නියපොතු කහපාට වෙලාද? හේතුව සහ හොඳම විසඳුම් මෙන්න

April 5, 2018
8,253
Discoloured nails? Here’s the reason and solution
සෞඛ්‍ය හා රූපය සම්බන්ධයෙන් අපිට නිතර නිතර විවිධ ගැටළු මතු වෙනවා. ඒක සාමාන්‍යයයි. අපි උත්සාහ කරන්න ඕන ඒ තත්ත්වයන් අවම කර ගන්න. ඒ  වගේම ඒ ගැටළු සඳහා නිවැරදි ප්‍රතිකාර හා සත්කාර කරන්න. නියපොතු වල ඇති වෙන කහ පැහැති බව කියන්නේ අපේ සුන්දරත්වයට හානි කරන්නක් වගේම ඇතැම් වෙලාවට අපේ කුමක් හෝ සෞඛ්‍ය ගැටළුවක් නිසා මතු වෙන්නක්.

ගොඩාක් වෙලාවට නියපොතු කහ වෙන්න බලපාන ලොකුම හේතුවක් තමයි නිය ආලේපන. ඔබත් නිතර නිතර නිය ආලේපන ගල්වනවා නම් එය ඔබේ නියපොතු වලට අහිතකර විදියට බලපෑම් කරනවා. ඒ වගේම ඒ සඳහා නිවැරදි පියවර අනුගමනය නොකිරීමත්, ප්‍රමිතියෙන් තොර නිය ආලේපන ගල්විමත් ඔබේ නියපොතු මේ විදියට කහ පැහැ කරනවා. මේ විදියට නියපොතු කහ පැහැ වීම් අවම කර ගන්න තියෙන හොඳම සත්කාර කිහිපයක් තමයි මේ. 

ලෙමන් කියන්නේ ස්වාභාවික විරංජන කාරකයක්. ඒ නිසා ඔබේ නියපොතු වලින් කහ පැහැති ස්වභාවය ඉතා ක්මනින් ඉවත් කිරීමේ හැකියාව ලෙමන් වලට තියෙනවා. නැවුම් ලෙමන් යුෂ එක් කළ කුඩා බඳුනක විනාඩි 10 ත් 15 ත් අතර කාලයක් තුළ ඔබේ නියපොතු ගිල්වා තබන්න. එහෙම නැත්තන් මෘදු දත් බුරුසුවක් භාවිතා කරමින් සෙමින් නියපොතු සෙමින් අතුල්ලන්න. පස්සේ ඇල් වතුරෙන් සෝදා ඉවත් කරන්න, හොඳින් පිසදමා තෙතමනය ආරක්ෂා වෙන විදියට මොයිස්චරයිසින් එකක් ආලේප කරන්න.

බේකින් සෝඩා වල අඩංගු බ්ලීච් කිරීමේ හැකියාව නිසා පහසුවෙන්ම නියපොතු වල කහ පැහැය සහ නියපොතු වල පැල්ලම් සහිත බව ඉවත් කිරීමට උපකාරී වෙනවා. බේකින් සෝඩා මේස හැඳි 2 1/2 කට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඉතා ස්වල්පයක් මිශ්‍ර කරන්න. නියපොතු මත අලේප කර විනාඩි 10කින්  සෝදා ඉවත් කරන්න.

බේකින් සෝඩා තේ හැඳි එකකට ඔලිව් තෙල් මේස හැන්දක් එක් කර නියපොතු වල ආලේප කර හොඳින් නියපොතු සම්භාහනය කරන්න. එහෙම නැත්තන් දත් බුරුසුවක් මාර්ගයෙන් සෙමින් අතුල්ලන්න. විනාඩි 10 කින් ඉවත් කරන්න.

apple cider vinegar ඒ කියන්නේ ඇපල් විනාකිරි වලටත් ඔයාගේ මේ ප්‍රශ්නයට ප්‍රතිඵලදායක විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඇපල් විනාකිරි නියපොතු වල කහ පැහැය අඩු කිරීමට වගේම නියපොතු වල ශක්තිමත් බවට උපකාරී වෙනවා. ඒ වගේම නියපොතු කහපැහැ වෙන්න හේතුවක් වෙන විවිධ බැක්ටීරියා ආසාදන වලට එරෙහිවත් සටන් කිරමේ හැකියාව තියෙනවා.

ඇපල් විනාකිරි කෝප්ප භාගයකට ඇල් වතුර කෝප්ප භාගයක් මිශ්‍ර කරන්න. පුළුන් කැබැල්ලකින් විනාඩි 20ක් පමණ නියපොතු අතුල්ලන්න.

මේ සත්කාර දවසක් දෙකක් කරලා අතෑරලා දැම්මොත් නම් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න බැහැ. ඒ නිසා සතියට දවසක් දෙකක් වත් මේ දේවල් කරලා බලන්න. මොකද මුළු සිරුරේම සුන්දරත්වය රැක ගත්තොත් තමයි ඒක සැබෑ සුන්දරත්වයක් වෙන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 749 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:19:10 PM
Script:/article/749/discoloured-nails-here-s-the-reason-and-solution.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:19:11 PM
Script:/article/749/discoloured-nails-here-s-the-reason-and-solution.html