දිදුලන සමක් ලබා ගන්න ඕන අය මේ දේවල් වලින් ඈත් වෙන්න

March 21, 2018
9,587
Stay away from these to have a glowing skin
අපි හැමදාම කියන්නේ සම ලස්සන කර ගන්න, පැහැපත් කර ගන්න කරන්න ඕන මොනවද කියලනේ. එත් අද කියන්නේ ඒ වනුවෙන් ඔබ නොකර ඉන්න ඕන, වැළකෙන්න ඕන දේවල් මොනවද කියලා.

නිතර තේ, කෝපි පානය නම් ඒ තරම් ගුණ නෑ. තේ, කෝපි වල බහුලව කැෆේන් අඩංගු වෙනවා. කැෆේන් කියන්නේ සම වියලි වීමට වෙන්නක්. ඔබට තියෙන්නේ වියළි සමක් නම් ඔබ දිනකට බොන තේ, කෝපි ප්‍රමාණය අවම කරන්න. එළවලු, පලතුරු යුෂ පානයට හුරු වෙන්න. එය සමට වගේම සෞඛ්‍යටත් හිතකරයි.

ක්ලෝරීන් සහිත වතුර වලිනුත් සමට හානි වෙනවා. ඒ නිසා ඔබ භාවිතයට ගන්නා ජලයේ ඇති ක්ලෝරීන් ප්‍රමාණය හැකි තරම් අවම කරගන්න උත්සාහ කරන්න. ස්නානය කරන වතුරවල උවමනාවටත් වඩා වැඩියෙන් ක්ලෝරීන් මිශ්‍ර වෙලා තියනවනම් එය ඔබගේ සමට දිගුකාලීනව අහිතකර ලෙස බලපාන්න පුළුවන්.

කිසි ලෙසකින් නින්ද මඟ හරින්න එපා. එය අපේ ශරීරයට ලබා දෙන විවේකයක්. ඒ විවේකය ලබා නොදීමෙන් සෞඛ්‍ය ගැටළු මෙන්ම සුන්දරත්වයටත් හානි කරනවා. මුහුණට මලානික පෙනුමක් එක කරන්නත් ඇස් වටා කළු වෙන්නත් මෙය හේතුවක්. ඒ නිසා අඩුම තරමින් පැය 8ක් නොකඩවා නින්දක් ලබා ගැනීම කායික වගේම මානසික සෞඛ්‍යයටත් යහපත්.

ඔබත් උණු වතුර ස්නානයට හුරු වුනු කෙනෙක් නම් එයත් ඔබේ සමට වගේම හිසකෙස් වලටත් අහිතකරයි. බොහෝ වෙලාවක් හෝ දිනපතා උණුවතුර ස්නානය නිසා ඔබේ සමේ ස්වාභාවික තෙල් තුලනයට හානි ගෙනදෙන්න පුලුවන්.

ඔයත් පුරුද්දක් විදියට කුරුලෑ කඩනවද? එහෙනම් ඔයා දැනටමත් මුහුණට ගොඩක් හානි කරගෙන ඇති. කුරුලෑ කැඩීම නිසා තව දුරටත් බැක්ටීරියා වර්ධනය වෙන්න ගන්නවා. එකෙන් කුරුලෑ වැඩි වෙනවා වගේම මුහුණේ කැළැල් ඇති වෙනවා.

නිතර නිතර කෘතීම ආලේපන ගැල්වීම අවම කරන්න. ඒවගෙන් සමට හානියක් මිසක් වෙන යහපතක් නැහැ. හැකි තරම් ස්වාභාවික ආලේපන වලට හුරු වෙන්න. සමේ තෙතමනය ආරක්ෂා කර ගනිමින් වියළි බව නැති කර ගන්න දිනපතා වැඩිපුර වතුර බොන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 713 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:34 AM
Script:/article/713/stay-away-from-these-to-have-a-glowing-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:34 AM
Script:/article/713/stay-away-from-these-to-have-a-glowing-skin.html