ලස්සන කියන්නේ සුදු මුහුණකටම විතරක් නෙවෙයි. අමතකම කරපු ලස්සන ඇස් දෙක රැක ගන්න අද ඉඳලාවත් මහන්සි වෙන්න

February 2, 2018
7,675
Do not forget about your beautiful eyes
කෙනෙක්ගේ මුහුණ බලද්දී අපි හැමෝගෙම ඇස් මුලින්ම යොමු වෙන්නේ අනිත් කෙනාගේ ඇස් දිහා. ගොඩක් දෙනෙක් තමන්ගේ සුන්දරත්වය වැඩි කර ගන්න හිතුවට වැදගත්ම දේ අමතක කරනවා. අපේ ඇස් වල සුන්දරත්වයට, පෙනුමට, ඒ දීප්තියට අනිත් අයව ආකර්ෂණය කර ගන්න පුළුවන්. එත් පාරසරික හේතුන් සහ ශාරීරික, ජානමය හේතුන් නිසාත් දෑස් වල මේ කියන සුන්දරත්වය නැති වෙලා යනවා. ඒ වගේම අපේ තවත් අය කරන වැරදි වැඩ නිසාත් දෑසේ සුන්දරත්වය අහිමි කරනවා.

මුලින්ම ඔයාගේ පවුලේ අයට අක්ෂි සම්බන්ධ ගැටළු තියෙනවද කියලා හොයලා බලන්න. ඔබේ පවුලේ සෞඛ්‍ය ඉතිහාසය ගැන හොයා බලන එක ගොඩාක් වැදගත් පවුලේ දියවැඩියාවෙන් පෙළෙන හෝ අධි රුධිර පීඩනයෙන් පෙලෙන අය ඉන්නවා නම් ඔබට ඔබේ අක්ෂි සෞඛ්‍ය ගැන වැඩි අවදානයක් දෙන්න වෙනවා

අහිතකර හිරු කිරණ වලින් ඇස් දෙක පරිස්සම් කර ගන්න. හිරු එළියෙන් වැටෙන අහිතකර පාරජම්බුල කිරණ ඇස් වල පෙනීමට හානි ඇති කරන්න හේතු වෙනවා. මෙය පසු කාලීනව ඔබේ ඇස් වල සුද ඇති වීමටත් හේතුවක් වෙනවා. දිනපතා එළිමහනේ දී සෑම විටම හිරුගේ හානිකර පාරජම්බුල කිරණ වලින් 100% ක් ඔබේ ඇස් ආරක්ෂා කරවන, අව් කණ්නාඩි පළඳින්න අමතක කරන්න එපා.

ඒ නිසා රාත්‍රී කාලයේ ගමන් බිමන් යද්දී ඔයාගේ ඇස ගැටෙන අධික ආලෝකය සහිත විදුලි බුබුළු වලින් ඔයාගේ ඇස් දෙක පරිස්සම් කර ගන්න. ඒ දේවල් පුළුවන් තරම් මඟ හරින්න.

ඒ වගේම දුවිලි අංශු, අධි වෝල්ටීයතාවයකින් යුතු විදුලි බල්බ වල ආලෝකය වගේ දේවල් වලින් ඔයාගේ දෑස් වලට හානි වෙනවා. ඔයාගේ පෙනීම අඩු කරන්න හා අක්ෂි සම්බන්ධ බොහෝ ගැටළු ඇති කරන්න මේවා හේතු වෙනවා.

ඒ වගේම ඔයා කාර්යාලයක වැඩ කරන නිතරම පරිගනකය එක්ක ගනු දෙනු කරන කෙනෙක් නම් ඔයාගේ ඇස් දෙක පරිස්සම් කර ගන්න උපැස් යුවලක් පැළඳීම වඩා ආරක්ශාකාරියි.

එත් ගොඩක් දෙනෙක් රූපයට බාධාවක් වෙයි කියලා හිතලා කණ්නාඩි දෙකක් පළදින එක ගැන වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. තවත් සමහර අය උපැස් යුවලක් පළදින්න ටිකක් අදි මදි කරනවා, ඒ ගැන ලජ්ජා හිතනවා, එහෙම පලදිද්දී අනිත් අය උපහාසයෙන් බලනවා කියලා හිතනවා. ඒත් ඔයා එහෙම හිතනවා නම් ඔයාගේ ඇස් දෙක අනාරක්ෂිතයි කියලත් මතක තියා ගන්න ඕන. හැබැයි ඔයාට දෘෂ්ටි ආබාධයක් තියෙනවා නම් ආවාට ගියාට කණ්නාඩි පළඳින්නේ නැතුව ඒ ගැන පරික්ෂා කරව ගෙන නිර්දේශ කරන උපැස් යුවලක් පළඳින්න

සෞඛ්‍ය සම්පන්න සහ සමබර ආහාර වේලක් අනුභව කරන්න. වර්ණවත් හා තද කොළ පැහැති එළවළු ආහාරයට ගන්න. ඒ වගේම බිත්තර, බතල, කිරි, නිවිති තක්කාලි, කැරට් වැනි ආහාර ඇස් වල පෙනීම වර්ධනය කරන්න උදවු වෙනවා.

ඒ වගේම ඇස් වටා කළු වීම, ඉදිමීම වැනි තත්ත්වයන් අවම කර ගන්න කරන්න පුළුවන් සත්කාර කරන්නත්, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමටත් අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 646 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:56 PM
Script:/article/646/do-not-forget-about-your-beautiful-eyes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:57 PM
Script:/article/646/do-not-forget-about-your-beautiful-eyes.html