මේ ලෙඩරෝග සුව කරගන්න ඕන නම් කරපිංචා ටිකක් වැඩිපුර කන්න

October 15, 2018
8,668
Eat more curry leaves to get rid of these diseases
මුළුතැන් ගෙයි ඉඳලා ලස්සන වෙන්න වගේම ලෙඩ රෝග ගොඩකටත් විසදුම් හොයා ගන්න පුළුවන් කියලා හැඩකාරී අපි ඔයාට කිව්වොතින් එයින් ඔයා පුදුමයටත් පත් වෙයි. සමාන්‍යයෙන් කරපිංචා භාවිත කරන්නේ එදිනෙදා අපි උයන පිහින එළවලු රසවත් කර ගන්නනේ. ගොඩක් වේලාවට එළවලුවල සුවඳවත් බව වැඩි කර ගන්න තමයි අපි කරපිංචා භාවිත කරන්නේ. දැන හෝ නොදැන ඔයා ඉවුම් පිහහුම් වලට එකතු කරන මේ කරපිංචාවල ගුණ නම් බොහොමයි. තන්තු, යකඩ, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, වගේම විටමින් A, C‍, B, E ආදී විටමින් අඩංගු වෙනවා. ඉතිං මේ තරම් ගුණ කරපිංචාවල තියෙන බවක් ඔයා සමහරවිට අහලත් නැතුව ඇති. අන්න ඒ නිසා තමයි අද හැඩකාරී අපි ඔයාට කියන්නේ ලෙඩ ගොඩකට සුව දෙන කරපිංචා ඔසුවක් කියලා. ඉතිං ඔයා අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ලෙඩරෝගවලට කරපිංචා ඔසුවක් වෙන්නේ කොහොමද කියලා.

01. පාචනය ඇති වීම වළක්වාලනවා

යම් හෙයකින් පාචනය හැදුණොත් ලොකු කුඩා කවුරුත් එයින් පීඩා විඳිනවා අඩු වැඩි වශයෙන්. විශේෂයෙන්ම පාචනය කියන්නේ ඔයාගේ සිරුරේ ප්‍රතිශක්තිය හීන කරන රෝගයක්. ඉතිං දැන් පාචනය රෝගය ඇති වීම වළක්වා ගන්න කරපිංචා භාවිත කළ හැකියි. කරපිංචාවල Carbazole alkaloid රසායනිකය අන්තර්ගත වෙනවා. සමාන්‍යයෙන් පාචනය වැළඳෙන්නේ බැක්ටීරියා ක්‍රි‍යාකාරීත්වය හා විෂබීජ නිසා. ඉතිං මේ රසායනිකයට බැක්ටීරියාවලට හා පාචනයට එරෙහිව සටන් කිරීමේ හැකියාව තියෙනවා. පාචන රෝගය ඇති වුණ කෙනෙක්ට දිනකට දෙවරක් විතර තේ එකට කරපිංචා කොළ කිහිපයක යුෂ එකතු කරලා බොන්න දෙන්න.

02. සිරුරේ සීනි මට්ටම පාලනය කරගන්න

සිරුරේ තියෙන සීනි මට්ටම වැඩි වීමෙන් ඇති වන භයානක තත්ත්වයක් තමයි දියවැඩියාව කියන්නේ. දියවැඩියා රෝගයෙන් පීඩා විඳින කෙනෙක්ට කරපිංචා කියන්නේ ගුණයෙන් ඉහළ ඖෂධයක්. ඉතිං දැන් ඔයාට කරපිංචාවලින් සිරුරේ සීනි මට්ටම අඩුකර ගැනීමේ හැකියාව තියෙනවා. කරපිංචාවල තියෙන තන්තු තමයි මේ සඳහා උපකාරී වෙන්නේ. සමාන්‍යයෙන් අපි එළවලු පිළියෙල කරනකොට කරපිංචා එකතු කර ගන්නවානේ. ඉතිං දැන් ටිකක් වැඩිපුර කරපිංචා එකතු කළාට කවදාවත් නරකක් නම් වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි පුළුවන් නම් තේ එකකටත් කරපිංචා යුෂ ස්වල්පයක් එකතු කර ගන්න. එයින් ඔයාගේ සිරුරේ සීනි මට්ටම පාලනය කරනවා.

03. ආහාර ජීර්ණය පහසු කරනවා

සමාන්‍යයෙන් මළබද්ධය වැනි ගැටළු ඇති වෙන්නේ ආහාර ජීර්ණය හොඳින් සිදු නොවෙන නිසා. හැබැයි ඔයා කරපිංචා හොඳින් ආහාරයට එකතු කළොත් එවැනි ගැටළුවක් ඇති වෙන්නේ නෑ. මොකද කරපිංචාවල තන්තු බහුලයි කියලා ඔයා හොඳින්ම දන්නවානේ. මේ තන්තු ආහාර ජීර්ණය හොඳින් සිදු කරනවා විතරක් නෙමෙයි බහිස්‍රාවයට උපකාරී වෙනවා. ඉතිං ඔයත් කරපිංචා කොළ කිහිපයක යුෂ තේ එකකට එකතු කරලා බොන්න දවසකට දෙවතාවක් විතර. විශේෂයෙන්ම අර්ශස් වැනි රෝගවලට කරපිංචා ඉතාමත් ගුණදායකයි.

