හැමෝටම ආකර්ශනියව ඉන්නේ කොහොමද කියලා පහුගිය දවසක අපි කතා කළා ඔබට මතක ඇති. ඔන්න අද තව කරුණු කිහිපයක් ගැන අපි ඔබට කියනවා. අපි කවුරුත් කැමතියිනේ හැමෝම අපිට කැමති වෙනවට, අපිව අගය කරනවට. ඉතින් මෙන්න මේ ගුණාංග ඔබ ළඟ තියෙනවද කියලා බලන්නකෝ.
1. හොඳ සුවඳකට කව්රුත් කැමතියි
හැම වෙලේම හොඳට නාලා ශරීරය පිරිසිඳුවට ඉන්න එක ගොඩාක් වැදගත්. කොච්චර පිළිවලකට හිටියත් වැඩක් නෑ ඔබේ ශරීරයෙන්, මුඛයෙන් අමිහිරි ගන්ධයක් වහනය වෙනවානම්. ඒ නිසා, පිරිසිදුකම පවත්වාගන්න.
2. ඔබ ගැන විශ්වාස කරන්න
ඔබ හැම වෙලාවකදීම අනිත් අය ඔබ ගැන හිතන්නේ මොකක්ද කියලා වද වෙන කෙනෙක්ද? එහෙම නම්, ඒ අදහස දැන්ම අත්හරින්න. මොකද ඔබ ඔබ ගැන විශ්වාසයෙන් ඉන්නකොට තමයි, අනිත් අයට ඔබ ගැන විශ්වාසයක් ගොඩනැගෙන්නේ. ඔබ ගැන ඔබ විශ්වාසයෙන් ඉන්න විට, අනිත් හැම කෙනෙක් එක්කම විශ්වාසයෙන්, පහසුවෙන් කටයුතු කරන්න ඔබට පුළුවන්.
3. හිනා වෙන්න. අනිත් අයව හිනස්සන්න.
හිනාව ගොඩාක් හොඳ බෙහෙතක් කියනවනේ. ඔබට පුළුවන් නම් ඔබ වටේ ඉන්න අයව හිනස්සන්න. ඒ අය ඔබත් එක්ක කටයුතු කරන්නේ හරිම සැහැල්ලුවෙන් සතුටින්. ඔබත් හිනා වෙන්න. එවිට සතුට හැම තැනම පැතිරේවි.
4. සැහැල්ලුවෙන් ඉන්න
කලබල ගතියෙන් ඉන්න කාඑක්ක වුනත් කවුරුවත් කටයුතු කරන්න කැමති නෑ. ඔබ සැහැල්ලුවෙන් ඉන්නවානම්, කවුරුත් සැහැල්ලුවෙන් සතුටින් ඔබත් එක්ක කටයුතු කරාවි.
5. ප්‍රශ්න අහන්න
ඔබ පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ක කතා කරනකොට ඔවුන්ගෙන් ඒ කතා කරන මාතෘකාවට අදාළ ප්‍රශ්න අහන්න. එවිට, ඔබ ඒ සාකච්චාව පිළිබඳව උනන්දුවවක් දක්වනවා කියලා අනිත් අයට වැටහෙනවා. තමන්ගේ කතාවට උනන්දුවක් දක්වන අයට කවුරුත් කැමතියි.
6. දීප්තිමත් පාට අඳින්න
ඔබේ සමට පෙනුමට ගැලපෙන වර්ණවත් දීප්තිමත් පාට තෝර ගන්න. ලස්සන පාටට කාගෙත් හිත යනවා.
Part 1 - https://goo.gl/93mOGG