ඔබේ සම අඳුරු සහ විඩාබර වීමට හේතු සහ සම පැහැපත් කරගන්න ක්‍රම

November 10, 2021
16,820
Causes of dull, tired skin and how to brighten it
දීප්තිමත් දිදුලන සමක් කාන්තා අපගේ සදාකාලික බලාපොරොත්තුවයි.. ඒ සඳහා අප ඉතා වෙහෙසවනවා.. නමුත් සෑමවිටම සම ඒකාකාරි දීප්තියකින් පවත්වා ගැනීම දුෂ්කර කාර්‍යයක්.. කාන්තාවන් බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක් වන්නේ සමෙහි ඇතිවන අඳුරු ස්වභාවය සහ විඩාපත් පෙනුමයි.

එසේනම් මෙන්න සම අඳුරු පැහැවීමට බලපාන සාධක කිහිපයක් සහ ඒ සඳහා ඔබට නිවසේදි සිදුකල හැකි ප්‍රථිකාර කිහිපයක්..

1. සම විජලනය වීම
ඔබගේ සිරැරේ ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් ජලය නොලැබීමෙන් සිරැර විජලනය වන අතර සම වියළීම සිදුවනවා. විශේෂයෙන් දිගුකාලයක් පුරා සමට අවශ්‍ය තෙතමනය නොලැබීම හේතුවෙන් සමේ රේඛා මතුවීම, ඉරිතැලීම, එල්ලා වැටීම ආදි ලක්ෂණ දැකිය හැකියි.. කල්ගතවත්ම සමේ කොරල මතුවීම හා ගැඹුරු රැළි වැටීම් ඇතිවීමේ අවධානමක් තිබෙනවා..

ප්‍රථිකාර : හොඳින් ජලය පානය කරන්න. දිනකට ජල වීදුරු 8ක් හෝ වෙනත් සීනි හෝ කැෆේන් අඩංගු නැති පාන වර්ග ලබාගන්න.

2. සම රැකවරණ පුරුදු මගහැරීම
අප සියළු දෙනා දිනපතා උදෑසන මුහුන පිරිසිදු කලත් අඩක් පමණ දෙනා අත්‍යවශ්‍ය පියවරක් මගහරිනු ලබනවා.. එමනිසා සමේ ඇති මියගිය සහ වියළි සෛල නිසිපරිදි ඉවත් නොවන අතර එම නිසා මුහුණ අඳුරු වීම සිදුවනවා.

ප්‍රථිකාරය : සමට සුදුසු ස්ක්‍රබ් වර්ගයක් භාවිතයෙන් සමේ ඇති මැරුණු සෛල ඉවත් කරන්න. ඉන්පසු ඔබ හිරු එළියට නිරාවරණය වනවා නම් සමට සුදුසු හිරු කිරණ ආවරණ ආලේපයක් භාවිතා කරන්න.

3. මොයිස්චරයිසින් නොකිරීම
සම අඳුරු සහ විඩාබර විමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ මුහුණේ සම වියළීමයි. එවිට සම ඉරිතැලීම සහ දුර්වල වීම සිදුවනවා.

ප්‍රථිකාර : සෑම උදෑසනකම සහ රාත්‍රියේදී සම පිරිසිදු කිරීමෙන් පසුව සමට සුදුසු මොයිස්චරයිසින් ආලේපනයක් භාවිතා කල යුතුයි. එමගින් සමේ තෙතමනය රැකදී සම ආරක්ෂා වනවා. එමෙන්ම සමට නීරෝගි සහ පෝෂ්‍යදායි පෙනුමක් ගෙන එනවා.

4. මානසික ආතතිය
ජීවිතයේ මුහුනදෙන නොයෙකුත් දෑ හේතුවෙන් අප විටෙක ආතතියට පත් වනවා.. රැකියා, අධ්‍යාපන, ආර්ථික සහ පුද්ගලික ජීවිතයේ නොයෙකුත් හේතූන් ඊට බලපාන අතර ආතතිය නිසා ශරීරයේ ආතති හෝමෝනය හෙවත් කෝටිසෝල් හෝමෝන මට්ටම ඉහළ යාම සිදුවනවා. එය රුධිර ගමනාගමනයට සහ සම සඳහා අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා.

ප්‍රථිකාර : මානසික ආතතිය දුරු කරගැනීම සඳහා දිනකට මිනිත්තු කිහිපයක් ඔබ වෙන්කල යුතුයි. ඇවිදීම, යෝග අභ්‍යාසයක නිරත වීම, උණුසුම් ජල ස්නානයක් ලබාගැනීම හෝ ඔබගේ මනස සැහැල්ලු කරන කුමන හෝ ක්‍රියාකාරකමක නිරත විය යුතුයි.