04. සම ආශ්‍රිත ගැටළු සමනය කර ගන්න

හිරු එළිය සහ විවිධ සම ආශ්‍රිත ආසාදන තත්වයන් නිසා ඔයාගේ සමේ විවිධ ගැටළුකාරී තත්ත්වයන් අඩුවැඩි වශයෙන් ඇති විය හැකියි. ඉතිං කරපිංචාවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ඔයාගේ සමට හානී කරන දීලිර හා බැක්ටිරියා ආසාදනය කිරීම අඩු කරනවා. විශේෂයෙන්ම කුරුළෑ ඇති වීමෙන් ඔයා පීඩා විඳින කෙනෙක් නම් දැන් ඒ ගැටළුවෙන් අත් මිදෙන්න පුළුවන් කරපිංචා ආහාරයට ගත්තොත්. සම ආශ්‍රි‍තව ඇතිවන බොහෝ රෝගවලට වගේම සමේ ඇතිවන පිළිස්සුම්, කෘමි දෂ්ට කිරීම් වළක්වා ගන්න කරපිංචා උපකාරී වෙනවා.

05. කෙට්ටු වෙන්න

ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි අධික තරබාරු බව. ඉතිං මේ තරබාරු බයෙන් අත් මිදෙන්න කරපිංචා භාවිත කළ හැකියි. කරපිංචා ජුස් ගැන ඔයා අහලා ඇතිනේ. ඉතිං මේ කරපිංචා ජුස් එක ඔයා පානය කළොත් සිරුරේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගෙන කෙට්ටු වෙන්න පුළුවන් වගේම සමට පැහැපත් බවක් එකතු කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක්. කරපිංචා කොළ ස්වල්පයක් ගෙන බ්ලෙන්ඩර් කර ගන්න. පසුව ඒ කරපිංචා යුෂ එකට දෙහි බෑයක ඉෂ්ම එකතු කරන්න. කුරුදු කැල්ලක්, දොඩම් ඉස්ම, පොල් කිරි ස්වල්පයක්, වතුර ස්වල්පයක්, මී පැණි තේ හැන්දක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. ඕන නම් ඔයාට ලුණු ටිකක් වුණත් එකතු කළ හැකියි. මේ විදිහට ඔයා සකස් කරගත්ත කරපිංචා ජුස් එක කෑමට විනාඩි 20 කට විතර කලින් පානය කරන්න. සතියකට 03 සැරයක් විතර ඔයා මේ සත්කාරය කළොත් ඔයා බලාගෙන ඉන්නකොටම සිරුරේ බර අඩු වෙලා යාවී.

06. හිසකෙස්වල වර්ධනයට

ගොඩක් කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශ්වයේ අයටත් තියෙන ගැටළුවක් තමයි හිස්කෙස් අකලට වැටීම, හිසකෙස්වල පැහැය අඩුවීම. ඉතිං මෙවැනි ගැටළුවලට කරපිංචාවලින් විසඳුම් හොයන්න පුළුවන්. ගොඩක් පිරිමි පාර්ශ්වයේ අයට තියෙන ගැටළුවක් තමයි හිසකෙස් වර්ධනය නොවීම. සමාන්‍යයෙන් අපි තට්ටය පෑදෙනවා කියලා කියන්නේ. ඉතිං හිසකෙස් යම් ප්‍රමාණයකින් හරි වර්ධනය කර ගන්න දැන් ඔයාට කරපිංචාවලින් පුළුවන්. ඒකට ඔයාට කරපිංචා භාවිත කරලා තෙල් සකස් කරගත හැකියි. කරපිංචා, මුකුණු වැන්න, නෙල්ලි, හෙනා පත්‍ර ආදීය එකට අරගෙන හොඳින් අඹරා ගන්න. පසුව මඳ ගින්නේ තියලා මදක් රත් වෙනකොට පොල්තෙල් මිශ්‍ර කරන්න. පැයක් විතර යනකොට මේ මිශ්‍රණය කළු පාට වෙනවා. ඉතිං මේ විදිහට සකස් කර ගත්ත තෙල් පෙරා ඉවත් කරගත හැකියි. මේ තෙල් හිසේ ගැල්වීම මගින් නිරෝගීමත් කෙස් කළඹක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

07. රෝග රැසකට ඖෂධයක්

ඇට මිදුලුවල ශක්තිමත් බවට, කක්කල් කැස්ස, පැසවු නිය සුවවීමට, ඇස්වල වේදනාව, වායු ගෙඩි සුව වීම, බඩදැවිල්ල, ස්නායු දුර්විල විම, පිළිකා සෛල විනාශ කිරීම, ඇස් පෙනීම ආශ්‍රිත ගැටළු ආදී රෝග රැසකටම කරපිංචා කියන්නේ ඖෂධයක්.


ඉතිං මේ කී ගැටළු රැසටම කරපිංචාවලින් විසදුම් ලබා ගන්න නම් ඔයාට කරපිංචා ආහාරයට එකතු කර ගන්න වෙනවා අඩුවක් නැතුවම. සමාන්‍යයෙන් අපි එදිනෙදා පිළියෙළ කරන ආහාරවලට කරපිංචා එකතු කර ගන්නවානේ. ඉතිං තවදුරටත් එළවලුවල තියෙන කරපිංචා පිගානේ පැත්තකට කරන්නේ නැතුව කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. තේ එකක් බොන වේලාවටට කරපිංචා යුෂ ටිකක් තේ එකට එකතු කර ගන්නත් අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1119 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:24:09 AM
Script:/article/1119/eat-more-curry-leaves-to-get-rid-of-these-diseases.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:24:09 AM
Script:/article/1119/eat-more-curry-leaves-to-get-rid-of-these-diseases.html