මව්කිරි දෙන කාලයේදී කෙසෙල් ආහාරයට ගත යුත්තේ මේ නිසායි

May 17, 2020
4,494
Importance of eating a banana after giving birth
මව්කිරි දීම සඳහා පෝෂ්‍ය පදාර්ථ බෙහෙවින් අවශ්‍යයි. මවගේ ආහාර තේරීම ඔයාගේ දරුවාගේ සමස්ත සෞඛ්‍යයට සෘජුවම බලපානවා. මේ අනුව, මව්කිරි දෙන අතරතුර ඔයා නිතිපතා ආහාර වේලට කෙසෙල් ගෙඩියක් එක් කිරීමෙන් ඔයාට සහ ඔයාගේ දරුවාට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. නමුත් සමහර කුළුදුල් මව්වරු තරබාරු වීම ගැන බිය වී කැලරි අඩු කිරීම සඳහා මෙම පලතුර ආහාරයට ගන්නේ නැහැ. අද hadakari.com අපි ඔයාට මව්කිරි දෙන කාලයේදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන කියලා දෙනවා.

මව්කිරි දෙන කාලය අතරතුර කෙසෙල් ආහාරයට ගත හැකිද?
මව්කිරි දෙන අතරතුර කෙසෙල් ආහාරයට එකතු කර ගන්න පුළුවන්. මන්දයත් නිතිපතා ආහාරයට ගැනීම කිරි දෙන මව්වරුන්ට සහ ළදරුවන්ට ප්‍රයෝජනවත් වෙනවා. කෙසෙල් කියන්නේ පෝෂ්‍යදායී පලතුරක් වන අතර සැලකිය යුතු ප්‍රමාණයේ ක්ෂුද්‍ර පෝෂක හා ජෛව ක්‍රියාකාරී සංයෝග වන phenolics, carotenoids, biogenic amines සහ phytosterols අඩංගු වෙනවා. මෙම සංයෝග මවට මෙන්ම දරුවාට ද හොඳයි.

සමබර ආහාර වේලක කොටසක් ලෙස කෙසෙල් නිතිපතා පරිභෝජනය කිරීමෙන් මවට සහ දරුවාට පහත සඳහන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.

බලශක්ති අවශ්‍යතා සපුරාලයි
මව්කිරි දීමෙන් දරුවාගේ උපතෙන් පසු පළමු මාස හය සඳහා දිනකට 640Kcal අවශ්‍ය වෙනවා. මෙම වැඩි බලශක්ති අවශ්‍යතාවය සපුරාලීමට කෙසෙල් වලට පුළුවන්. කෙසෙල් ගෙඩියක් දිවා ආහාරයෙන් පසු  අනුභව කරන්න,  නැති නම් ඔයා උදෑසන කෙසෙල් ස්මුතියක් පානය කරන්න.

පෝෂ්‍ය පදාර්ථ සපයයි
කෙසෙල් කියන්නේ පෝෂ්‍ය පදාර්ථ වලින් පිරුණු පලතුරක් වන අතර එය පොටෑසියම්, විටමින් බී 6, තඹ, මැන්ගනීස් සහ තන්තු වලින් පොහොසත්ය. කිරි දෙන මවකට යහපත් සෞඛ්‍යය පවත්වා ගැනීමටත්, පශ්චාත් ප්‍රසව සුවය ඉක්මන් කිරීමටත් මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම අත්‍යවශ්‍ය වෙනවා.

සිරුරේ බර අඩු කිරීමට සහය දක්වයි
කෙසෙල් වල ප්‍රතිරෝධී පිෂ්ඨය අඩංගු වන අතර එය ආමාශයේ වැඩි කාලයක් රැඳී සිටින අතර එමඟින් ආමාශය හිස් කිරීම ප්‍රමාද කරනවා. ආහාර ගැනීම නියාමනය කිරීමෙන් කුසගින්න පාලනය කිරීමට මෙය උපකාරී වෙනවා. මෙමගින් අධික ලෙස ආහාර ගැනීම වැළැක්වනවා.

ආහාර ජීර්ණ සෞඛ්‍යයට සහය දක්වයි
ඉදුණු කෙසෙල් වල ආහාර ජීර්ණය කළ නොහැකි තන්තු අඩංගු වන අතර එමඟින් ආහාරයේ විශාල ප්‍රමාණයක් එකතු කර සාමාන්‍ය බඩවැල් ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කරනවා.

අජීර්ණය සමනය කිරීමට උපකාරී වෙනවා
කෙසෙල් වලට වැඩි ආම්ලිකතාවය උදාසීන කිරීමට, ආහාර ජීර්ණය ශක්තිමත් කිරීමට සහ අජීර්ණයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන බව පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා.

ප්‍රතිශක්තියට සහය දක්වයි
විටමින් සී සහ බී 6, සහ කෙසෙල් වල ඇති phenols සහ phytosterols වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග ඒවායේ ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ගිනි අවුලුවන බලපෑම් හේතුවෙන් ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වෙනවා.

මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා
කෙසෙල් වල tryptophan නම් ඇමයිනෝ අම්ලයක් අඩංගු වන අතර එය දරු ප්‍රසූතියෙන් පසු මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා. මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන හොඳ හෝමෝනයක් වන සෙරොටොනින් නිපදවීමට සහ ඔයාට හොඳ හැඟීමක් ලබා දීමෙන් ඔයාගේ මනෝභාවය වැඩි දියුණු කරනවා.

ඔයාගේ සෞඛ්‍යය යහපත් මට්ටමක පවතී නම් මාතෘත්වය ප්‍රසන්න ගමනක් විය හැක. ඔයාගේ දරුවාට මව්කිරි පිළියෙළ කිරීමට පමණක් නොව ඔයාගේ ශරීරය සුව කිරීමටද පෝෂ්‍යදායී ආහාර අවශ්‍ය වෙනවා. කිරි දෙන කාලය තුළ ඔයාගේ දෛනික ආහාර වේලෙහි කෙසෙල් ගෙඩියක් එක් කිරීම හොඳ පියවරකි. එය ඔයාගේ දරුවාට ප්‍රයෝජනවත් වන අතරම සෞඛ්‍ය සම්පන්නව සිටීමටද උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1602 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:34:12 PM
Script:/article/1602/importance-of-eating-a-banana-after-giving-birth.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:34:13 PM
Script:/article/1602/importance-of-eating-a-banana-after-giving-birth.html