ලෝකයේ මිල අධිකම කාන්තා සුවඳ විලවුන් වර්ග 05 මෙන්න

September 17, 2018
11,007
Top 5 most expensive women perfume
පර්ෆියුම් එකක් භාවිත නොකරන කෙනෙක් අද හොයා ගන්නත් අසීරුයි. මොකද අද ගැහැණු, පිරිමි භේදයක් නැතුව ලොකු, කුඩා කවුරුත් කුමන වර්ගයේ හෝ පර්ෆියුම් එකක් භාවිත කරනවා. අපි සාමාන්‍යයෙන් පර්ෆියුම් එකක් භාවිත කරන්නේ සුවඳත් බවක් එකතු කර ගන්න. විශේෂයෙන්ම දහඩිය දුගඳ නැති කර ගන්න. ගොඩක් පර්ෆියුම් වර්ගවලට තියෙන්නේ කෙටි ආයුෂ. මොකද අද තියෙන පර්ෆියුම් එක හෙට වෙනකොට ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ෆර්පියුම්වල තරඟකාරීත්වය වැඩි වෙන තරමට ගුණයෙන් වගේම සුවඳින් අඩු පර්ෆියුම් ජනතාව අතරෙන් වගේම වෙළෙඳපොළෙන් ඉක්මනින් ගිලිහි යනවා. ලංකාවේ ෆර්පියුම්වල තත්ත්වයට වඩා ලොක්යේ ෆර්පියුම්වල තත්ත්වය නම් ටිකක් වෙනස්. ඔන්න අද Hadakari අපි කියන මේ සුවඳවිලවුන් වර්ගවලට වැයකරන මුදල ඇහුවම ඔයා පුදුමයට පත් වෙයි.

01. DNKY Golden Delicious





මේ පර්ෆියුම් එක අද ලෝකයේ ජනප්‍රිය පර්ෆියුම් අතරට දැනටමත් එකතු වෙලා ඉවරයි. මේ පර්ෆියුම් බෝතලය ඉතාමත් අලංකාරයි වගේම කැරට් 14 රත්‍රං, සුදු රත්‍රං සහ කහ රත්‍රං තමයි පර්ෆියුම් බෝතලය නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ. බෝතලය වටේටම දියමන්ති, ඉන්ද්‍රනීල, පද්මරාග වැනි මැණික් ගල් වලින් අලංකාර කර තිබීමත් විශේෂයි. අපි මෙතෙක් වෙලා ඔයාට කිව්වේ පර්ෆියුම් බෝතලය ගැන විතරයි නේ. මේ පර්ෆියුම් එකේ සුවඳ කොහොමද කියලා ඔයාට හිතා ගන්න පුංචි ඉගියක් විතරයි හැඩකාරී අපිට දෙන්න පුළුවන්. ඇපල් , සඳුන්, ඕකිඩ්, කස්තුරි, ලිලි, මිරඩෙල් යන සුවඳ රැසක එකතුවකින් තමයි මේ පර්ෆියුම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ලංකාවේ මුදලින් මේ පර්ෆියුම් එකේ වටිනාකම විතරක් රු. 159,865,000.00 ක් පමණ වෙනවා. ඉතිං ඔයත් හොඳ පර්ෆියුම් එකක් ගන්න බලාගෙන හිටපු කෙනෙක් නම් දැන් ඔයාට ලෝකයේ මිල අධික වගේ සුවඳවත්ම පර්ෆියුම් එක භාවිත කරන්න අවස්ථාව තියෙනවා.

02. Clive Christian



මේ සුවඳ විලවුන් වර්ගයත් ලෝකයේ ජනප්‍රියතම කාන්තා සුවඳ විලූවුන් අතරට එකතු වුණු පර්ෆියුම් එකක්. මේ සුවඳ විලවුන් බෝතලයේ පෙනුම ගැන ඔයාට කිව්වොතින් රාජකීය පෙනුමක් තමයි මෙයින් දිස් වෙන්නේ. කැරට් 18 රත්‍රං තමයි බෝතලය නිර්මාණය කරන්න යොදා ගෙන යෙන්නේ. මේ පර්ෆියුම් බෝතලයේ මුඩියට කැරට් 05 දියමන්ති භාවිත කරලා තියෙනවා. සඳුන් , කරදමුංගු, මැංඩරීන්, දොඩම්, ඉන්දීය පිච්ච, දෙහි, සුදු පිචිච ආදී සංඝටක තමයි මේ පර්ෆියුම් එක නිෂ්පාදනය කරන්න යොදාගෙන තියෙන්නේ. මේ සුවඳ විලවුන් වර්ගයේ මිල ලංකාවේ මුදලින් රු. 695,41, 275.00 ක් පමණ වෙනවා.

03. Baccarat Les Larmes Sacrees de thebes



මේ පර්ෆියුම් එකත් අද ලෝකයේ කාන්තාවන් අතර ඉතාමත් ජනප්‍රියයි. මෙහි බෝතලය පළි`ගු වීදුරුවලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහි හැඩය ඊජිප්තු පීරමීඩයක හැඩයකින් දකින්න පුළුවන්. මෙහි විශේෂත්වය වෙන්නේ දුර්ලභ සංඝටක තමයි මේ පර්ෆියුම් එක නිෂ්පාදනය කරන්න යොදාගෙන තියෙන්නේ. කට්ට කුමන්ජල්, කළුවැල් වැනි දුර්ලභ සංඝටක මේ පර්ෆියුම් එකේ අන්තර්ගතයි. අපේ රටේ මුදලන් මේ පර්ෆියුම් එකේ මිල රු. 10,87,082.00 ක් පමණ වෙනවා.


04. Clive Christian No. 01



මේ සුවඳ විලවුන් වර්ගයත් කාන්තාවන් අතර වඩාත් ජනප්‍රිය සුවඳවිලවුන් වර්ගයක්. පිච්ච, සඳුන්, රෝස වැනි සංඝටක තමයි මේ පර්ෆියුම් වර්ගය නිෂ්පාදනය කරන්න භාවිත කරලා තියෙන්නේ. කැරට් 18 රත්‍රං සහ පළිඟු යොදාගෙන මේ පර්ෆියුම් බෝතලය නිර්මාණය කරලා තියෙනවා. මෙහි මුඩියට කැරට් 05 දියමන්ති භාවිත කරලා තියෙනවා. ලංකාවේ මුදලින් මේ පර්ෆියුම් එකේ මිල රු. 3,43,709.00 ක් පමණ වෙනවා.

05. Caron’s Poivre



තවත් මිල අධිකම සුවඳ විලවුන් වර්ගයක් තමයි Caron’s Poivre කියන පර්ෆියුම් එක. මේ පර්ෆියුම් එකේ බෝතලය නිර්මාණය කරලා තියෙන්නේ රත්‍රං සහ පළිඟුවලන්. මේ පර්ෆියුම් එකට රෝස, පිච්ච, ලිලි, සඳුන් වැනි සංඝටක භාවිත කරලා තියෙනවා. ඩොලර් 2000 ක් වෙන මේ පර්ෆියුම් එක අපේ රටේ මුදලින් රු. 3,19,730.00 ක් පමණ වෙනවා. ලෝකයේ කාන්තාවන් අතර ජනප්‍රියතම පර්ෆියුම් වර්ග 05 අතරෙන් මිලෙන් අඩුම පර්ෆියුම් එක වශයෙන් තමයි මේ පර්ෆියුම් එක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතිං දැන් ඔයත් කැමති නම් මේ පර්ෆියුම් එකක් භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි සහකරුවෙක්ට, පෙම්වතෙක්ට දැන් තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් සහකාරිය වෙනුවෙන් මේ වගේ පර්ෆියුම් එකක් ඕන නම් තෑගී කරන්නත් පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1080 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:15:21 PM
Script:/article/1080/top-5-most-expensive-women-perfume.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:15:22 PM
Script:/article/1080/top-5-most-expensive-women-perfume.html