5. ප්‍රමාණවත් නින්දක් නොලැබීම
ප්‍රමාණවත් නින්දක් නොමැතිවීම සමේ විඩාබර බවට ප්‍රධාන හේතුවකි.. සමේ සිදුවන අලුත්වැඩියා සහ සෛල යථා තත්ත්වයට පත්වීම සිදුවන්නේ ඔබ නින්දට වැටුණු විටයි.. ඔබ රාත්‍රියේදි ප්‍රමාණවත් නින්දක් ලබා නොගන්නේ නම් එය සම සඳහා දැඩි අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා..

ප්‍රථිකාර : දිනපතා රාත්‍රියේ පැය 7 ත් 9ත් අතර නින්දක් ලබාගැනීමට උත්සාහ කළ යුතුයි. ඔබ නිදා සිටින විට කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා රෙටිනෝල් අඩංගු රාත්‍රි ආලේපනයක් භාවිතා කරන්න. සතියකට වරක් පමණ පෝෂ්‍යදායී face mask එකක් යොදන්න.

6. පාරිසරික බලපෑම්
වායු දූෂණය, අධික උෂ්ණත්වය, අධික සීතල සහ සූර්යාගේ පාරජම්බූල කිරණ වලට නිරාවරණය වීම වැනි හේතුන් සම දුර්වල සහ අවපැහැ කිරීම සඳහා හේතු වනවා..

ප්‍රථිකාර : දේශගුණ තත්ත්වයන්ට සුදුසු ආකාරයේ සමට සුදුසු රූපලාවන්‍ය ආලේපන තෝරාගත යුතු අතර හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා හිරු කිරණ ආවරණ ආලේපනයක් භාවිතා කල යුතුයි. එමෙන්ම ව්‍යායාම් හි නිරත වීමද සමේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට හේතු වනවා..

7. දුම්පානය කිරීම
දුම්පානය ඔබගේ සෞඛ්‍යය මට්ටම පහත දමන අතර සමේ දීප්තියද ඔබට අහිමි කරනවා.. විශේෂයෙන් සිගරට් මගින් සමේ කොලජන් බිඳවැටීම සිදුකරන අතර එමගින් සම රැළි වැටීම, සුදුමැලි වීම, සම ඇලෙන සුලු ස්වභාවයක් ගැනීම ඇතිවනවා.

ප්‍රථිකාර : හැකි උපරිම ආකාරයට දුම්පානයෙන් වැළකීමට උත්සාහ කල යුතුයි.

8. අධික ලෙස මේක්අප් ආලේපන භාවිතය
සමේ ස්වභාවික තෙල් ඉවත් කරන අධික ලෙස රසායන ද්‍රව්‍ය අන්තර්ගත රූපලාවන්‍ය ආලේපන මුහුනේ ගැල්වීම සම සඳහා දීර්ඝකාලීන බලපෑම් එල්ල කරනු ලබනවා.. විශේෂයෙන් රූපලාවන්‍ය ආලේපන ඉවත් කිරීම සඳහා භාවිතා කරන ආලේපන (makeup removers ) වල ඇති ඇල්කොහොල් මගින් සමේ ස්වභාවික තෙල් ඉවත් කරන අතර ස්වභාවික දීප්තියට හානි කිරීම සිදුකරනවා.

ප්‍රථිකාර : මේක්අප් ආලේපන මුහුණේ ගැල්වීමට පෙර මොයිස්චරයිසර් වලින් සාදන ලද BB cream වර්ගයක් ආලේප කරන්න. අධික ලෙස රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන් තෝරා ගැනීමෙන් වළකින්න.

9. සමබර ආහාර වේලක් නොගැනීම
ඔබ ආහාරයට එක්කරගන්නා දේ මත ඔබගේ සිරැරේ නීරෝගිතාවය තීරණය වනවා.. විශේෂයෙන් රසකාරක අඩංගු සකස් කරන ලද ආහාර සහ සමට හානි කරන උෂ්ණාධික ආහාර වැනි දෑ ගැනීමෙන් සමට දීර්ඝකාලීනව හානි වීම සිදුවනවා.. අධික ලෙස ලුණු සහ සීනි අඩංගු ආහාර මගින් සමේ දීප්තිය අවම කරන අතර කුරුළෑ ඇතිවීම තරබාරුව, හෘද්‍යාබාධ රෝග මතුකරනවා.

ප්‍රථිකාර : ප්‍රෝටීන්, විටමින් ඛනිජ ලවණ සහ අත්‍යවශ්‍ය මේදය අඩංගු සමබර ආහාර වේලක් ගැනීම ඔබගේ සෞඛ්‍යය තත්ත්වය වැඩි දියුණු කරන අතර නීරෝගි සමක් සඳහා උපකාරි වනවා. විශේෂයෙන් ඔබගේ බඩ සහ කට දෙකම සතුටු කල හැකි වර්ගයේ සෞඛ්‍ය සම්පන්න එළවලු සහ පළතුරු වර්ග ආහාර වේලට එක්කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-11 00:00:00' and A.id <> 2091 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 11:13:36 PM
Script:/article/2091/causes-of-dull-tired-skin-and-how-to-brighten-it.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 11:13:37 PM
Script:/article/2091/causes-of-dull-tired-skin-and-how-to-brighten-it.html