ඕනෑවට වඩා ආහාර පාලනය කිරීමෙන් අහිතකර ප්‍රතිඵල

February 9, 2017
6,577
What Problems Can You Get With Not Getting Enough nutrition
සිහින් හැඩැති සිරුරක් ලබන්න ඕනෑම තරුණියක් කැමතියි. තරුණියන් පමණක් නොව මැදිවියේ කතුන් පවා දැන් සිහින් සිරුරක් ලබා ගැනීම සදහා මහත් උනන්දු වෙනු දක්නට ලැබේ. සිහින් සිරුරක් තිබීම හොදය. නමුත් වැදගත් වන්නේ සිරුර සිහින් වීම වගේම නිරෝගිවද පැවතීමයි.

සිරුර සිහින් වීම සදහා ආහාර පාලනය කිරීමේදි එය සැළකිල්ලෙන් කල යුතූයි. නැතහොත් ආහාර පාලනය ඉවක් බවක් නැතුව හිතූමතයට කිරීම තුලින් දීර්ඝකාලීනව අහිතකර ප්‍රතිඵල ඇතිවීමට ඉඩ තිබේ. ආහාර පාලනයේදි අඩුකල යුත්තේ අධික පිටි, තෙල්, මේද සහ පැණි රස ආහාර වැනිදෑය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය, ආහාර පාලනයේදි වුවද මැනවින් ලැබිය යුතූයි. ඔබ සෞඛ්‍යයට අහිතකර අන්දමින්
ආහාර පාලනය කරන්නේද යනවග පහත ලක්ෂණ මගින් ඔබට දැනගත හැකියි.

* කෙස් සීග්‍රරයෙන් ගැළවී යාම හා මළානික පෙනුමක් ඇතිවීම

* දෑස යට අදුරු පැහැයක් ඇතිවීම

* සමේ සුදුමැලි මළානික පැහැයක් දිස්වීම

* නිතර සෙමිප්‍රතිශ්‍යාව හා කැස්ස ඇතිවීම

* ආහාර දිරවීමේ අපහසුතා ඇතිවීම

* ප්‍රතිශක්තිය හීනවීම

* නිතර තෙහෙට්ටු ස්වභාවයක් ඇතිවීම

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ආහාර පාලනය ආරමිභ කර මාස 3-4ක් යනවිටම පෙන්නුම් කෙරේ. ඒ අන්දමින් රෝග ලක්ෂණ පළ කිරීමට හේතූ වන්නේ පහත ආකාරයට ආහාර පාලනය කල විටයි.

* ප්‍රධාන ආහාර වේල් අතහැර පළතුරු පමණක් ආහාරයට ගැනීම

* කිරි හා කිරි මිශ්‍ර ආහාර මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීම

* උදේ ආහාරය නොගෙන දිවා ආහාරය වනතුරු පළතුරු පමණක් ගැනීම

* දිගින් දිගටම ආහාර නොගෙන හිදීම

* ප්‍රෝටීන අධික ආහාර ගැනීමෙන් සමිපූර්ණයෙන්ම වැළකීම හෝ සෝයා අඩංගූ ආහාර පමණක් ගැනීම

* නිතර ව්‍යායාම කලද ගෙවීයන ශක්තිය නැවත ලබා ගැනීමට අවශ්‍ය ආහාර නොගැනීම

ආහාර පාලනය නිසි පරිදි නොකල විට එනම් අනවශ්‍ය අන්දමින් ආහාර ප්‍රතික්ෂේප කරන විට ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අහිමි වී යයි. ඒ නිසා බර අඩුකර ගැනීමටත් නිරෝගිබව රැක ගැනීමටත් ඔබ කල යත්තේ කාබෝහයිඩ්‍රේටි, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ ලවණ, කෙඳි සහිත සමබර ආහාර වේලක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ගැනීමයි. ප්‍රෝටීන් ආහාර අඩු නොකළ යුතුය. සිරුරට ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. සිරුරේ සියලුම ක්‍රියාකාරිත්වයට ප්‍රෝටීන් අවශ්‍ය වේ.


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 41 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:34 AM
Script:/article/41/what-problems-can-you-get-with-not-getting-enough-nutrition.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:35 AM
Script:/article/41/what-problems-can-you-get-with-not-getting-enough-nutrition.html