ස්වාභාවිකව සම සුරකින සුපිරි ආහාර

October 23, 2019
11,383
Super food to increase your skin health
යුවතියන් දිනපතා වෙහෙසෙන්නේ මුහුණේ සුන්දරත්වය තව තවත් වැඩි කර ගන්නේ කොහොමද කියලයි. මුහුණේ සුන්දරත්වය ගැන හිතන යුවතියන් අතින් නොදනුවත්කමෙන් කරන සමහර වැරදි නිසා ඔයාගේ සුන්දරත්වයට හානි වෙනවා. රූපලාවණ්‍ය නිෂ්පාදන සහ සම රැකවරණ ක්‍රම භාවිතා කිරීම මගින් බාහිර ස්වරුපයට හානි ගෙන දෙනමුත් සමබර හා පිරිසිදු ආහාර ලබා නොගැනීම මගින් ඔයාගේ අභ්‍යන්තරයට හානි ගෙන දෙන්න පුලුවන්. අද හැඩකාරී අපි ඔයාට ශරීර සෞඛ්‍යට හොඳ ප්‍රතිලාභ ලබා ගත හැකි අතර සමේ දීප්තිය වැඩි කර ගැනීමට බලපාන සුපිරි ආහාර වර්ග කිහිපයක් ගැන මේ ලිපියෙන් කියලා දෙනවා. මෙම ආහාර ඔබේ නිතිපතා ආහාර වේලට එකතු කිරීමෙන් ඔයාට බර අඩු කර ගන්න පුලුවන්. ඉතින්, ඔයාගේ සම තරුණ හා දීප්තිමත් මෙන්ම මෘදු තබා ගැනීමට උපකාරී වන ආහාර මොනවාද කියලා අපි බලමු.

හරිත එළවළු

ඔයාගේ ආහාර වේලට වැඩිපුර කොළ පැහැති එළවළු එක් කරගන්න. කොල පැහැති එළවළු යනුවෙන් අදහස් කරනුයේ නිවිති, මල් ගෝවා, සහ කොළ බෝංචි වගේ එලවලුයි. මෙම ආහාර මගින් ඔයාගේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. විටමින් K සහ සින්ක් වලින් පොහොසත් නිවිති මගින් රුධිර සංසරණය සහ කැටි ගැසීම වැඩි දියුණු කිරීමට, දැවිල්ල අඩු කිරීමට සහ කුරුලෑ ඇතිවීම වැළැක්වීමට උපකාරී වන පෝෂ්‍ය පදාර්ථයකි. ඒවා පරිවෘත්තීය හා ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා පමණක් නොව, මල බද්ධය ඇතිවීමේ හැකියාවද අඩු කරනවා. මේ ආහාර නිසා සම දීප්තිමත් කිරීමට උපකාරී වෙනවා.

තක්කාලි

තක්කාලි පුදුම සහගත පලතුරක් වන්නේ වයස්ගත වීමේ ලක්ෂණ අවම කිරීමට හැකියාවක් එයට ඇති නිසා. තක්කාලි කියන්නේ විටමින් K, A, B1, B7 සහ C, සින්ක්, පොටෑසියම්, පොස්පරස්, යකඩ, ෆෝලේට් සහ මැග්නීසියම් වලින් පොහොසත් ප්‍රභවයක්. සමේ රැකවරණය සම්බන්ධයෙන් ගත්තම තක්කාලි කියන්නේ පැහැදිලි හා පිරිසිදු සමක් සඳහා වඩාත්ම ඵලදායී පිළියමක්. වයසට යාම හා හිරුට ආවරණය වී හානිවීම වැනි සමේ ගැටළු වලට ප්‍රතිකාර කිරීමට එය උපකාරී වෙනවා.

ආමන්ඩ්

ස්වාභාවික විටමින් වල හොඳම ප්‍රභවය ආමන්ඩ්. කෙනෙකු අවම වශයෙන් දිනකට ආමන්ඩ් 10-15 ක් වත් ආහාරයට ගත යුතුයි. සෑම දිනකම ආමන්ඩ් ආහාරයට ගැනීමෙන් ඔබේ සමේ වියළි බව, රැළි සහ වයස්ගත වීම වැනි ගැටළු වළක්වා ගත හැකි අතර විටමින් E සහ කැල්සියම් වැඩි ප්‍රමාණයක් ඇති බැවින් හිසකෙස්, දත්, නියපොතු සහ සම සඳහා විශිෂ්ට ආහාරයක්.

දොඩම්

දොඩම් විටමින් C වලින් පිරී ඇති අතර ඔයාගේ සම සඳහා විශිෂ්ට පිරිසිදු කිරීමේ කාරකයක් ලෙස ක්‍රියා කරන අතර එමඟින්  දීප්තිමත් සමක් ලබා දේ. දොඩම් ඔයාගේ සමේ වර්ණය වැඩි දියුණු කිරීමට සහ කොලජන් යථා තත්වයට පත් කිරීමට උපකාරී වන අතර සැමට තෙතමනය හා රැළි රහිතව තබා ගැනීමට උපකාරී වේ. දිනපතා අවම වශයෙන් දොඩම් දෙකක්වත් අනුභව කිරීමට සුදුසුයි.

අලිගැටපේර

අලිගැට පේර ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ නිරෝගී තෙල් හා විටමින් E වලින් පිරී ඇති නිසායි. එමඟින් සමේ නිරෝගී බව මෙන්ම සමේ හයිඩ්‍රේට් ද වර්ධනය කරනවා. අලිගැට පේර ආහාරයට ගැනීමෙන් සමේ රෝග ඇතිවීමේ අවදානම වළක්වන අතර ඔයාගේ සමට ගැඹුරින් තෙතමනය සහ සම නිරෝගී බව හා තරුණව තබා ගැනීමට උපකාරී වෙනවා. අලිගැට පේර මගින් හිරු එළියෙන් සිදුවන හානිය සහ දැවිල්ල වළක්වන අතර කුරුලෑ තත්වයට ප්‍රතිකාර කිරීමට සහ සුව කිරීමට උපකාරී වෙනවා. අලිගැට පේර වල හයිඩ්‍රේටින් ගුණාංග නිසා සම තරුණ පෙනුමක් හා රැළි රහිතව තබා ගැනීමට හේතු වෙනවා. අලිගැට පේර විටමින් K, C, A, E සහ B6, කැරොටිනොයිඩ් සහ ෆෝලේට් වලින් පොහොසත් .  

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1428 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:57:27 AM
Script:/article/1428/super-food-to-increase-your-skin-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:57:27 AM
Script:/article/1428/super-food-to-increase-your-skin-health.html