සුදු කොන්ඩේ ගෙදර ඉදන් කළු කරගන්නේ මෙහෙමයි

May 14, 2017
18,330
Lemon And Coconut Oil Mixture Turns Gray Hair Back To Its Natural Color
හිස කෙස් සුදු පැහැ වන එක කලට වගේම අකලටත් වෙන්න පුළුවන්. මේ කොයි විදිහට වුනත්, වයස හංගන්න කැමති කාන්තාවෝ හිසකෙස් සුදු පැහැ වෙනවට නම් පොඩ්ඩක් වත් කැමති නෑ. එක එක ඩයි වර්ග භාවිතයෙන් මෙය වලක්වා ගැනීමට උත්සහ කිරීම අද සුලභව දකින්න තියෙන්න දෙයක් වුනාට, ඒක ඒ තරම්ම සෞඛ්‍යට හොඳ නෑ. මොකද එහි ඇති රසායනිකයන් ශරීරයට එකතු වෙලා කරන්නේ අහිතකර අතුරු ප්‍රතිපල ඇති කරන එක.

හිස්කබල ආසන්න අභ්යන්තරයේ ඇති වර්ණක සෛල මගින් තමයි හිසකෙස් වලට පාට ලබා දෙන්නේ. වයස, කාලය, විවිධ දේශගුණික හේතුන්, සෞඛ්‍ය ගැටළු, නරක පුරුදු වගේ හේතු කාරනා නිසා, මේ වර්ණක සෛල ගෙවී යන්න පුළුවන්. එහෙම ගෙවී ගිහින් ඒවායේ ක්‍රියාකාරිත්වය නැවතුනහම, හිසකෙස් වලට අදාළ වර්ණය දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ඊට පස්සේ හිසකෙස් සුදු පැහැයට හැරෙනවා.

ඉතින් අපිට පුළුවන් නම්, මේ වර්ණක සෛල වල ආයු කාලය වැඩි කර ගන්න, හිසකෙස් වල වර්ණය දිගු කාලයක් රැක ගන්න පුළුවන් කම ලැබෙනවා.

මේ වෙනුවෙන් රසායනික කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතිව, ගෙදරදීම හොයාගන්න පුළුවන් ස්වභාවික දේවල් වලින් සුදු හිසකෙස් වලට ප්‍රතිකර්ම කරන විදිහ තමයි දැන් කියන්න යන්නේ.

ලෙමන් සහ පොල් තෙල් තමයි මේ මිශ්‍රණය පිළියෙළ කරගන්න අවශ්‍ය වෙන්නේ. ලෙමන් වල අඩංගු විටමින් C, D සහ පොස්පරස් හිසකෙස් සුදු පැහැ වීම වළක්වනවා. ඒ වගේම පොල් තෙල් වල ඇති ඇන්ටි ඔක්සයිඩ නිසා නැතිවුණු පැහැය නැවත ලබා දෙන්න හේතු වෙනවා.

ස්වභාවික පොල්තෙල් මිලි ලීටර 50කට ලෙමන් යුෂ මේස හැඳි 3ක් මිශ්‍ර කරන්න.
මේ මිශ්‍රණය හිස්කබල මත හොඳින් ආලේප කරන්න. ඊටපස්සේ පැයක පමණ කාලයක් ඒ විදිහටම තියෙන්න ඇරලා ස්නානය කරන්න.

මේ විදිහට සතියකට සැරයක් කරන්න.

ටික කාලයක් මේ ස්වභාවික ප්‍රතිකාරය කරනකොට ඔබට ඉක්මනින්ම වෙනස වටහාගන්න පුළුවන් වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 274 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:06:44 PM
Script:/article/274/lemon-and-coconut-oil-mixture-turns-gray-hair-back-to-its-natural-color.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:06:44 PM
Script:/article/274/lemon-and-coconut-oil-mixture-turns-gray-hair-back-to-its-natural-color.html