මැදි විය පසු කරනවත් සමගම ගත යුතු විටමින් වර්ග

December 6, 2018
7,418
Vitamins you need when you pass mid age
මැදි වියට පා තැබුවත් සමගම ඇති වෙන ලෙඩ රෝග වලට එරෙහිව සටන් වැදීමට විටමින් සහ ඛනිජ බහුල වශයෙන් උපකාර වෙනවා. මැදි වියෙන් පසුව එළඹෙන්නේ මහළු විය. ඉතින් මහළු වියේදී ඔයාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගොඩක් අඩුයි. ඒ නිසා ඔයා විටමින් B 12, කැල්සියම්, ඔමේගා 3, මැග්නීසියම් සහ පොටෑසියම් යන විටමින් සහ ඛනිජ වර්ග ඔයාගේ ශරීරයට අනිවාර්යයෙන් අත්‍යවශ්‍යයි.

ඕනෑම කෙනෙක් වයස් ගත වීමෙන් හදවත් රෝග, දියවැඩියාව සහ කොලොස්ටරෝල් වැනි රෝග වලට ගොදුරු වෙනවා. මෙම රෝග වලට පිලියමක් විදිහට විටමින් සහ ඛනිජ පෝෂණ ගුණය ඇති ආහාර ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න. සමහරක් වෙලාවට ආහාර වලින් ලැබෙන විටමින් පෝෂණය මදි වුණාම ඖෂධ මගින් ශරීරයට ලබා ගන්න වෙනවා.

විටමින් B 12

විටමින් කියන්නේ අපේ ශරීරයට අනිවාර්යයෙන්ම ලැබිය යුතු පෝෂණය ගෙන දෙන සාධකයකි. කලක් තිස්සෙම විටමින් ඔයාගේ ශරීරයට ලැබුණේ නැත්තම් ශරීරයේ එදිනෙදා ක්‍රියාකරිත්වය අඩපණ වෙලා ඔයාව ලෙඩ වෙනවා. විටමින් ඔයාගේ ශරීරයේ ආරක්ෂකයා විදිහට හඳුන්වනවා. විටමින් B12 ඔයාගේ ඇඟට ඉතාමත් වටිනා විටමින් වර්ගයක් වන අතර රතු රුධිර සෛල සහ DNA නිපදවීමට උදව් කරනවා සේම ස්නායු  පද්ධතියේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සදහා උදව් කරනවා. මාංශ ආහාර වල එනම් මස්, මාළු, බිත්තර කිරි මගින් විටමින් B12 ඔයාගේ ශරීරයට ලබා ගන්න පුළුවන්. විටමින් B12 ඌනතාවය නිසා ලෙඩ ඇති වෙන්නේ වයස් ගත වුනාට පසුවයි ඊට හේතුව වයස් ගත වූ පසුව ආහාරවල පෝෂණ කොටස් උරා ගන්න ඔයාගේ ශරීරය අපොහොසත් වෙනවා.

කැල්සියම් 

ශරිරයට වඩාත් වැදගත් සංඝටකයක් තමා කැල්සියම් කියන්නේ. වයස 50 ඉක්මවූ කාන්තාවන් නැතිනම් පිරිමි පුද්ගලයන්ගේ අස්ථි බිඳීම් සහ හදවත් රෝග වැනි රෝග රැසකට විසඳුම කැල්සියම්. ඉතින් ඔයා කැල්සියම් අඩංගු ආහාර හෝ අතිරේක මගින් කැල්සියම් ශරීරයට ලබා ගන්න. කිරි, මුදවපු කිරි, සැමන්, නිවිති මගින් කැල්සියම් ඔයාගේ ශරීරයට ලබා ගන්න පුළුවන් වෙනවා.

විටමින් D

තවද විටමින් D ලබා ගැනීම මගින් ඔයාගේ ශරීරයේ ඇති වන රෝග වලට ආරක්ෂාව සලසා ගන්න පුළුවන්. උදයේ හිරු එළියේ ටික වෙලාවක් ගත කරන්න. එවිට ලේසියෙන්ම  විටමින් D ඔයාගේ ශරීරයට ලබා දෙනවා.

ඔමේගා 3

ඔමේගා 3 මගින් ඔයාගේ ශරීරයේ අහිතකර කොලොස්ටරෝල් මට්ට්ටම අඩු කර හදවත් රෝග වලින් වැළකීමට හැකියාව තියෙනවා. කොළ පැහැති පලා වර්ග, හණ ඈට සහ මාළු ආහාරයට ගැනීමෙන් ඔමේගා 3 නිසි ලෙස ඔයාගේ ශරීරයට ලැබෙනවා.

පොටෑසියම් 

පොටෑසියම් මගින් සිදු වෙන්නේ රුධිර පීඩනය පාලනය කිරීමයි. පොටෑසියම් ඔයාගේ ශරීරයට ලබා ගැනීමෙන් බඩවැල් ආශ්‍රිත රෝග සහ හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු වෙනවා කෙසෙල්, බතල, බෝංචි සහ මන්සුර් පරිප්පු මගින් එදිනෙදා ආහාරයට එකතු කර ගන්න. ඖෂධ මගින් විටමින් පෝෂණ ගුණයන් ලබා ගන්නවට වඩා සමබර ආහාර වේලක් ලබා ගැනීමට පුරුදු වෙන්න.

මැග්නීසියම් 

වයසට යාමත් සමග රෝග රැසකට ගොදුරු වෙනවා. ඉතින් ඔයා ඔයාගේ ශරීරය ගැන හුගාක් සැලකිලිමත් වෙන්න තද කොළ පැහැති පලා වර්ග, බෝංචි, සෝයා, ඇට වර්ග සහ අලි ගැට පේර වැනි ආහාර ඔයාගේ ආහාරයට එකතු කර ගන්න. එමගින් මස්පිඩු පෙරලීම, පාචනය වැනි රෝග වලින් වැළකීමට හැකියාව තියෙනවා.

ඔයත් ඔයාගේ ජීවිතය වගේම පවුලේ හැමෝගෙම ජිවිතයේ ගැන සැලකිලිමත් නම් ඖෂධ මගින් විටමින් පෝෂණ ගුණයන් ලබා ගන්නවා වෙනුවට සමබර ආහාර වේලක් ලබා ගැනීමට පුරුදු වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1190 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:59:22 PM
Script:/article/1190/vitamins-you-need-when-you-pass-mid-age.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:59:22 PM
Script:/article/1190/vitamins-you-need-when-you-pass-mid-age.html