scrub කරන්න ඕන මුහුණ නෙවෙයි. සුන්දරත්වය රැක ගන්න පහසුම body scrub

July 25, 2020
19,507
Scrubs for body
ගොඩාක් දෙනෙක් තමන්ගේ මුහුණට වැඩි වශයෙන් සැලකිල්ලක් දක්වද්දී හැම අහිතකර දෙයින්ම තමන්ව ආරක්ෂා කරන සම අමතක කරනවා. කරන හැම සත්කාරයක්ම මුහුණට විතරක් නෙවෙයි මුළු සිරුරටම කරන්න අමතක කරන්න එපා. සම නිරෝගී කර ගන්න වගේම පැහැපත් කර ගන්නටත් ආරක්ෂා කර ගන්නත්  body scrub එකක් කරන එක වැදගත්. හැබැයි ඒක ස්වභාවික ගෙදර ලේසියෙන් හොයාගන්න පුලුවන් දේවල් යොදා ගෙන කරනවා නම් තමයි ගොඩක් හොඳ.

1.සීනි  සහ කෝපි 

කෝපි කුඩු කෝප්ප 1/4ක්, සීනි කෝප්ප 1/4ක්, ඔලිව් තෙල් තේ හැඳි දෙකක්. විටමින් E කරල් තුනක් එක් කර හොඳින් මිශ්‍ර කර paste එකක් පිළියෙළ කර ගන්න. විනාඩි 10-15ක් මෘදුව සම්භාහනය කරන්න. ඉන් පසුව සෝදා ඉවත් කරන්න.

2. ඔලිව් තෙල් සහ සීනි

මේවා ඔයාට නිවසේදී පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් දේවල් නේ. ඔලිව් තෙල් සහ සීනි ශරීරයේ අලේප කිරීමට ප්‍රමාණවත් තරම් ගෙන හොඳින් මිශ්‍ර කර ශරීරය පුරා අලේප කර විනාඩි 30ක් පමණ තියෙන්නට හැර සෝදා හරින්න. මේ මඟින් සමේ මැරුණු සෛල ඉවත් කරමින් සම පෝෂණය කරනවා. සම සිනිඳු කරනවා. මේක ඔයාගේ සමට හොඳ මොයිස්චරයිසර් එකක්.

3. ලෙමන් සහ සීනි

හොඳින් පිරිසිදු කර ගත සම මත මුලින් කිව්වා විදියටම ලෙමන් සහ සීනි මිශ්‍ර කර ආලේපනයක් විදියට සකස් කර ශරීරයේ අලේප කරන්න. සාමාන්‍යයෙන් රළු සමක් තියෙන කෙනෙකුට මේක හොඳ සත්කාරයක්. ඔයාට මේ මිශ්‍රණයට ආමන්ඩ් තෙල් ටිකකුත් එකතු කරන්න පුළුවන් නම් තවත් හොඳයි 

4. පොල් තෙල් වලින් දීප්තිමත් සමක් 

දුඹුරු සීනි කෝප්ප 1/4ක් සහ පිරිසිදු සුදු පොල්තෙල් කෝප්ප 1/4ක් ගෙන හොඳින් මිශ්‍ර කර සිරුරේ ආලේප කර විනාඩි 20 ඉවත් කරන්න 

5. ලෙමන් සහ මී පැණි

මී පැණි කියන්නේ සමට පෝෂණය ලබා දෙන ස්වභාවික මොයිස්චරයිසර් එකක්. ඒ වගේම ස්වභාවික scrub එකක්. ඒ මඟින් මිය ගිය සමේ සෛල ඉවත් කරන අතර සමට තෙතමනය ලබා දෙනවා.

අවශ්‍ය වෙන්නේ;
මී පැණි 
සීනි
නැවුම් ලෙමන් යුෂ

මේ දේවල් ප්‍රමාණවත් පරිදි ගෙන හොඳින් මිශ්‍ර කර ශරීරයේ ආලේප කර පැය බාගයක් පමණ තියෙන්නට හැර සෝදා හරින්න.

6.  කෙසෙල් සහ දුඹුරු සීනි

කෙසෙල් වලින් සමේ තෙල් සහිත බව අවම කරන නිසා තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ගේ සමට කරන්න පුළුවන් හොඳ සත්කාරයක් මේක. කෙසෙල් සහ දුඹුරු සීනි මිශ්‍ර කර පල්පයක් සේ සකස් කර අලේප කරන්න.

7 පොල් තෙල් හා ඉඟුරු 

ඔයාට පහසුවෙන්ම කර ගන්න පුළුවන් තවත් ස්වාභාවික body scrub එකක් තමයි මේ. පොල් තෙල් හා ඉඟුරු යුෂ සමාන ප්‍රමාණ වලින් ගෙන මිශ්‍ර කර සිරුරේ ආලේප කරන්න. ඉඟුරු වෙනුවට ඔයාට ජෝජෝබා තෙල් පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් හොඳයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1724 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:42:38 AM
Script:/article/1724/scrubs-for-body.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:42:38 AM
Script:/article/1724/scrubs-for-body.html