නින්ද අඩුවෙන් ලැබීම නිසා ආතතිය වැඩි වෙනවා වගේම හෝමෝන ශ්‍රාවය වෙලා වැඩි වැඩියෙන් බඩගිනි දැනිලා සිරුරේ බර වැඩි කරනවා. ඉතින් උවමනාවටත් වඩා වැඩියෙන් මහත් වෙන නිසා දීර්ඝ කාලීන සංකූලතා සහ රෝග වලට මෙය අත වැනීමක් විය හැකියි. මතක ඇතිව දිනකට පැය 8ක් නිදා ගන්න. නින්ද කියන්නේ ඔයාගේ ශරීරයට අවශ්‍යම දෙයක්. අඩුවෙන් නිදා ගත්තමත් ලෙඩ වෙනවා වැඩියෙන් නිදා ගත්තමත් ලෙඩ වෙනවා. ඉතින් ඔයා ඔයාව පාලනය කර ගන්න උත්සහ කරන්න. අද හැඩකාරී අපි ඔයාට කියන්න යන්නේ හරියට නින්දක් නොලැබීම නිසා ඔයාට එදිනෙදා ජිවිතයේ සහ දීර්ඝ කාලීනව ඇති වෙන අපහසුතා කිහිපයක් ගැනයි.
සමේ ඇති වෙන වෙනස්කම්
ඔයාට ප්‍රමාණවත් නින්දක් ලැබුනේ නැති නම් ඔයාගේ සම රැළි වැටීම සිදු වෙනවා. අඳුරු පැහැ ගැන්විලා වයසක ස්වරුපයක් ඇති කරනවා. තවද නින්ද නොලැබීමෙන් මුහුණේ කුරුලෑ හට ගෙන මුහුණට අවලස්සනක් එකතු කරනවා. නින්ද නොයෑම නිසා ඔයාගේ සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය අක්‍රමවත් වෙනවා. එමෙන්ම ඔයාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල කරන නිසා රෝග වැළඳීමේ අවස්ථාව වැඩියි.
සෞඛ්‍ය සම්පන්න ආහාර වලට අප්‍රියතාවයක් දැක්වීම
එක දිගට හරියට නින්දක් නොලැබීමෙන් විඩාවටපත් මොළය සෞඛය සම්පන්න ආහාර වේලකට වඩා කෙටි ආහාර වේලකට වඩාත් රුචිකත්වයක් දක්වනවා. උදැසන ආහාරය සඳහා කෙටි ආහාර වේලක් නොව සමබර ආහාර වේලක් සහ රාත්‍රි ආහාර වේල සඳහා සැහැල්ලු ආහාරයක් ගැනීම ඉතාමත් වැදගත්. උදැසන ආහාරය තරමක් කැලරි ඇති විශාල ආහාර වේලක් වුවාට කමක් නැහැ. ඊට සාපේක්ෂව දහවල් ආහාරය අඩුවෙන්ද රාත්‍රී ආහාරය සැහැල්ලු හෙවත් සරල ආහාරයක් ගන්න. ඔයාගේ උදැසන ආහාරය ගැනීමෙන් මුළු දවසම ප්‍රබෝදමත්ව ගත කිරීමට හැකියාව තියෙනවා.
බර වැඩි වීම
කවුරුත් කැමති නැහැ ප්‍රමාණයට වඩා මහත් වෙන්න. ඔයා ඔයාගේ උසට සරිලන බරක් තියා ගන්න හැම වෙලාවකම උත්සහ කරන්න. ප්‍රමාණවත් ලෙස නින්දක් ලැබුනේ නැති නම් ආහාර සඳහා රුචිය වැඩි වෙලා ඔයාගේ බර එන්න එන්නම වැඩි වෙනවා. හුඟාක් කෙට්ටු වෙන්නත් මහත් වෙන්නත් යන්න එපා. කොච්චර ජිම් ගියත් කෑම වලින් පාලනය වෙන්න හැදුවත් ඔයාගේ බර අඩු කර ගන්න බැහැ. මොකද ඔයා උදැසනම අවදි වෙලා ක්‍රියාශීලි ලෙස ජීවිතය ඇරඹිමෙන් මුළු දවසම ක්‍රියාශීලි ලෙස ගත කිරිමට හැකියාව තියෙනවා.
ඇස් වල ඇති වන වෙනස්කම්
ඇස් දෙකට ප්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීමෙන් ඔයාගේ ඇස් රතු වීම, ඇසිපිය සහ ඇස් අවට ඉදිමීම සහ ඇස් වටා කළු පැහැ නැති නම් අඳුරු පැහැයක් ගැනීම වැනි ලක්ෂණ ඉස්මතු වෙනවා. ඇස් වටා අඳුරු පැහැ වීමෙන් ඔයාගේ මුහුණේ සුන්දරත්වය අඩු කරනවා. එමෙන්ම ඇස් වටා රැළි වැටීම, ඉදිමීම සහ ඇස් පිය අඩවන් වීමේ ලක්ෂණද කාලයත් සමගම මතු වෙනවා.
ඔයා ඔයාගේ සුන්දරත්වය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා නම් අඩුම තරමේ දිනකට පැය 6ක් වත් නිදා ගෙන උදැසන ප්‍රබෝදවත්ව ආරම්භ කර මුළු දවසම ක්‍රියාශීලිව ගත කරන්න.