මවු පදවිය ලබන්න නම් මේ දෙවල් සම්පූර්ණ කරන්න

August 8, 2018
9,969
Complete these before to be a mom
සුවහසක් බලාපොරොත්තු එක්ක යුග දිවියට එළඹෙන ඕනෑම දෙදෙනෙකුගේ ඊළග බලාපොරොත්තුව පුංචි කැදැල්ලට දරු පැටියෙක් අරන් එන එක. ඉතිං මේ බලාපොරොත්තුව මල්ඵල ගන්වා ගන්න යුවතියක් අසීමිතව කැප කිරීම් කළ යුතුයි. නිරෝගි දරුවෙක් බිහි කරන්න ගැබිනියක ගර්භණී කාලය ඉතා නිරෝගීමත්ව ගත කළ යුතුයි. එම නිසා මවක වීමට පූර්වයේ සිටම යුවතියක් විසින් කළ යුතු කාර්යයන් රැසක් තිබෙනවා. ඒ පිළිබඳව අද හැඩකාරී තුළින් දැනුවත් කරන්න අපි සුදානම්. විවාහ වීමට සිටින වගේම විවාව වී දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින ඔබටත් එය වැදගත් වේවි.

පෝෂණය

මවක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සෑම යුවතියක්ම මනා ලෙස සිරුරේ ස්කන්ධය පාලනය කළ යුතුයි. විශේෂයෙන්ම ඔබ මනා පෝෂ්‍යයදායී ආහාර ලබා ගැනීම අත්‍යාවශ්‍යයි. දරුවෙකු පිළිසිඳ ගත් මුල් සති 08 ඇතුළත කළලයේ අවයව, පද්ධති බොහෝ ප්‍රමාණයක් විකසනය වී අවසන්. ප්‍රථමයෙන් ඔබ මනා පෝෂණ තත්ත්වයක නොසිටියහොත් එය දරුවාගේ නිරෝගී බවටද බලපාන්න ඉඩකඩ තිබෙනවා.

ශරීරයේ බර පාලනය කිරීම

ඒ වගේම ශරීරයේ බර මනාව පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්. ඔබ තරබාරු කෙනෙක් නම්, ක්‍රම ක්‍රමයෙන් ශරීරයේ බර පාලනය කර ගත යුතුයි. එසේ නොවුණහොත් ඔබට ගැබ් ගැනීමට වගේම දරු ප්‍රසුතියටද එය ප්‍රබල ගැටලූවක් විය හැකියි. ශරීරයේ තරබාරු බව නිසා ගර්භනී කාලය තුළදී දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. මෙවැනි ගැටලූ දරුවාගේ සෞඛ්‍යය තත්ත්වය කෙරෙහිත් අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන්. ශරීරයේ බර වැඩි වීම තුල නියමිත කාලයට පෙර දරුවා ප්‍රසූත කිරීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම තමයි නියමිත බරට වඩා බර අඩු වුණොත් ඒ කියන්නේ ශරීරය කෘෂ වුණොත් ගර්භණීභාවයට වගේම දරුවාගේ නිරෝගී බවට බලපෑම් ඇති කරන්නට පුළුවන්. අඩු බර දරු උපත් හා බෝ නොවන රෝගවලට ලක්වීමේ අවධානමද වැඩියි. මේ නිසා අඩු බර උපත් සහ නියමිත කාලයට පෙර ප්‍රසව වේදනා ඇති වීම විශේෂයි. එම නිසා ශරීයේ බර ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම ගර්භණී භාවයට ඉතා වැදගත්.

රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය

මවක් විමට බලාපොරොත්තු වෙන ඔබ ඔබගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම අනිවාර්යයෙන්ම පරීක්ෂා කරගත යුතුයි. මොකද හිමොග්ලොබින් මට්ටම අඩු වුණොත් දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එය දරුවාගේ වර්ධනය කෙරෙහි බලපෑමක් විය හැකියි. ඒ කියන්නේ විවිධ අඩුපාඩු සහිත දරු උපතක් වෙන්න තියෙන ඉඩකඩ බහුලයි. ඒ විතරක් නෙමෙයි මවගේ ජීවිතයටද අවදානමක් ගෙන දෙන්න පුළුවන්.

