ඔබ දකින සිහින වලින් හෙළිවෙන රහස්

February 23, 2017
31,064
The 8 Most Common Dreams Decoded
අපි නිදාගෙන ඉන්නකොට වගේම ඇහැරිලා ඉන්නකොටත් සිහින දකිනවා. මේ කියන්නේ නම් ඔබ නිදාගෙන ඉන්නකොට දකින සිහින වලින් කියවෙන ඔබේ ජීවිතය ගැනයි. අපි හොද සිහින වගේම නරක සිහිනත් දකිනවා. සිහින පලාපල ගැන හිතන අය නම් ටිකක් උනන්දුයි මේ දකින සිහින වල අර්ථයන් දැන ගන්න.

සාමාන්යෙන් සිහින ජිවිතයේ තියන යම් යම් ප්‍රබලතා වගේම දුබලතා ගැනත් අපට සංඥා නිකුත් කරනවා. මේ නිසා ඕනෙම කෙනෙක් තමන් දකින සිහින ගැන ටිකක් අවදානය යොමු කරාට පාඩුවක් නම් වෙන්නේ නෑ. නමුත් හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ සිහින වලින් කියවෙන දේවල් හරියටම දැන ගන්නේ කියන එක. අපි සිහින විස්ලේෂණය කිරීමේදී සිහිනයෙන් කියවුන සෑම වැදගත් දෙයක් පිළිබදවම අවදානය යොමුකිරීම වැදගත්. බොහෝ වෙලාවට සිහින මගින් පිලිබිබු වන්නේ අපේ චිත්තවේග, හැගීම්, බිය, විශ්වාස, සිතුවිලි වගේම කැමති අකමැති දේවල් පිළිබදවයි.

අද අපි ඔබට කියනේ අප නිතරම දකින පොදු සිහින 8 කින් කියවෙන ඔබේ ජිවිතයේ කාරණාවන් සම්බන්දවයි.

1. සිහිනෙන් ඔබේ දත් වැටෙනවා දුටුවහොත්

මේක නම් ඔබ දකින්න එච්චර කැමති සිහිනයක් නෙවෙයි. නමුත් මෙයින් ඔබේ චරිතය ගැන බොහෝ දේවල් කියවෙනවා. ඔබ ඔබේ පෙනුම ගැන වැඩිපුර සිතන කෙනෙක්. මේ නිසා ඔබ පසුවන්නේ කාංසාමය තත්වයකින්. ඔබ සිතනවා ඔබේ පෙනුම නිසා ඔබ අන් අයගෙන් ප්‍රතික්ෂේප වේවි කියා. මේ නිසා ඔබ නිතරම පසු වන්නේ අන් අයගේ අදහස් ගැන බියකින්. මේ මානසික පීඩන තත්වය නිසා තමයි ඔබට මෙවැනි සිහින පෙනෙන්නේ.

2. යම් භයානක් දෙයක් ඔබව ලුහුබැදගෙන එනවා පෙනීම

මෙවැනි සිහින ඔබට පෙනෙනවානම් ඉන් අදහස් වන්නේ ඔබ යම් බරපතල ප්‍රශ්නයකට මැදිව පීඩනයකට ලක්ව සිටින බවයි. මේ නිසා ඔබට නිතරම සිතෙන්නේ මේ ප්‍රශ්නයෙන් ගැලවිලා නිදහස් වෙන්න. මේ වගේ අවස්ථාවලදී තමයි මෙවැනි සිහින සාමාන්යෙන් පෙනෙන්නේ. එයින් පෙන්නුම් කරන්නේ ඔබට එම ගැටලුවෙන් නිදහස් වීමට ඇති තදබල අවශ්‍යතාවයයි.

3. පිරිසක් අතර ඔබ නිරුවත්ව සිටිනවා දැකීම

මෙය නම් ටිකක් අමුතු සිහිනයක් හරියට cartoon එකක විහිළුවක් වගේ. නමුත් මෙය ඔබ සතු ප්‍රබල පෞර්ෂ දුබලතාවයක් පිලිබදව ඔබට අනතුරු අගවනවා. මේ වගේ සිහින පෙනෙන අය සමාජය තුල අන් අය සමග කටයුතු කරන්න බියක් දක්වනවා. මොකද ඔවුන්ට ඔවුන් පිළිබදවම විස්වාසයක් නෑ. ඔවුන් බිය වෙනවා ඔවුන්ගේ දුර්වලතා අනිත් අය දැනගනීවි කියලා. මේ නිසා ඔවුන් නිතරම ඉන්නේ බියකින් මේ නිසයි මොවුන්ට මේ වගේ සිහින පෙනෙන්නේ.

4. වැසිකිලියක් සොයාගන්න බැරිව ඔබ කලබලෙන් සිටිනවා දැකීම

ඔබට වැසිකිලියකට යෑමට අවශ්‍ය උවත් ඔබට වැසිකිලියක් සොයා ගැනීමට නොහැකිව සිටිනවා ඔබ දුටුවහොත්. මෙයින් අදහස් වෙන්නේ ඔබ ඔබේ අවශ්‍යතාවයන් ප්‍රකාශ කරන්න වගේම ඒවා ඉටු කර ගන්නත් නොහැකිව පිඩාවට පත්ව සිටින බවයි. මෙවැනි පුද්ගලයන් නිතරම ඔවුන්ගේ අවශ්‍යතාවයන් පසෙකලා අනිත් අයගේ අවශ්‍යතාවයන් ඉටුකර දෙන්න වෙහෙසෙනවා. මේ නිසා ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට අවස්ථාවක් හෝ වෙලාවක් නැතිව යනවා. මේ නිසා ඔවුන් සිටින්නේ යම් ආකාරයක පිඩනයකින්. මේ වගේ අවස්ථාවල තමයි මේ වගේ සිහින ඔවුන්ට පෙනෙන්නේ.

5. පරීක්ෂණයකින් අසමත් වෙනවා දැකීම

සාමාන්‍ය ජීවිතයේදී අපි හැමෝම සාමාන්යෙන් පරීක්ෂණ වලින් අසමත් වෙලා තියනවා. නමුත් සිහින ලෝක වලදී ඔබ යම් විභාහගයකින් අසමත් වෙනවා දැකීම ඔබට ඔබේ ජීවිතය ගැන වැඩිපුර අවදානයක් යොමු කල යුතු බවට අනතුරු අගවනවා. මේ සිහිනයෙන් කියවෙන සැබෑම අර්ථය වන්නේ ඔබට ප්‍රමාණවත් තරම් ආත්ම ශක්තියක් නැති බවයි. මේ නිසා යම් යම් දේවල් කරන්න ඔබ උත්සහ කරන විට ඔබේ හිතේ ඇති වන බිය නිසා කලබල වෙනවා වගේම ඔබ අනවශ්‍ය ශක්තියක් ඒ වෙනුවෙන් වැය කරනවා. මේ නිසා ඔබ නිතරම සිටින්නේ සෑම දෙයක් පිළිබදවම අවිස්වාසයකින්.

6. ඔබ සිහිනයෙන් ඇද වැටෙනවා දැකීම

මෙවැනි සිහින වලින් අදහස් වන්නේ ඔබ යම් දෙයක් පිලිබදව අවිස්වාසයෙන් සහ පසුතැවිමකින් සිටින බවයි. ඔබේ සිතේ ඇති අවිස්වාසය ප්‍රධානවම මේ සිහිනය මගින් පිලිබිබු කරනවා. නමුත් ඔබ ඒ ඇද වැටුන අවස්ථාවේ සිටියේ ප්‍රීතියෙන් නම් එයින් අදහස් වන්නේ ඔබ ජිවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඉදිරියට යෑමට කැමති අයෙක් බවයි.

7. ඔබ මෝටර් රථයක් පදවාගෙන යනවා දුටුවහොත්

මේ සිහිනයෙන් කියවෙන්නේ ඔබ ජිවිතයට සාර්ථකව මුහුණ දෙමින් ඉතා සතුටින් කාලය ගත කරන බවයි. නමුත් ඔබ ඉදිරියේ මෝටර් රථයක් තිබුනත් ඔබ එය පදවාගෙන නොයා සිටිනවානම් එයින් අදහස් වන්නේ ඔබ ජිවිතයේ පවතින තත්වය පිලිබදව කිසිදු සතුටකින් පසු නොවන බවයි. එසේම ඔබ ප්‍රශ්න ඉදිරියේ ඒවා මග හරිමින් කාලය ගත කිරීමට කැමති අයෙක්.

8. ඔබ ලිංගික සබදතාවයක් පවත්වනවා දැකීම

ඔබ එම අවස්ථාවේ බියවී කිසිදු හැගීමකින් තොරව සිටියේ නම් එයින් අදහස් වන්නේ ඔබ ඔබ පිලිබදව ඔබේ පෙනුම පිලිබදව කිසිදු සතුටකින් පසු නොවන බවයි. ඒ වගේම ඔබ සිටින්නේ ඔබේ සහකරුවා ගැන හොද පැහැදීමකින් නොවෙයි. නමුත් ඔබ ඒ වෙලාවේ සිටියේ සතුටින් නම් ඔබ ඔබේ සහකරුවා ගැන ඉන්නේ හොද පැහැදීමකින්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,589
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,495
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,010
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   71,000
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed