සමබර බව නැති වුනොත් හැම දේම කණපිට පෙරලෙන්න පුළුවන්

March 25, 2018
4,337
If you don't balance things would turn upside down
ජිවිතේ කියන්නෙත් හරියට ගලන ගඟක් වගේ කියලා අහලා ඇතිනේ. ජීවිතේට සතුට වගේම දුක, වේදනාව, අහිමි වීම් වගේ ඍනාත්මක දේත් ජීවිතේට එනවා. ඒත් ඒක ස්වභාවය. ඒ හැම දෙයක් එක්කම ජිවිතේ සමබර කරගෙන ඉදිරියට සීරුවට අරගෙන යන්න පුළුවන් එක තමයි වටින්නේ. ඒ සමබර බව නැති වුනොත් හැම දෙයක්ම අවුල් වෙන්න කණපිට පෙරලෙන්න පුළුවන්. ඒ නිසා ජිවිතේ අවුල් වියවුල් ගොඩක් කර ගන්නේ නැතුව මේ විදියට වැඩ කරන්න.

අපි ගන්න තීරණ නිසා අපිම පසුතැවෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒ නිසා තීරණ ගනිද්දී හැම වෙලාවකම හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කරන්න. ඒ වගේම හැඟීම්බරව ඉන්න වෙලාවට තීරණ ගන්න එපා. ඒ වෙලාවට අපි ගන්න තීරණ ගොඩාක් වෙලාවට වරදින්න පුළුවන්. ඔයා හැම වෙලාවකම ගන්න තීරණ නිවැරදි සිහියෙන් හා බුද්ධිමත්ව ගන්න කෙනෙක් නම් ඔයාට දුක් වෙන්න හේතු ඇති වෙන්නේ නැහැ.

සංවිධානාත්මක බව කියන්නේ අවුල් වියවුල් ඇති නොවෙන්න බලපාන දෙයක්. ඔයාට පුළුවන් නම් රැකියාවේ වැඩ කටයුතු සහ ගෙදර දොරේ වැඩ කටයුතු ඇතුළු හැම දේම පිළිවෙලකට, පිරිසිදුවට කරන්න එදිනෙදා ඇති වෙන ප්‍රශ්න ගොඩාක් අවම කර ගන්න පුළුවන්. ඒ නිසා එදිනෙදා කරන්න ඕන වැඩ කටයුතු ගැන සැලැස්මක් ඇතිව වැඩ කරන්න.

අපි ළඟ තියෙන සන්නිවේදන දුර්වලතා නිසා ගොඩාක් වෙලාවට එකිනෙකා අතරේ ගැටුම් නිර්මාණය වෙනවා. රැකියා ස්ථානයේ, ගෙදරදී, යාලුවෝ එක්ක වගේම පෙම්වතා, සැමියා සහ දරුවන් එක්ක හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යන්න. එකිනෙක්කාගේ සිතුවිලි හඳුනා ගන්න සහ ඔවුන් හොඳින් තේරුම් ගන්න. එහෙම නොවුනොත් හැමදාම සතුටට බාධා වෙන දේවල් සිද්ධ වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි. ඒ නිසා නිවැරදි අවබෝධය ඉතාමත් වැදගත්.

විස්වාසය කියන්නේ ඇති වුනොත් නැති කරන්න අමාරු, නැති වුනොත් ආයේ ඇති කරන්න බැරි දෙයක්. ඒ වගේම ඉල්ලලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත් අය තුල ඔයා ගැන විශ්වාසය ගොඩ නගා ගන්න. විශ්වාසය කියන්නේ හරිම ඉක්මනින් බිඳෙන්න බලන දෙයක්. ඒ නිසා හරිම පරිස්සමට රැක ගන්න ඕන. එහෙම නොවුනොත් අනිත් අය අතරින් ඔයාව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. එහෙම වෙද්දී ඔයා කොහොමද සතුටින් ඉන්නේ.

ඔයාගේ සතුට නැති කරන්නත්, නැති ප්‍රශ්න ඇතිවෙන්නත් හේතුවක් තමයි විවේචනය. ඔයා නිතරම අනිත් අයව විවේචනය කරනවා නම්, ඔයාට පෙන්නේ අනිත් අයගේ වැරදීම නම් කිරීම කෙනෙක් ඔයාට කැමති වෙන්නේ නැහැ. විශේෂයෙන් ආදර සම්බන්ධතා වලදී ඔයාට එයාගේ හොඳක් පෙන්නේම නැත්තන් කාලයක් යද්දී එයාට ඔයාව කලකිරෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අයව විවේචනය කරනවා වෙනුවට තමන්ගේ අඩු පාඩු හදා ගන්න එක තමයි වැදගත්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 718 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:53:41 PM
Script:/article/718/if-you-dont-balance-things-would-turn-upside-down.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:53:41 PM
Script:/article/718/if-you-dont-balance-things-would-turn-upside-down.html