මේ පහසු පියවර 6 සමඟ ඔබේ ක්ෂණික කෝපයට සමු දෙන්න

September 14, 2020
5,331
Control your anger with these 6 tips
මිනිසුන් හරහා ගමන් කරන හැඟීම් රාශියක් ලෝකයේ පවතිනවා. ඒවා අතර වඩාත් භයානක ම හැඟීම වන්නේ කෝපයයි. කෝපය සමහර වෙලාවට ධනාත්මක බලපෑමක් වෙන්නත් පුලුවන්. ඇත්ත වශයෙන්ම, කෝපය කියන්නේ යමක් සාක්ෂාත් කර ගැනීමේ ගාමක බලවේගයන්ගෙන් එකක් වන අතර ඔබව නිවැරදි දිශාවට තල්ලු කරන්න වුණත් පුලුවන් හැඟීමක්. 

ඒත් කෝපය කියන්නේ ප්‍රධාන වශයෙන්ම අයහපත්, ඍණාත්මක හැඟීමක්. ඔබ නිතරම කෝපයත් එක්ක ගනුදෙනු කරනකොට ඒක භයානක චිත්තවේගයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ක්ෂණිකව ඇති වෙන කෝප සහගත හැඟීමකට පුලුවන් තනි අතින් වෙනත් ජීවිත‍යක් හෝ ඕනෙම දෙයක් විනාශ කරන්නට. ඒ නිසායි කියමනක් තියෙන්නේ තරහා අරන් ඉන්න වෙලාවට කිසිම වෙලාවක තීරණ ගන්න එපා කියලා. මොකද කෝපය ඔබේ හිතේ හටගන්න බලවත්ම චිත්තවේගයක් වන මොහොතේ ඔබේ මනස තුළ පැහැදිලි චින්තන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා අපි ඔබට කියලා දෙන්නම් ඔබේ කෝපය අභිබවා යමින් එය කළමනාකරණය කරගන්නට හොඳම ක්‍රම 06ක් ගැන: 

1. විවේකයක් ගන්න
කෝපය කියන්නේ බොහෝ විට මොළය සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වීමට පෙර සහ සාමාන්‍ය චින්තන ක්‍රියාවලිය සිද්ධ වෙන්න පෙර මොහොතකට පෙර කරන ප්‍රතික්‍රියාවක්. එමනිසා කෝපයක් ඇති වෙනකොට ඔබට කිරීමට අවශ්‍ය, කරන්න හිතන් ඉන්න ඕනෑම දෙයක් ප්‍රමාද කරන්න. ඇත්ත වශයෙන්ම ටිකක් විවේක ගන්න, මිනිත්තු කිහිපයකින් ඔබේ තත්ත්වය හොඳ වෙයි.

2. හුස්ම ගැනීම සහ භාවනා කිරීම
හුස්ම ගැනීමේ ව්‍යායාම, විශේෂයෙන් ගැඹුරු හුස්ම ගැනීම සහ සමහර භාවනා ක්‍රම මඟින් ඔබට ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට උපකාර කර ගන්න පුලුවන්. ගැඹුරු හුස්ම ගැනීම කියන්නේ ආරම්භයේදී තරමක් අපහසු ව්‍යායාමයක් වුණත්, ඒක කරගෙන යද්දී ඔබට ලොකු පහසුවක් දැනෙයි. මේවා මානසික ව්‍යායාමයන් නිසා ඒවායින් ඔබව සන්සුන් කරනවා. කෝපය පිටවීම අඩු කරමින් ඔබේ මානසික සෞඛ්‍යය සමස්ථයක් ලෙස වැඩිදියුණු කරනවා.

3. විශ්ලේෂණය කරන්න
කෙටිකාලීන දේවල් වලට අපි වැඩියෙන් කැමතියි. කෙසේ වෙතත් කෝපයක් ආවාම ඒ තත්වය විශ්ලේෂණය කරන්න නම් වැඩි උත්සාහයක් දරන්න අවශ්‍ය වෙනවා. ඊළඟ වතාවේ ඔබට කෝපයක් දැනෙනකොට ඒකට අදාළ වුණ හේතු විශ්ලේෂණය කර ගන්න උත්සහ කරන්න. අදාළ ගැටළුවෙන් මිදෙන්න ඔබේම මාර්ගයක් හොයා ගන්න. කොටින්ම තරහින් ඉන්න වෙලාවට කඩිමුඩියේ තීරණ ගන්න එපා. ඒ වෙලාවට ඔබ ගන්න තීරණ නිර්මානය වෙන්නේම ඔබේ තරහවේ ස්වරූපයෙන්මයි. ඒ නිසා තීරණ ගන්නකොට මානසේ තියන සුන්බුන් ඉවත් කරගන්න. බොහෝ විට කෝපය පිටවීම සිදුවන්නේ එක් තත්වයක් නිසා නෙමෙයි. බොහෝ තත්වයන් එකට බැඳී තිබීම නිසායි. ඔබට එන කෝපයේ ස්වභාවය විශ්ලේෂණය කර ගත්තාම කොතැනක හරි ගැටගැසී තියන ගැටලුව ඇරගන්න ඒක උපකාර කරනවා.

4. ඉඩ දෙන්න
කෝපය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ඵලදායී ක්‍රමයක් වන්නේ ඔබ ඔබට ඉඩක් ලබා දෙන එකයි. ඔබට පාලනය කරගන්න අමාරු කෝපයක් ආවාම නිශ්ශබ්ද වෙන්න. ඔබේ අධික වැඩ වලින් ටිකකට ඈත් වෙලා ඔබේ ප්‍රියතම විනෝදාංශයක යෙදෙන්න. ඊළඟ වතාවේ ඔබට කෝප එනකොට කැමතිම සංගීතයකට සවන් දෙන්න, පොතක් කියවන්න, හෝ ගීතයක් ගායනා කරන්න. මිනිත්තු කිහිපයකින් ඔබ කෝප ගත්තේ ඇයි කියලා ඔබට ම අමතක වෙයි.

5. හේතු හඳුනා ගන්න
ඔබට කෝප ඇති වෙන්න හේතු වන ප්‍රේරක හෙවත් හේතු ලැයිස්තුවක් හදන්න උත්සාහ කරන්න. සාමාන්‍යයෙන් ඒක සිදුවන්නේ එක්තරා සුවිශේෂී හේතුවක් නිසායි. ඒ නිසා ඕනෙම කෙනෙක්ගේ තරහවකට ස්ථාවර ප්‍රේරකයක් තියනවා. ඔබ ඔබේ ප්‍රේරකය සොයාගත්තාම ඒ හේතුවත් එක්ක හරි ආකාරයෙන් ගනුදෙනු කරන්න. ඉවසිලිවන්තව ඔබම අදාල හේතුව අවබෝධ කර ගන්න. ඒකෙන් ඔබේ පෞරුෂයේ අඩුපාඩු සකස් කරන්න පුලුවන් වෙනවා.

6. උදව් ලබා ගැනීම
මේ සියලුම විකල්ප වලින් පස්සේ ඔබට තව දුරටත් කෝපය පාලනය කරගන්න නොහැකි නම් විශේෂඥයෙකුගේ උදවු ලබා ගන්න. ගැටලුවක් පිළිබඳව කතා කරන්න සුදුසු වෘත්තීය විශේෂඥයෙක් හමුවීමෙන් ඔබට සැබවින්ම අවශ්‍ය උදවුව ලැබෙන බවට සහතික කරන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1824 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:29:30 AM
Script:/article/1824/control-your-anger-with-these-6-tips.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:29:31 AM
Script:/article/1824/control-your-anger-with-these-6-tips.html