රුධිරයේ හිමොග්ලොබින් අඩු වෙන්නේ ඇයි?

මේ සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක ගණනාවක් හඳුනාගන්න පුළුවන්. ඒ අතරින් යකඩ ඌනතාව ප්‍රබල සාධකයක්. යකඩ අඩංගු විටමින් භාවිත කිරීමෙන් මෙය නිවැරදි කළ හැකියි. ඒ වගේම සුළු තැලසීමියා තත්ත්වය මගින් ද රුධිරයේ හිමොග්ලොබින් අඩු විය හැකියි. ගර්භනීභාවයට පූර්වයෙන් රුධිර පරීක්ෂාවකින් මේ තත්ත්වය පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්. මොකද දෙමාපියන් දෙදෙනාටම තැලසීමියා තත්ත්වය පැවතියහොත් උපදින දරුවාටද මෙම භයානක රෝගය ඇතිවිය හැකියි.

ගැබ් ගැනීමට ප්‍රථම ඔබගේ රුධිර ගණය පරීක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්. මොකද රුධිරය ඝණ වර්ගයේ නම් එමගින් කළලයට ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගැනීමට පෙර සිටම පියවර ගත හැකියි.

නිරෝගීමත් සෞඛ්‍යය තත්ත්වයක් තිබීම

ඒ වගේම දියවැඩියාව, අධි රුධිර පීඩනය, අපස්මාරය, මානසික රෝග හා හෘදය ආශ්‍රිත රෝග මෙන්ම දීර්ඝ කාලීනව පවතින රෝගයන් ගර්භනීභාවය කෙරෙහි අහිතකර ලෙස බලපාන්න පුළුවන්. එවැනි රෝගයන් නිශ්චය කරගත් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු වී ඒවා පාලනය කර ගැනීමට හෝ ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීම අත්‍යාවශ්‍යයි. එමගින් ඔබේ දරුවාට සහ ඔබට ඇති විය හැකි සංකූලතා අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. ගර්භණී කාලය තුළ ඔබ ලබා ගන්නා සෑම ඖෂධයක්ම වෛද්‍ය නිර්දේශයකින් පමණක් ලබාගත යුතුයි. සමහර ඖෂධ මගින් දරු ගැබට අහිතකර බලපෑම් ඇතිවිය හැකියි.

ෆෝලීක් අම්ලය

ඔබ මවක් වෙන්න හිතන්න පටන් ගත්ත දිනයේ සිටම අමතර ෆෝලික් අම්ල පෙත්තක් දිනපතා ලබා ගැනීම ඉතාම වැදගත්. මොකද දරුවෙක් පිළසිද ගන්නා අවස්ථාව වනවිට ඔබගේ රුධිරයේ ප්‍රමාණවත් ෆෝලික් අම්ල සාන්ද්‍රනයක් නොතිබුණහොත් දරුවාගේ ස්නායු පද්ධතියේ දරුණු අබාධ ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

එමෙන්ම විශේෂයෙන්ම ඔබට පෙර ගර්භණීතාවයන් වලදී ඇතැම් සංකූලතා උද්ගත වූයේ නම් එවැනි සංකූලතා නැවත නැවත ඇති වීමට ඉඩකඩ ඇති බැවින් නැවත කළලයක් පිළසිද ගැනීමට පූර්වයෙන් ඔබගේ වෛද්‍යවරයාගෙන් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත්.

මත්පැන් පානය කරන්න එපා

විශේෂයෙන්ම ඔබ දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් නම් කිසිම ආකාරයේ මත්ද්‍රව්‍යයක් භාවිතයෙන් වැළකී කටයුතු කරන්න. එය දරුවාගේ සෞඛ්‍යයටද ඔබගේ සෞඛ්‍යය තත්ත්වයටද බෙහෙවින් වැදගත් වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1008 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:28:56 PM
Script:/article/1008/complete-these-before-to-be-a-mom.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:28:56 PM
Script:/article/1008/complete-these-before-to-be-a-mom.html