නැනී කෙනෙක්ව තෝරා ගනිද්දී සැලකිය යුතු කරුණු

September 22, 2020
21,371
Things to consider when looking for a nanny
දෙමාපියන් විදිහට නැනී කෙනෙක්ව බඳවා ගැනීම ඔයා ගන්නා වැදගත්ම තීරණ වලින් එකක්. නැනී සේවයට තෝරා ගැනීමේදී සිතා බැලිය යුතු කරුණු රාශියක් තියනවා. ඒ අතර නිසැකවම ඔයාගේ ලැයිස්තුවේ ඉහළින්ම තියෙන්න ඕනේ ආරක්ෂාවයි. ඒ වගේම ඔබ තෝර ගත්ත නැනී ඔබේ දරුවා සමග ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් පවත්වා ගන්නවද යන්න නිතරම සොයා බලන්න. අම්මා ළඟ, තාත්තා ළඟ තියෙන ආරක්ෂාව, දරුවා නැනීගෙනුත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාට විශ්වාස කරන්න පුලුවන් හොඳ රැකබලා ගන්නියක් නිවසට බඳවා ගන්න. දරුවාව නැනී කෙනෙක් ළඟ තියන්න අදහසක් තියෙනවා නම් චුට්ටක් නැවතිලා මේ ලිපියත් කියවලා බලන්න.

1. ඔයාගේ අවශ්‍යතා දක්වන්න
ඔයාගේ පවුල සමඟ හොඳින් මුසු වන, විශ්වාසවන්තියක් සොයා ගැනීමෙන් ඔයාගේ එදිනෙදා කාර්යන් පහසු කරනවා. ඇයගේ සේවයට ගැළපෙන විදිහට වැටුප තීරණය කරන්න. ඔයා කැමති පෞරුෂත්ව ගති ලක්ෂණ සහ අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් ලිවීමෙන් වැඩේ ආරම්භ කරන්න. දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන විදිහට ලැයිස්තුව සාදා ගන්න. ඒ නිසා ඔයා නැනීගේ රාජකාරි ටික ඔයා අපේක්ෂා කරන ආකාරයට කාලසටහනක් තුළ ඇයට විස්තර කරන්න.

සලකා බැලිය යුතු කරුණු කිහිපයක්:
ඔයා සොයන නැනීට ඔයා අපේක්ෂා කරන නිශ්චිත වයස් කාණ්ඩයක් තිබෙනවාද?
ඉවුම් පිහුම් ගැන දැන සිටින්න ඕනේද?
ඇයට දරුවන් සමඟ කටයුතු කළ අත්දැකීම් තිබෙනවාද?

2. නැනීව සොයා ගැනීමේදී
මිතුරන්, අසල්වාසීන් සහ රැකියා ස්ථානයේ ඔබ සමඟ වැඩ කරන අයගෙන් ඇතුළුව ඔයා විශ්වාස කරන පුද්ගලයින්ගෙන් අසා උපදෙස් ලබා ගන්න. ගුණාත්මක සහ අත්දැකීම් බහුල කෙනෙක් සොයා ගැනීමට ඒජන්සි, සමාජ මාධ්‍ය භාවිතා කිරීම ගැනත් ඔබට සලකා බලන්න පුලුවන්.

3. සම්මුඛ පරීක්ෂණය
නැනී සමඟ දුරකථනයෙන් සම්මුඛ සාකච්ඡාව පවත්වනවාට වඩා ඔබ දෙදෙනා පෞද්ගලිකව හමු වෙලා සම්මුඛ සාකච්ඡාව කරන එක වඩා හොඳයි. ඒ නිසා ඔබ දෙදෙනාටම පහසු දිනයක සම්මුඛ පරීක්ෂණය සැලසුම් කරන්න. නැනීගේ පෞද්ගලික ගුණාංග සහ සුදුසුකම් කෙරෙහි අවධානය යොමු කරන්න. නැනීට මෙය සම්මුඛ පරීක්ෂණයකට වඩා සංවාදයක් මෙන් දැනෙන්න ඕනේ. ඔයාගේ අනාගත නැනීගේ අභිලාෂයන්, පවුල් පසුබිම සහ පෞරුෂත්වය ගැන විමසන්න. ඔයාගේ පවුලේ අවශ්‍යතා හඳුන්වා දීමටත් මෙය අවස්ථාවක් කරගන්න. ඒ වගේම,

මුළු පවුලටම ඇය සමඟ සිටීමට පහසුද? 
ඇයව හොඳින් හැසිරවීමට හැකියාවක් තිබෙනවාද? 
දරුවන් සමග නම්‍යශීලී වෙන්න පුලුවන්ද? 
දරුවන් ඇය අසල පැකිලෙන / අමුතු බවක් පෙනෙන්නට තිබෙනවාද? 
යන කරුණු සොයා බලන්න.

