දිවුල් වල නේක් ගුණ

May 27, 2020
8,539
Benefits of Wood Apple
උද්භිද විද්‍යාත්මකව Limonia Acidissima යන නාමයෙන් හැඳින්වෙන දිවුල් රුටාසියා කුලයට අයත් වේ. ශ්‍රි ලංකාව මවුබිම කරගත් ශාඛයක් ලෙසින් සැලකෙන අතර වියළි කාලගුණ තත්වයේදී පරිපරිසරය සිසිල් කරනු ලබනවා.

දිවුල් මද 100g ක පෝෂණ සංයුතිය :

තෙතමනය 64.2g
ශක්තිය කැලරි 134
ප්රෝටින් 7.1g
මේද 5.7g
කාබෝ හයින්ඩ්‍රේට 18.1g
කැල්සියම් 130g
පොස්පරස් 110g
යකඩ 6.6 g
කැරොටින් මයික්රොග්රෑම් 61
තයමින් මයික්රොග්රෑම් 40
රයිබොප්ලේවින් මයික්රොග්රෑම් 170
විටමින් C 5mg

අලියන් දිවුල් ආහාරයට ගත් විට ඇතුලත මදය අවශෝෂනය වී කටුව නොබිඳීම මළපහ සමග පිටවේ.

ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන්හිදී දිවුල් ඉතා ගුණදායකයි. මලබද්ධය දුරු කිරීම, බඬේ පිපුමට සහනය ලැබෙනවා.

දිවුල් රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්ත නිසා දිවුල් උණුවතුරින් දිය කර ගෙන සීනි සමග පානය කිරීම ගුණදායකයි.

දියවැඩියාරෝගීන්ට දිවුල් ඇට ඉතා ගුණදායක බව දැන් හඳුනාගෙන ඇත. දිවුල් ශාඛ කඳෙන් එන මැලියම් දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.

දිවුල් ඇට හොඳින් වියලා කුඩු කර ගෙන පරණ මීපැණියෙන් අනා නෙල්ලි ගෙඩියක තරමට ආහාරයට ගත් විට (පාලිත ශ්‍රි ගීගනආරච්චිගේ, ශ්‍රි ඤානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයල - මාලෙවන) රුධිරගත සීනි මට්ම පහළ යනු ඇත.

ශ්වසන අපහසුතාවයන් ඇති රෝගීන්ට ඉදුන දිවුල් මද පොල්කිරි නොමැතිව ජලයෙන් දියකර සීනි සමග පානය ගුණායකය. ඒ වගේම දිගුකාලයක් පුරා පවත්න හෙම්බිරිස්සාවට, කැස්ස, උගුරේ වේදනාවට දිවුල් කොළ ගුණදායකයි.

පළතුරක් විදිහට දිවුල් ජවය ලබා ගත හැකි පළතුරක්. දිවුල් 100g ක කැලරි ශක්තිය 140 ක් අඩංගු නිසා පරිවෘත්තිය ක්‍රියාවලිය ඉක්මන් කරනවා. ප්‍රෝටීන් වැඩි නිසා මාංශ පේශි ශක්තිමත් කරන අතර අක්මාව, වකුගඩුව සඳහා ගුණයි.

උෂ්ණ රෝග සමනය කිරීම, ස්නායු ආබාධයන්ට, ආතරයිටිස් වැනි රෝග තත්වයන් සඳහා දිවුල් කොළ යුෂ කෝප්ප බාගයක් උදේ දහයට පානය කරන්න.

ගර්භණි සමයේදී රක්තහීනතාවයෙන් ආරක්ෂාවට දිවුල් ගුණදායක වුනත් අධික මාත්‍රාවකින් දිවුල් ආහාරයට ගත් විට මුල් කාලයේදී එතරම් යහපත් නැත. එමෙන්ම අමු ගැට දිවුල්ද එතරම් යෝග්‍ය නැත. ගැබිණි සමයේ ඇති වෙන උදෑසන වමනයේදී දිවුල් බීම, මද වශයෙන් ගැනීම මගින් වමනය සමනය වේ.

පිරිමින්ගේ කාම ශක්තියට මෙන්ම ජීරණ අපහසුතාවයන් සහ මලබද්ධය වැනි රෝගතත්වයන්ට දිවුල් පානය ඉතා යෝග්‍ය වේ.

කාන්තාවන්ගේ දරුඵල ලැබීමේ ඇති පමාවට දිවුල් මදයට මීපැණි හා සූදුරු තලා මිශ්‍ර කර ගෙන උකුවට උදයට පානය කරන්න.

මද්‍යසාර නිසා ඇති වෙන අක්මා රෝගයන්ටත්, මුත්‍රා රෝගයන්ටත් දිවුල් පානය යෝග්‍ වේ.

දිවුල් කොළ හිස ගල්වා ස්නානයෙන් හිසේ උෂ්ණ රෝග සමනය වෙන අතර දිවුල් පත්‍ර යුෂ හිස ගල්වා ස්නානය කිරීමෙන් උකුණන් වඳ වේ.

සන්ධි වේදනාවන්ගෙන් සහනය ලැබීම සඳහා දිවුල් කොළ ඇල්දියෙන් අඹරා ආලේප කරනු ලැබේ.

ඇස් පෙනීම දියුණු කරන අතර සමේ රෝග සඳහා ගුණ ලබා දෙයි.

දිවුල් කොළ නාසයට ඉරීමෙන් හික්කාවෙන් සුවය ලැබේ. අතීතයේදී බල්ලන්, බළලුන් සහ මීයන් වැනි සතුන් සපා කෑ විට දිවුල් කොළ කැඳ පානය පිණිස ලබා දී ඇත. එයින් විෂ නැසෙන බව පිලිගැනේ. දිවුල් මද යුෂ සමග සීනි සහ හකුරු මිශ්‍ර‍ කරගෙන උදේට දින හතක් පානය කිරීමෙන් විෂ නැති වේ. එසේම දිවුල් පංචාගය ලෙසින් සැලකෙන මුල්ල මල්, කොළ, පොතු සහ ගෙඩි වලින් කැඳ සාදා පානය කිරීම මීයන් සපා කෑම සහ සර්ප විෂට ගුනයි.

පකිස්ථානය සහ ඉන්දියාව වැනි රටවල දිවුල් මැලියම්වලින් දියසායම්ල ඩයි වර්ග සහ වාර්නිෂ් මිශ්‍ර කිරීමට යොදා ගැනේ. චිත්‍ර කර්මාන්තයේ වර්ණ සංයෝගය වෙනුවෙන් දිවුල් ලාටු උපයෝගී කර ගෙන ඇත. වරහමිහිරයන්ගේ ශිල්පරත්නය යන ග්‍රන්ථයන්හිදි දිවුල් ලාටු චිත්‍ර ශිල්පය පිණිස යොදා ගත් බව සඳහන්ව ඇත. දඹදෙණි යුගයේ ලියන ලද පොත්පත්වල : සරත් කරුණානායක- ගැසක වත, පි. 108) දිවුල් ලාටු යොදා ගත් අන්දම මෙලෙස සටහන්ව ඇත. දිවුල් ලාටු මුසු වයිති තරව වැද ගන්නා සේ… දිවුල් දැවයක් ලෙසින්ද කරත්තවලට, කෘෂි ආම්පන්න සහ තෙල් මෝල්වල අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදා ගැනේ.

ඉන්දියාව රාමාගේ උත්සවය පවත්වන දිනයේදී ඉදුන දිවුල් මද උක්හකුරු, පැණි තේ හැඳි දෙකක් එක් කර ගම්මිරිස් කුඩු ස්වල්පයක්, එනසාල්, දෙහිල ලුණු එකතු කර ගත් පානයක් සකස් කර ගනී.

එතරම් මිළ අධි නොවන දිවුල් පලතුරක් ලෙසින් ආහාරයට එක් කර ගැනීමෙන් ලැබෙන පෝෂණ ගුණය අමිල බැව් දැන් ඔබටත් හැඟෙනු ඇත.

“හෙල රහස්” සහ තවත් පොත පත ඇසුරිනි

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1622 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:00:46 AM
Script:/article/1622/benefits-of-wood-apple.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:00:47 AM
Script:/article/1622/benefits-of-wood-apple.html