තරුණියකගේ කන්‍යාභාවය ගැන කියවෙන මේ දේවල් ඇත්තද?

June 16, 2017
40,168
VIRGINITY Does It Really Affect Your Health Or Fertility? Myths & Facts
ආසියාතික රටවල තවමත් පිළිගන්න දෙයක් තමයි තරුණියකගේ කන්‍යාභාවය කියන්නේ. නමුත් බටහිර රටවල් වල තරුණියන්ට නම් තමන්ගේ කන්‍යාභාවය ගැටළුවක් වෙන්නේ නැහැ. කොහොම උනත් අදටත් කන්‍යාභාවය ගැන සමාජය පිළිගන්න වැරදි මත ගණනාවක් තියෙනවා. අද අපි ඔබට කියන්නේ මේ විදිහට කන්‍යාභාවය ගැන සමාජයේ තිබෙන වැරදි අදහස් කිහිපයක් ගැනයි.

1. මාසික ඔසප් වේදනාව අඩුවෙන බව

සමාජයේ තිබෙන මතයක් තමයි කන්‍යා භාවය අහිමි වූ පසු කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව අඩුවෙන බව. නමුත් මෙහි කිසිදු සත්‍යතාවයක් නැහැ. මොකද ලිංගික සබදතා පැවැත්වීම හා මාසික ඔසප් වේදනාව අඩුවීම අතර කිසිදු සබදතාවයක් නැහැ. මෙය සමාජයේ තිබෙන වැරදි මතයක් පමණයි.

2. ගැබ් ගැනීමක් හෝ ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග ඇති නොවෙන බව

මෙයත් කන්‍යාභාවය ගැන තිබෙන වැරදි මතයක්. තරුණියක් කන්‍යාවක් උනත් ඇය අනාරක්ෂිත ලෙස ලිංගික සබදතාවයක් පැවැත්වුවහොත් ඇය ගැබ් ගැනීමකට වගේම ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග වලටත් ගොදුරු විය හැකියි. මේ නිසා කන්‍යාභාවය කිසිම අවස්ථාවක් ගැබ් ගැනීමක් වත් ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝගයකින් වත් ඔබව ආරක්ෂා කරන්නේ නැහැ.

3. දීර්ඝ කාලයක් කන්‍යාවක් වී සිටීම නිසා දරුවන් නොලැබෙන බව

සමාජයේ තිබෙන තවත් වැරදි මතයක් තමයි කාන්තාවක් විවාහ නොවී දීර්ඝ කාලයක් සිටීම නිසා ඇයට දරුවන් ලැබීමේ හැකියාවක් නොමැති වෙන බව. ඇත්තටම තරුණියකගේ කන්‍යාභාවය ඇයට දරුවන් ලැබීමට ඇති හැකියාවට බාධාවක් නැහැ. මේ නිසා ඔබත් මේ ගැන බය උනා නම් අදම ඒ බය නැති කර ගන්න.

4. උපතින් හැම තරුණියකටම කන්‍යා පටලයක් හිමි වෙන බව

ඇත්තටම උපතින් හැම තරුණියකටම කන්‍යා පටලයක් හිමි වෙන්නේ නැහැ. කන්‍යා පටලයක් නොමැතිව උපත ලබන තරුණියන් බොහෝ දෙනෙක් සිටිනවා. සමාජයේ තිබෙන මේ වැරදි ආකල්පය නිසා මේ වගේ තරුණියන්ට වෙන්නේ ලොකු අසාධාරණයක්.

5. කන්‍යාභාවයක් තියන තරුණියන් වැරදි නොකරන අය බව

කන්‍යාභාවය හා කාන්තාවකගේ යහපත් ගතිගුණ අතර කිසිම සම්බන්ධයක් නැහැ. කාන්තාවක් විවහා වෙන විට ඇය කන්‍යාවක් උනත් පසුව ඇය ජීවිතයේ ඕනෑ තරම් වැරදි සිදු කල හැකියි. ඒ වගේම කන්‍යාභාවයක් හිමි නොවුන තරුණියන් ජීවිතයේ හැම අතින්ම යහපත් කෙනෙක් විය හැකියි. මේ නිසා මේ අදහසත් සමාජයේ තියෙන වැරදි අදහසක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 313 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:20:19 PM
Script:/article/313/virginity-does-it-really-affect-your-health-or-fertility-myths-facts.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:20:20 PM
Script:/article/313/virginity-does-it-really-affect-your-health-or-fertility-myths-facts.html