තීරණයක් ගැනීමේදී මෙම සියලු ප්‍රශ්න සහ ඇයගේ හැසිරීම, ශරීර ඉරියවු ඔබට ඉතා වැදගත් වෙනවා. ඔයාට නැනී ගැන ධනාත්මක හැඟීමක් ඇත්නම් ඇයව බඳවා ගැනීම ගැන සලකා බලන්න.

අවම වශයෙන්, පහත සඳහන් ප්‍රශ්න කිහිපය නැනීගෙන් අසන්න:

ඔබට ළමා රැකවරණය පිළිබඳ අත්දැකීම් තිබෙනවාද?
ඔබට ප්‍රථමාධාර ගැන දැනුමක් තියෙනවද?
ඔබ දරුවන් කීකරු කර ගන්නේ කොහොමද?
නොනවත්වා අඬන ළදරුවන්ව සනසන්නේ කොහොමද?

නැනීව තෝරා ගත්තාට පස්සේ මේ දේවල් කතා කරන්න.

ඇයට කාලසටහනක් ලබා දෙන්න. ඇය පූර්ණ කාලීනවද, අර්ධ-කාලීනවද වැඩ කරන්නේ යන්න මුලදිම තීරණය කරන්න.
ඔයාගේ දරුවන් ගැන ඇයට කියන්න. ඔයාගේ දරුවන්ට ඕනේ කරන විශේෂ අවශ්‍යතා හෝ ඖෂධ මිණුම් සහිතව කියා දෙන්න.

වැටුප් පරාසය බෙදා ගන්න. ඔයාගේ නැනීට ඇයගේ වැටුප ගැන විස්තර ඇතිව කතා කරන්න. එහිදී ඔයා මුලදීම ඇයට නිශ්චිත වැටුප් අංකයක් ලබා දෙන්න ඕනේ නෑ. නමුත් ගෙවීම් කරන්න පුලුවන් පරාසයක් ඇයට ඇයට පවසන්න. 

4. තීරණය ගැනීමට පෙර ට්‍රයල් එකක් කරන්න
පළමු දින‍ය හෝ දෙක ඇය ඔබේ පවුලම සිටින විට ට්‍රයල් එකක් කරන එක හොඳ අදහසක්. මොකද ඔබේ දරුවා සහ නැනී අතර සිද්ධ වෙන අන්තර්ක්‍රියා පරීක්ෂා කිරීමට ඇගේ විධිවිධාන සමඟ දරුවා පහසුවෙන් ඉන්නවාද කියලා තීරණය කිරීමට එම පුහුණු දවස් උපකාරී වෙනවා. දේවල් හොඳින්, සුමටව වෙනවා නම් ට්‍රයල් කාල පරිච්ඡේදයෙන් පස්සේ සතියේ ඉතිරි දින ටිකේදී නැනීට වැඩි පාලනයක් ලබා දෙන්න. සතිය අවසානයේදී නැනී සහ ඔයාගේ දරුවාගේ හැසිරීම් පරීක්ෂා කරලා බලන්න.

5. ඔයාගේ අලුත් නැනීව බදවා ගන්න
මේ සියල්ල හොඳින් සිදුවුණොත් නැනීට ස්ථිර ලෙස රැකියාව ලබා දෙන්න. ඔබේ ඉහත අවශ්‍යතා සපිරෙන්නේ නැති නම් දෙවරක් සිතන්නේ නැතිව ඇයගේ සේවය අවශ්‍ය නැති බව කෙලින්ම පවසන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1839 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 7:15:41 PM
Script:/article/1839/things-to-consider-when-looking-for-a-nanny.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 7:15:41 PM
Script:/article/1839/things-to-consider-when-looking-for-a-nanny.html