ලස්සන ආත්මයක් සහිත තරුණියක් වෙන්න වටිනා උපදෙස් 9ක්

April 16, 2020
3,440
Be a woman with a beautiful soul
ඔබ දන්නවාද ඕනෙම කෙනෙකුගේ භෞතික පෙනුම කියන්නේ වැදගත් දෙයක් නමුත් බුද්ධිමත්භාවය සහ යහපත් ගතිගුණ සමඟ සසඳනකොට එයට ඒ තරම් වටිනාකමක් ලැබෙන්නේ නෑ. ඕනෙම ගෑණු ළමයෙක්ටත් ඒ සත්‍යය අදාළයි. මොකද තරුණියකගේ අලංකාරය කියන්නේ සමේ සුන්දරත්වය විතරක් නෙමෙයි ඇයගේ අභ්‍යන්තර සුන්දරත්වයත් ඒකට අදාළයි. අපි අද ඔබට මේ වටිනා උපුටා දැක්වීම් කීපය කියන්නේ ඒ ගැන ඔබට අවබෝධයක් දෙන්නයි. බුද්ධිමත් තරුණියක් විදිහට ඔබ වටා ඇති ව්‍යාජ උපකල්පනයන්ගෙන් මිදිලා සැබෑ සුන්දරත්වය පවතින්නේ කොහේද කියලා දැන ගන්න මේ ලිපියෙන් ඔබට පුළුවන් වෙයි. ඒ වගේම ඔබට අලුත් විදිහට ඔබ දෙසම නැවත හැරී බලන්නට මේ විශිෂ්ටයින්ගේ අදහස් අත්වැලක් දෙයි.

සාම්ප්‍රදායිකව හොඳ පෙනුමක් නැති ඒත් ලස්සන ආත්මයක් සහිත තරුණියකට ඇගේ සුන්දරත්වය පෙන්වන්න ටික කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් පරිපූර්ණ සුන්දරත්වය ගැන පුරසාරම් දොඩන අයට වඩා අභ්‍යන්තර සුන්දරත්වය ඇති තරුණියන් ඇත්තටම අපූරුයි කියලා ඔප්පු කරන්න පුළුවන්.

1 " මිනිස්සු වීදුරු ජනෙල් වගේ. ඔවුන් දීප්තියෙන් බබළයි, නමුත් හිරු බැස ගියාම, අන්ධකාරය පැමිණි විට ඔවුන්ගේ සැබෑ සුන්දරත්වය හෙළි වන්නේ ඇතුළත සිට ආලෝකයක් තිබෙනවා නම් පමණයි "
(මනෝ චිකිත්සකවරියක් හා ගත්කතුවරියක් වන Elisabeth Kübler-Ross)

2 " මිනිසුන් බොහෝ විට පවසන්නේ “අලංකාරය නරඹන්නාගේ ඇසෙහි” ඇති බවයි. මම කියන්නේ සුන්දරත්වය පිළිබඳ වඩාත්ම සත්‍යදායක දෙය නම් ඔබ නරඹන්නා බව වටහා ගැනීමයි. අන් අය බැලීමට එඩිතර නොවූ ස්ථානවල අලංකාරය සොයා ගැනීමට මෙය ඔබට බලය ලබා දෙයි" 
(රංගන ශිල්පිනියක් වන Salma Hayek)

3 විසිතුරු හිසකෙස්, රන් ආභරණ හෝ අලංකාර ඇඳුම් කියන්නේ ඔබේ සුන්දරත්වය නොවේ. ඔබේ අලංකාරය ඔබ තුළින්ම පැමිණිය යුතුයි. එයයි මෘදු හා නිහඬ ආත්මයක සුන්දරත්වය. මෙම අලංකාරය කිසි විටෙකත් අතුරුදහන් නොවන අතර එය දෙවියන් වහන්සේට ද ඉතා වටී.
(Peter 3:3-4, ශුද්ධ වූ බයිබලය)

4 "කාන්තාවක් කෙතරම් පැහැදිලිව පැවසුවත් සත්‍යය සහ අවංකකම ඇගේ මුහුණ පුරා ලියා ඇත්නම් ඇය සුන්දර වනු ඇත. "
 (හිටපු එක්සත් ජනපද ජනාධිපති ආර්යාවක් වන Eleanor Roosevelt )

5" අලංකාරය කියන්නේ පරමාදර්ශයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබම වෙනස් වීම හෝ අනෙක් අයට අවශ්‍ය විදිහට වෙනස් වීම නොවේ. සැබෑ සුන්දරත්වය කියන්නේ සිත්ගන්නාසුළු, සැබවින්ම ප්‍රියමනාප, කරුණාබර බවයි. වෙනත් කෙනෙකුගේ ලස්සන පිළිබඳ අර්ථ දැක්වීම ඔබ කෙරෙහි කිසිදු බලපෑමක් නොමැති බව දැන ගැනීමයි." 
( කතුවරියක් වන Golda Poretsky)

6 "අලංකාරය මුහුණේ නැත; අලංකාරය කියන්නේ හදවතේ ආලෝකයකි.”
( චිත්‍ර ශිල්පියෙක්, කවියෙක්, ලේඛකයෙක් වන Kahlil Gibran)

7 "යහපත් චරිතය‍යි අලංකාරයට දායක වෙන්නේ. කාන්තාවකට ඇගේ තරුණ කාලය පහව ගියත් එය ශක්තිමත්ව පවතිනවා. යහපත් චර්යා රටාවකට, ධෛර්යයකට, විනයකට සහ අඛණ්ඩතාවකට කාන්තාවක් ලස්සන කිරීමට විශාල දෙයක් කළ හැකිය."
( රංගන ශිල්පිනියක් වන Jacqueline Bisset)

8 "මිනිසුන් අභ්‍යන්තරය දෙස බලන ආකාරය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නම්, පිටතින් ලෝකය පැවතීමට වඩාත් සුදුසු ස්ථානයක් වනු ඇත."
(මාධ්‍යවේදියෙක් වන David Walsh )

9 "සැබෑ සුන්දරත්වය ඔබේ කොණ්ඩයේ වර්ණය හෝ ඔබේ ඇස්වල වර්ණය හා සම්බන්ධ නොවේ. සැබෑ සුන්දරත්වය යනු මිනිසෙකු ලෙස ඔබ තුළ පවතින මූලධර්ම හා ඔබේ සදාචාරයන් ය."
( රූපවාහිනී නිවේදිකාවක් වන Ellen DeGeneres)

අභ්‍යන්තර සුන්දරත්වය පිළිබඳ මෙම සුප්‍රසිද්ධ උපුටා දැක්වීම් යමෙක්ගේ පෙනුම මත පදනම් වෙලා යම් කෙනෙක් පිළිබඳව මතයක් ගොඩනැගීමට පෙර දෙවරක් සිතන්න​ට ඔබට උගන්වයි. ඊළඟ වතාවේදී ඔබ ඔබව වෙනත් කෙනෙක් සමඟ සංසන්දනය කරනකොට, සැමවිටම වැදගත් වන්නේ ඇතුළාන්තය බව මතක තබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1555 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:22:21 AM
Script:/article/1555/be-a-woman-with-a-beautiful-soul.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:22:22 AM
Script:/article/1555/be-a-woman-with-a-beautiful-soul.html