණු කුඩු ජලයේ මිශ්‍ර කර ගෙන තුවායක් එහි පොගවා තෙල් පැල්ලම් පිස දාන්න.

නිවසේ පාවිච්චි කරන විදුරු අඳුරු පටලයකින් යුක්ත වුනාම බොහෝ දෙනෙකුට ඒවායින් පානය කිරීමත් අප්‍රසන්නයි. ඒ නිසා බේකිං සෝඩා ආලේප කිරීමෙන් පසුව ස්පොන්ජ් එකකින් අතුල්ලා සෝදා ගන්න.

ආහාර සුලං නොවදින සේ අසුරන විට එහි කටට ඇලුමිනියම් ෆොයිල් එකක් තබා සීල් කර ගන්න. ආහාර පෙගීම වලක්වා ගත හැකියි.

කහ, ඉගුරු වැනි දේ ඇලුමිනියම් හැන්දක් ආධාරයෙන් සූරා ගන්න.

එන්. ඒ. පී. සී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1468 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:29 PM
Script:/article/1468/useful-tips-to-use-in-kitchen.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:30 PM
Script:/article/1468/useful-tips-to-use-in-kitchen.html