මේ විදියට එක දවසක් වෙනස් කර ගන්න උත්සාහ කරන්න, හැම දවසක්ම සාර්ථක කර ගන්න පුළුවන් වෙයි

March 1, 2018
12,931
Change your day like this. Your whole life will be changed
අපි හැම කෙනෙක්ම මේ ගන්න හැම උත්සාහයක්ම ගන්නේ අපේ ජිවිත වලට සාර්ථකත්වය ළඟා කර ගන්න. සාර්ථකත්වය කියන දේ අපේ ළඟට එන්නේ නැහැ. අපි සාර්ථකත්වය හඹා යා යුතුයි. ඒකට අපේ අදහස්, ආකල්ප වගේම ක්‍රියාකලාපය වගේම කැප කිරිම්නුත් කළ යුතුමයි. ඒ වගේම අපේ ජිවිත වල සැබෑ වෙනවසක් කිරීම අනිවාර්යයි. හැම දවසක්ම සාර්ථක කර ගත්තොත් කිසිම ආයාසයක් ගන්නේ නැතුව ඔයාගේ ජිවිතයම සාර්ථක කර ගන්න පුළුවන්.

අනාගතේ ගැන හීන දැක දැක ඉන්නවට වඩා කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මේ දේවල් එක්ක එක දවසක් වෙනස් කර ගන්න. ඒ ඔස්සේ ඔබගේ ඉදිරි ගමන සැලසුම් කර ගන්න.

1. මුලින්ම කරන්න ඕන මේ මොහොතේ ඔබ කරන, කියන දේ ගැන සිහියෙන් ඉන්න එක. අපේ ගොඩක් දෙනෙක් ගොඩක් වෙලාව ගත කරන්නේ වෙන වෙන ලෝක වල. එහෙම උනොත් ඒ මොහොතේ ඔබ කරන දෙය වත් නිවැරැද්ව කර ගන්න බැරුව යනවා. ඒ නිසා හැම මොහොතක්ම නිවැරදි සිහියෙන් යුතුව ගත කරන්න.

2. උදෙන්ම අවදි වෙන්න. මොකද දවසෙන් භාගයක් ගතවෙන කල් නිදා ගත්තොත් එදා දවසට කරන්න තියෙන වැඩ වලින් භාගයක්ම ඊළඟ දවසට කල් දාන්න වෙනවා. එහෙම එහෙම දවසින් දවස ඔයාගේ වැඩ කල් යනවා.

3. උදෙන්ම අවදි වෙන්න නම් ඉතින් ටිකක් වේලාසනින් නින්දට යන්න වෙනවා. එහෙම නැත්තන් ඇත්තටම ඊළඟ දවසේ උදෙන් අවදි වෙන්න බැහැනේ. ඒ නිසා කලින් දවසේ ටිකකල් ඇතුව නින්දට යන්න. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

4. නින්ද එනකන් ඊළඟ දවසේ කරන්න තියෙන වැඩ ගැන සැලසුමක් හදා ගන්න. සැලසුම් සහගතව කරන ඕන දෙයක් අනිවාර්යෙන් සාර්ථක වෙනවා.

5. වැඩිපුර වතුර බොන්න. මොකද ඔබගේ සෞඛ්‍ය තත්ත්වයේ වැඩි ප්‍රතිශතයක් රැඳිලා තියෙන්නේ වතුර පානය කරන ප්‍රමාණය මත. නිරෝගී භාවය අහිමි වීම අපේ හැම දෙයක්ම කඩා වටෙන්න හේතුවක් වෙනවා.

6. ක්‍රමානුකුල ව්‍යායාම වලට හුරු වෙන්න. ඒකත් අනිවාර්යෙන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය නංවන්න උදව් වෙන්නක්.

7. ධනාත්මකව හිතන්න. මොකද අපේ ආකල්ප, අපි හිතන පතන විදිය තමයි අපේ හැම දෙයක්ම තීරණය කරන්නේ.

8. එදිනෙදා කළ යුතු කාර්යයන් වල ලැයිස්තුවක් තබා ගන්න. ඒක ඔයාට අනිවාර්යෙන් පහසුවක් වේවි.

9. කියවීමේ වටිනා පුරුද්ද ඔයා ළඟත් ඇති කර ගන්න. කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියලා කතාවකුත් තියෙනවනේ. පොතක් කියවලා ලබා ගන්න අත්දැකීම අවුරුදු 100ක් ජිවත් වුනත් ලබා ගන්න බැහැ. ඒ අත්දැකීම් සහ දැනුම ඔබේ සාර්ථකත්වයට උදව්වක් වෙයි.

10. නිතරම ඔයාව සතුටින් තියන්න පුළුවන් දේවල් ළං කර ගන්න. හිතේ සතුට හා සැහැල්ලුව තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න අපිට ශක්තිය ලැබෙනවා.

11. නිතරම අලුත් දේවල් අත්හදා බලන්න සහ ඉගෙන ගන්න. ඒ දේවල් වලින් සාර්ථකත්වය ළඟා කර ගන්න. අපියි සාර්ථකත්වය සොයා යන්න ඕන. එය කවදාවත් අපි ළඟට එන්නේ නැහැ.

12. ඔයාගේ සිහින කවදාවත් අත්හරින්න එපා. සිහින, බලාපොරොත්තු තමයි අපිව ජිවත් කරවන්නේ.

13. අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. ශක්තිමත් ආර්ථික තත්ත්වයක් නොතිබුනොත් අනිවාර්යෙන් හැම දෙයක්ම අවුල් වෙනවා, ප්‍රශ්න ඇති වෙන්න, වැඩි වෙන්න එය හේතුවක්.

14. කෙටි කාලීන සහ දිගු කාලීන ඉලක්ක තබා ගන්න. ඒවා ඉටු කර ගන්න අවශ්‍ය පියවර ටිකෙන් ටික තබන්න.

15. උදැසනට සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න. කලිනුත් කිව්වා වගේ හැම දෙයක්ම කරන්න නම් අපි හොඳින් ඉන්න ඕන.

16. ඉඳ හිට හෝ නිවසින් පිට විවේකයක් ගත කරන්න යන්න plan කරන්න. කායික හා මානසික සතුට, සැහැල්ලුව නැති වුණොත් අපි පරාද වෙනවාමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed