අවධානය හිතකර ලෙස වෙනස් කරන ජිග්සෝ ප්‍රහේලිකා මගින් ලැබෙන ප්‍රතිලාභ

January 10, 2022
6,960
Benefits of jigsaw puzzles for children and adults
අයහපත් සෞඛ්‍යය, අයහපත් කාලගුණය හෝ ගෝලීය වසංගත තත්ත්වයක් වැනි ඕනෑම හේතුවක් නිසා නිවසට කොටුව සිටින ඔබගේ තනි රැකීමට ජිග්සෝ ප්‍රහේලිකා හොඳම මිතුරෙක් කරගත හැකියි. එය කාලය ගෙවා ගැනීමට ඇති සාර්ථකම ක්‍රමයක් ද වනවා. කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ යෙදිය හැකි ජිග්සෝ ප්‍රහේළිකා විසඳීමෙන් කාලය නොදැනුවත්වම ගෙවී යනවාට අමතරව වෙනත් ප්‍රතිලාභද රාශියක්ද අත්වනවා..


ජිග්සෝ ප්‍රහේලිකා මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ

* පර්යේශකයන්ට අනුව ජිග්සෝ ප්‍රහේලිකා විසඳීමේ දී ඥාණය සහ තර්කකිරීමේ ශක්තිය ක්‍රියාත්මක වෙන නිසා එය සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ට වැදගත් වනවා.

* මානසික ආතතිය දුරු කරලීම

* එකමුතුව සහයෝගයෙන් වැඩ කිරීමට හැකිවීම



* ප්‍රහේලිකා විසඳීම සඳහා නිරාවරණය විමෙන් දරුවන්ගේ කුසළතා (spatial skills - අවකාශීය කුසළතා) ඉහළ නංවන අතර දරුවන් පාසල සඳහා පෙර සූදානම් කල හැකියි.

* ප්‍රහේළිකා විසඳීමට පැය ගණනක් ගතකිරීම විනෝදජනක සහ අභියෝගාත්මක වන අතර එය ඔබගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනු ලබනවා.


එක් අධ්‍යනයක් මගින් වයස්ගත වන විට මනස තියුණුව තබා ගැනීමට ජිග්සෝ ප්‍රහේලිකා උපකාරී වන බවට හෙළිව තිබෙනවා.



මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිකරන ජිග්සෝ ප්‍රහේලිකා වැනි ක්‍රමයන් මගින් ඉක්මන් බුද්ධි වර්ධනය, වේගවත් සැකසුම්, සැලසුම් කුසලතා, තීරණ ගැනීම සහ කෙටි කාලීන මතකය පවත්වා ගැනීම වැනි ක්‍රියා සඳහා සහය වනවා.

එමෙන්ම මනස ක්‍රියාශීලිව පවත්වා ගැනීමට ජිග්සෝ ප්‍රහේලිකාවලට අමතරව හරස්පද ප්‍රහේලිකා සහ Scrabble, චෙස්, සුදොකු සහ bridge වැනි දේවල් මෙන්ම නැටුම්, පින්තාරු කිරීම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීම හෝ නව භාෂාවක් ඉගෙනීම වැනි ක්‍රියාකාරකම්ද සිදුකල හැකියි.


ජිග්සෝ වැනි ප්‍රහේලිකා විසඳීම ඉතා විනෝදජනක වන අතර සෑම විට අලුත් ප්‍රහේලිකා සොයා ගැනීම සඳහා නිරන්තර පෙළඹීමක් ඇති කරන්නක්.. ලෝක ප්‍රකට ධනවතෙක් වන බිල් ගේට්ස් ඔහුගේ සෑම නිවාඩුවක් සඳහාම ජිග්සෝ ප්‍රහේලිකා එක්කර ගනු ලබන බවයි පැවසෙන්නෙ..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 2121 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:17:07 AM
Script:/article/2121/benefits-of-jigsaw-puzzles-for-children-and-adults.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:17:07 AM
Script:/article/2121/benefits-of-jigsaw-puzzles-for-children-and-adults.html