කාන්තා ඔබ ගැළපෙන​ම රේසරයක් මිලදී ගන්න කලින් හිතන්න ඕන කාරණා මේවා තමයි

September 29, 2020
17,812
Things to consider before buying a razor
ශරීරයේ අනවශ්‍ය රෝම කියන්නෙ කාන්තා ඔබේ සුන්දරත්වයට වගේම පිරිසිදුකමටත් හානි කරන කාරණයක්. දෙපා, දෑත්, අත් යට සහ ලිංගාශ්‍රිත ප්‍රදේශ වල අනවශ්‍ය රෝම ඉවත් කිරීම ඔබේ සොඳුරු බව වැඩි කරන අතරම පිරිසිදු බව රැකගන්න උපකාර වෙනව. අනවශ්‍ය රෝම ඉවත් කරන පහසුම විදියක් තමා ශේව් කිරීම. ශේව් කරනව කිව්වම අනිවාර්යයෙන් මුලින්ම ඕන වෙන්නෙ රේසරයක්. අපි අද මේ කියන්න හදන්නෙ කාන්තා ඔබ රේසරයක් මිලදීගන්න කොට හිතන්න ඕන දේවල් කීපයක් ගැන.

1. ඔබට ගැ​ළපෙන රේසරයක්ද?

හැම රේසරයකින්ම ඔබට අවශ්‍ය කාර්‍ය අවශ්‍ය විදියටම සිද්ධ වෙන්නෙ නෑ. විශේෂයෙන් කාන්තා ඔබ රේසරයක් තෝරාගන්න කොට ඔබේ සමට ගැලපෙන රේසරයක් තෝරගන්න ඕන. ස්වභාවයෙන්ම ඝණ රෝම සහ රළු හමක් ඇති පිරිමි පාර්ශවය සඳහා නිපදවන රේසර් ඔවුන්ගේ සමේ රළු බව සහ රෝම වල ඝණ බව සලකා බලාම නිපදවූ ඒවායි. මේ නිසා කාන්තා ඔබ රේසරයක් තෝරා ගැනීමේදී Bic twin lady වැනි කාන්තාවන් වෙනුවෙන්ම නිපදවූ රේසරයක් තෝරාගන්න.

2. බ්ලේඩ් ප්‍රමාණය

තනි තලයේ රේසරයකට වඩා තල දෙකක් ඇති රේසරයක් වඩාත් කාර්‍යක්ෂමයි. ඒ වගේම සුමුදු සමට හානියක් ඇති නොවෙන විදියට ආරක්ෂාකාරීව ශේව් කරන්නත් තල දෙකක් ඇති රේසරයකින් පහසුයි. මේ සඳහා හොඳම තෝරාගැනීමක් තමයි බික් ට්වින් ලේඩි රේසරය. උසස් අන්දමින් ප්‍රංශයේ නිෂ්පාදිත බ්ලේඩ් තල දෙකක් සහිතව එන මේ රේසරය මගින් ෂේව් කිරීමේ කාර්යය ඉතා පහසු කරන අතර ෂේව් කරද්දී සම කැපීමෙන් සිදුවන හානි වළක්වනවා.
ඒ වගේම රේසරයක් භාවිතා කිරීමේදී තල වල මුවහත ගැනත් හැමවිටම සැලකිලිමත් වෙන්න. එකම ස්ථානයේ දෙතුන්වරක් ශේව් කරන්න වෙනවා නම් තලය මාරු කිරීමට කාලයයි.

