තුරුල් කරගෙන ඉන්න කොට්ටය අතාරින්න පුළුවන්ද?

March 29, 2017
5,676
Controlling bad sleep habits
පුංචි කාලේ අම්මලා දරැවන්ව නිදි කරවලා ඇඳේ තියද්දි කොට්ටයකුත් ළඟින් තියනවා. කොට්ටයක් එහෙම තිබ්බාම දරැවාට උණුසුම ලැබෙනවා. නින්දෙන් ඒ මේ අත පෙරළෙන එක වළක්වාගන්නත් ඒක පුංචි උපක්‍රමයක්. කොහොම වුණත් එහෙම තියන කොට්ටය බබා ලොකු වෙද්දි ටික ටික ඈත් වෙනවා. සමහර දරැවන්ට කොට්ටය අමතක වෙලාම යනවා. ඒ වෙනුවට ඇඳට එන්නේ ටෙඩී බෙයාලා, බෝනික්කෝ වගේ අය. ඒ ගෑනු ළමයින්ට. පිරිමි ළමයිනුත් ඉන්නවා තමන් කැමති සෙල්ලම් බඩු ඇඳේ තියාගෙන ඉන්න.

කොහොම වුණත් පුංචි කාලේ තුරැල්ලේ තියාගත්ත කොට්ටය ලොකු වුණාමත් තුරැල් කරගැනීම පුරැද්දක් කරගත්ත අය ඉන්නවා. තවත් අය කොට්ටය කකුල් දෙක අතර රදවාගෙන නිදා ගන්නවා. විශේෂයෙන් මේ පුරැද්ද දිගින් දිගටම තියෙන්නෙ ගැහැනු දරැවන් ළඟ. කොට්ටයක් තුරැලු කරගන්නේ නැතිව නින්ද නොයන තරැණියන් ඕන තරම්. පුංචි කාලෙ පුංචි කොට්ටෙ ලොකු වෙනකොට ලොකු කොට්ටයක් වෙනවා. කොහොම වුණත් යෞවනියකට මේ පුරුද්ද එතරම් ගැළපෙන්නේ නෑ. මේක මානසික ඇබ්බැහියක්. කවදා හරි දීගෙක ගියාමත් කොට්ටයක් තුරැලු කරගත්තොත් එතන ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේම තාමත් නිදියන්නේ කොට්ටයක් තුරැලු කරගෙනයි කියලා අනෙක් අය දැනගත්තාම ලැජ්ජාවෙන්නත් වෙනවා. ගොඩක් දෙනෙකුට මේ කොට්ට හුටපටේ තියෙනවා. කොට්ටය අතඅරින්න කැමති නම් මෙහෙම කරන්න.
වෛද්ය මතය අනුව ගත්තොත් මෙය මානසික ගැටලුවක් නෙවෙයි. මෙය දිගින් දිගටම කරගෙන ආව පුරැද්දක්. පුරැද්ද නිසා ඇති වුණු ඇබ්බැහියක්. අනේ මට කොට්ටය අතාරින්න බැරිවෙයි කියලා අනිසි බියක් ඇති කරගන්න එපා. මේ වගේ ඇබ්බැහියක් එක පාරටම වළක්වාගන්න අමාරැයි.

තුරැලු කරගන්න හෝ දෙපා අතර රදවා ගන්නා කොට්ටය ක්‍රමයෙන් කුඩා කරන්න. කොට්ටයේ තරමින් හෝ නැත්නම් කොට්ටයට පුරවන පුළුන් අඩු කිරීමෙන් කොට්ටය කුඩා කරගන්න පුළුවන්. මාස දෙක තුනක් විතර මේ විදියට කොට්ටයේ ප්‍රමාණය අඩු කළාට පස්සේ ඒ වෙනුවට වෙනත් ආදේශකයක් යොදා ගන්න. රෙද්දක් නවලා දෙපා අතර රදවා ගන්න. තවත් ටිකක් දවස් මේ විදියට කරලා එයත් ක්‍රමයෙන් අඩු කරන්න.
එහෙමත් ටික දවසක් කළාට පස්සේ කොට්ට ලෙඩේ සුව වේවි. ලජ්ජාවක් නැතුව අනෙක් අයට මුහුණ දෙන්නත් පුළුවන්. දීගෙක ගිය දාට අපහුසතාවයට පත්වෙන්න වෙන්නෙත් නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 160 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:54:25 PM
Script:/article/160/controlling-bad-sleep-habits.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:54:26 PM
Script:/article/160/controlling-bad-sleep-habits.html