මුළු දවසෙම මහන්සි වුණත් දරුවාට කෑම ටික කවා ගන්න බැරිද? ඒක පොඩි දරුවෝ ඉන්න අම්මලාට තියෙන අමාරුම වැඩ වලින් එකක්. පොඩ්ඩන්ට කෑම කවන එක ඇත්තටම ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද ගොඩාක් දරුවෝ කෑම කන්න හරිම හොරයි. එහෙමයි කියලා අම්මලා නිකන් ඉන්නෙත් නැහැනේ . දරුවා කෑම කන එක මේ විදියට ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියන එක ගැන හොයන්නේ නැතිව බලෙන්, පොරෙන් හරි කෑම ටික කවනවා. අම්මලා එහෙම කරන්නේ ඇයි කියලා අපි දන්නවා. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට අනිවාර්යෙන් ඉහල පෝෂණයක් සහිත ආහාර ලබා දිය යුතුමයි. කුඩා කාලයේදී ලබා දෙන ඒ පෝෂණය දරුවාගේ කායික වර්ධනයට වගේම බුද්ධි වර්ධනයටත් අතිශයින්ම වැදගත් වෙනවා. එත් දැන් දරුවාගේ අකමැත්තෙන් බලෙන් කෑම කවන්න ඕන නැහැ.දැන් එකට ඊට වඩා හොඳ විසඳුමක් තියෙනවා.
දරුවා වැඩිපුර කන්න අකමැති දේවල් මොනවද? දරුවා මේ විදියට කෑම කන එක ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? වගේ ප්‍රශ්න වලට පෝෂණවේදීන්ගේ උපදෙස් ලබා දෙන්න අපි සුදානම්. ඒ උපදෙස් එක්ක දරුවන්ට කෑම කවන එක ගැන තියෙන ප්‍රශ්න වලට ඔයාට විසඳුම් ලැබෙයි. ඒ වගේම තවත් ඒකට මහන්සි වෙන්න ඕනත් නැහැ. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. මේ link එකට ගිහින් ඒ තියෙන form එක fill කරලා අපිට එවන්න. ඔයාගේ ගැටලුවට හැකි ඉක්මනින් පිළිතුරු ලබා දෙන්න අපි ලෑස්තියි.