3. ආරක්ෂිත කවර​ය

වෙළඳපොළේ ඇති සමහර රේසර්වලට ආරක්ෂිත කවරයක්, එහෙමත් නැත්නම් Protective Cover එකක් එන්නේ නැහැ. නමුත් රේසරයක් තෝරාගැනීමේදී ආරක්ෂිත කවරයක් සහිත රේසරයක් තෝරාගැනීම ඉතා වැදගත්. එයට එක හේතුවක් තමයි ඒ මගින් රේසරයේ බ්ලේඩ් තල හොඳින් වැහිලා විෂබීජවලින් සහ පිටතට නිරාවරණය වීමෙන් සිදුවන හානි අවම වීම. අනිත් කාරණය තමයි ගමනක් බිමනක් යද්දී රේසරය ඔබේ අනිත් ආම්පන්නත් එක්ක එකට පැක් කරද්දී ඒවාට රේසර් බ්ලේඩ් තලයෙන් හානි වෙන එක වැළැක්වීම. හොඳ ආරක්ෂිත වැස්මක් සහිතව එන බික් ට්වින් ලේඩි වැනි රේසරයකින් ඒ වාසිය ඔබට හොඳින් ලැබෙනවා.

4. හැඩය, මිට සහ ප්‍රමාණය

රේසරයක හිස කොටස සිහින්ව පිහිටා තිබීම ඉතා වැදගත්. මොකද එහෙම වුණාස සිරුරේ සියුම් නැමි වල ඇති රෝම පවා පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. ලිංගාශ්‍රිත ප්‍රදේශ වල රෝම ඉවත් කිරීමේදී මෙම සිහින් හිස වඩාත් පහසුවක්. කිසිම බරක් නැති සැහැල්ලු සහ පහසුවෙන් අතට හසුවන හැඩයක් ඇති මිට නිසා අනවශ්‍ය රෝම ඉවත් කිරීම තව දුරටත් ඔබට අපහසුවක් ගෙන දෙන කාරණයක් නෙවෙයි.

5. පහසු මිල

දවසක් හැර දවසක්වත් ඔබ රේසරය භාවිතා කරනවා නම් අවම වශයෙන් සති තුනකට වරක්වත් රේසරය අළුත් කරන්න ඕන. මේ නිසා අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්, සෞඛ්‍යාරක්ෂිත වගේම කාන්තාවන්ටම වෙන් වූ Bic twin lady වැනි රේසරයක් තෝරාගන්න එක ඉතාම නුවණක්කාර තේරීමක්. මොකද වෙළඳපොළේ තියන ඉතාම පහසු මිලට මිලදීගත හැකි තත්ත්වයෙන් උසස් ​මේ රේසරයට යන වියදම ඔබේ පොකට්ටුවට දැනෙන්නේවත් නැති තරම්. වැක්සින් සහ වෙළඳපොළේ ඇති අනෙකුත් රේසර් වලට සාපේක්ෂව වැඩි මුදලකුත් ඉතිරි ක​රගෙ​න ආරක්ෂාකාරී ෂේව් කිරීමක්ද කරන්න පුළුවන් බික් ට්වින් ලේඩි ​තෝරාගැනීමෙන්.

6. නිවැරදි ශේව් කිරීමක්

මුලින්ම ඔබ ශේව් කරන්න ගන්න රේසර් එක ජලයෙන් සෝදාගන්න. අවශ්‍ය නම් මේ සඳහා උණුසුම් ජලය භාවිතා කරන්නත් ඔබ​ට පුළුවන්. ආසාත්මිකතා සහ වි​ෂබීජ නිසා ඇති විය හැකි තත්ත්වයන් මේ නිසා මගහැර ගන්න පුළුවන්. හොඳින් තෙත් කරගත් සම මත ශේවින් ජෙල් හෝ ශේවින් ෆෝම් ආලේප කරගන්න. වඩාත් සිනිඳු රෝම ඉවත් කිරීමකට රෝම වැඩී ඇති දිශාවටම රේසරය මගින් රෝම කපාගන්න. රෝම ඉවත් කරගත් පසු මද උණුසුම් ජලයෙන් සෝදා සම මත මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කරන්න.


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1850 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:29:10 AM
Script:/article/1850/things-to-consider-before-buying-a-razor.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:29:10 AM
Script:/article/1850/things-to-consider-before-buying-a-razor.html