නිදාගන්න කලින් මේ දේවල් කරොත් හැමදාමත් එයත් එක්ක සතුටින් ඉන්න පුළුවන්.

September 12, 2017
22,426
05 Things Happy Couples Do Before They Go to Sleep
හැම විවාහක කාන්තාවකගේම බලාපොරොත්තුව විවාහ ජීවිතය උපරිම සතුටින් ගත කරන එක. සමහර කාන්තාවන් එයාලගේ විවාහ ජීවිතයේ සතුට නැති කර ගන්නේ එයාලගෙම වැරදි වලින්. ඇත්තටම ආදරේදී දෙදෙනා එකට ගත කරන කාලය තමයි හේතු වෙන්නේ දෙදෙනා අතර තියෙන ආදරය වැඩි කරන්න. මේ අතරින් නින්දට පෙර ඔබ ඔහුත් සමඟ ගත කරන කාලය අපි හිතනවාටත් වඩා විශේෂයි. ඔබ නින්දට පෙර ඔහුත් සමඟ ගත කරන කාලය පැයක්ද විනාඩි කිහිපයක්ද කියන එක නෙවෙයි ඇත්තටම මෙතැනදී අදාල වෙන්නේ. ඔබ කොපමණ කාලයක් ඔහුත් සමඟ ගත කරත් ඔබේ ආදරය ඔහුට පෙන්වන විදිහ මත තමයි ඔබ නින්දට පෙර ඔහුත් සමඟ ගත කරන කාලය සාර්ථක වෙන්නේ. ඒ නිසා අද අපි ඔයාට කියන්නේ ඔහුත් එක්ක හැමදාම සතුටින් ඉන්න අවශ්‍ය නම් නිදාගන්න කලින් ඔබ කල යුතු දේවල් කිහිපයක් ගැන.

1.නින්දට පෙර දුරකථනය ඇදෙන් ඉවත් කරන්න

අද ඉන්න බහුතරයක් කාන්තාවන් වගේම පිරිමි අයත් නිදාගන්න කලින් කරන්නේ සමාජ ජාල මාධ්‍ය පරිහරණය කරන එක. මනෝ චිකිත්සකවරුන් පවසන්නේ ඔබ නින්දට පෙර දුරකථනය භාවිතා කරන විට ඔක්සිටෝක්සින් නමැති හෝර්මෝනය ශරීරය තුල නිපදවීම අඩු වෙන බවයි. සාමාන්‍යයෙන් අපි මේ හෝර්මෝනය හඳුන්වන්නේ ආදර හෝර්මෝනය ලෙස. ඉතිං ඔබ නින්දට කලින් දුරකථනය භාවිතා කරනවා කියන්නේ ඔබ දෙදෙනා අතර හොඳ සබඳතාවයක් ඇති වෙන්න ලොකු බාධාවක්. මේ නිසා දුරකථනය පැත්තකට දාලා ඔහුත් සමඟ ආදරෙන් කාලය ගත කරන්න.

2. වැඩ අමතක කරන්න

නිදාගන්න යන විට වැඩ ගැන අමතක කරලා පුළුවන් තරම් ඔහුත් එක්ක සමීපව සතුටින් ඉන්න උත්සහ කරන්න. ඔබ මේ වෙලාවේදී ලබාගන්න විවේකය හෙට දවස ඔබ දෙදෙනාටම හොඳින් ගත කරන්න වගේම ඔබ දෙදෙනා අතර සබඳතාවය වර්ධනය කර ගන්නත් හේතුවක්. ඒ වගේම තමයි ඔබ දෙදෙනා මේ වෙලාවේදී කරන කතා බහ ඔබ දෙදෙනා අතර ආදරය තව තවත් වැඩි කරන්න හේතුවක් වෙනවා. ඒ නිසා ආර්ථික ප්‍රශ්න ගැන පවුල් ප්‍රශ්න ගැන කතා බහ කරන්නේ නැතුව මේ කාලය සතුටින් ගත කරන්න.

3. දෙදෙනාම එක වර නින්දට යන්න

බොහෝ විට සැමියා සහ බිරිඳ නින්දට යන්නේ අවස්ථා දෙකකදී. මේ නිසා ඔවුන්ට තව තවත් ඔවුන්ව මඟ ඇරෙනවා. මොකද සමහර අයට දවල් දවසේ වත් කාලයක් ලැබෙන්නේ නැහැ එකට ගත කරන්න. ඉතින් අඩුම තරමේ දෙන්නා එකම වෙලාවට වත් නිදාගන්න යනවා නම් ඒක ඔබ දෙදෙනාගේ සබඳතාවය වර්ධනය කරගන්න හේතුවක්. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම උත්සහ කරන්න දෙන්නත් එක්ක එකට නිදාගන්න යන්න.

4. නින්දට කලින ප්‍රශ්න විසඳා ගන්න උත්සහ කරන්න එපා

සමහර කාන්තාවන් වගේම පිරිමි අයත් හිතන්නේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන හොඳම වෙලාව මේක කියලා. ඒ නිසා තියෙන ප්‍රශ්න ඔක්කොම විසද ගන්න උත්සහ කරනවා නිදාගන්න කලින්. මේ නිසා සමහර අවස්ථාවන් වල දෙදෙනා අතර හිත් අමනාපකම් පවා ඇති වෙනවා . අන්තිමට වෙන්නේ දෙන්නටම සැහැල්ලුවෙන් නිදාගන්න බැරි වෙන එක. මේ නිසා කවදාවත් ඇඳේදී ප්‍රශ්න විසදා ගන්න උත්සහ කරන්න එපා.

5. දරුවන්ව වෙනම කාමරයක නිදි කරවන්න

ඔබ දෙදෙනා දරුවන් සමඟ එකම ඇදේ නිදාගන්නවා කියන්නේ ඒක ඔබ දෙදෙනාගේ කායික වගේම මානසික සබඳතාවයටත් ලොකු බාධාවක්. මේකෙන් ඔබ දෙදෙනාගේ නිදහස සිමා වෙනවා විතරක් නෙවෙයි ඔබ දෙදෙනාටම නොදැනී ඔබ දෙදෙනාව මඟ හැරෙනවා. ඒ නිසා හැකි තරම් උත්සහ කරන්න දරුවන්ව වෙනම නිදි කරවන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 409 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:24:04 AM
Script:/article/409/05-things-happy-couples-do-before-they-go-to-sleep.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:24:05 AM
Script:/article/409/05-things-happy-couples-do-before-they-go-to-sleep.html