Daycare එකට දරුවන්ව යවන අම්මලාට

November 23, 2018
5,488
For mothers who send their child to daycare centres
අද මම ඔයා වගේම අපි හැමෝම ජීවත් වෙන සමාජ වටපිටාව අතිශය කාර්යබහුල සමාජයක්. එකෙකු අභිබවා තවෙකෙකු ඉස්සර කරන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. හුස්මක් ගන්නේ නැතුව ඔහේ දුවන අතරේ චුට්ටක් නැවතිලා ආපස්සට හැරිලා බලන්න පොඩ්ඩක් ඔයාට මගහැරුණු තැන්, අතපසු වුණු තැන් ඕනෑවටත් වැඩියෙන් තියෙයි. අද ගොඩක් දෙනෙක් යාන වාහන, ගේ දොර, බඩුමුට්ටු එකතු කරගෙන සාර්ථකත්වයේ හිනි පේත්තටම ගිහින් ආපසු හැරිලා බලනකොට තමන් ළඟ හිටපු සමීපතමයන් ඈත් වෙලා ගිහින් සලකුණු විතරක් ඉතිරි කරලා. මේ කාර්යබහුල පරිසරයට, ඉපදුණු වගේම හෙට උපදින්න ඉන්න නුපන් මල් කැකුළුවලත් ජිවය උදුරාගෙන ඉවරයි කියලයි හැඩකාරී අපි ඔයාට කියන්නේ. අද ගොඩක් පවුල්වල අම්මා වගේම තාත්තාත් රැකියාවක් කරනවා. ඉතිං පොඩි දරුවන් ගොඩක් වේලාවට හැදෙන්නේ ආචිචි, සීයා ගාව. එහෙමත් නැතිනම් සේවකයෙක් ළඟ. ඒත් අද නම් දෙමාපියන් දෙපාරක් හිතන්නේ නැතුව සල්ලි කීයක් හරි වියදම් කරලා daycare එකකට දරුවාව දානවා. ඒ වගේම ඇතැම් වෙලාවට දෙමාපියන් හරිම අසරණ වෙනවා තමන්ගේ දරුවන් නිවසේ තබා යන්න වැඩිහිටියන්ගෙන් උදව්වක් නොමැති වුනාම. ඒත් ඔයත් ඔයාගේ දරුවාව daycare එකකට යවන අම්මා කෙනෙක් නම් එහෙමත් නැතිනම් ඉස්සරහට දරුවාව daycare දාන්න අදහසක් තියෙනවා නම් චුට්ටක් නැවතිලා මේ ලිපිය කියවලා බලන්න.

01. ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න

ඔයාට හැඩකාරී අපි අමුතුවෙන් අද සමාජයේ තියෙන ව්‍යාකූල බව පැහැදිළි කරන්න ඕන වෙන්නේ නෑ. මොකද අද තියෙන සමාජය තුළ නිදහසේ හුස්ම ගන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැති තරම්. අද ඉන්න දරුවන්ට අම්මා ළඟ, තාත්තා ළඟ තියෙන ආරක්ෂාව ගැනවත් හරි විශ්වාසයක් නෑ. එවැනි පසුබිමක ඔයා කොහොමද වගකීමක් ඇතුව දරුවාව daycare එකකට දාන්නේ. දරුවාගේ ජීවිතයට යම් තර්ජනයක් වෙන්නේ නැහැයි කියලා ඔයාට විශ්වාසයක් තියෙනවා නම් විතරක් ඒ වගේ ආයතනයකට දරුවාව යොමු කරන්න. අනෙක් වැදගත්ම දේ වෙන්නේ ඔයා රැකියාව කරන ස්ථනයට ආසන්නයේම තියෙන daycare එකක් හොයා ගන්න. එතකොට ඔයාට පුළුවන් දරුවාව විටින් විට ගිහින් බලලා එන්න. ඒක දරුවාගේ ආරක්ෂාවට වැදගත් දෙයක් වෙයි.

02. මානසික ආතතිය, පීඩනය වැඩි විය හැකියි

සමාන්‍යයෙන් daycare එකක දරුවන් එක දිගට පැය කිහිපයක් රැඳී ඉන්නවා. ඉතිං මෙවැනි ස්ථානයක විවිධ මට්ටමේ දුවා දරුවන් ඉන්නවා. ඔහුන්ගේ මානසික මට්ටම් වගේම සිතුම් පැතුම් එකිනෙකට වෙනස්. ඔහුන්ගේ අවශ්‍යතාවන් වගේම හැකියාවන් එකිනෙකට වෙනස්. අපි මෙහෙම හිතමුකෝ. දුවලා පැනලා නිදසහේ ඉන්න කැමති දරුවෙක් සීමාවකට කොටු වෙන්න කැමති වෙන්නේ නෑ. යම් නිදහසක් ලැබුණද ඒ නිදහසෙන් පවා ඔවුන් තවත් පීඩාවට ලක් විය හැකියි. ඉතිං දරුවන්ට මෙවැනි ස්ථානයකින් මානසික ආතතිය පීඩනය වැනි තත්ත්වයන් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

03. දුරස් සම්බන්ධතාවක් නිර්මාණය වේවී

ගොඩක් දෙමාපියන් දරුවන්ව daycare එකට උදේ ගිහිල්ලා දැම්මාම ආපහු ඔෆිස් ඉවරවෙලා එනකොට තමයි දරුවාව ගෙදර එක්ක එන්නේ. ඉතිං අම්මා තාත්තා එක්ක ඉන්න කාලයක් එතකොට දරුවට ලැබෙන්නේ නැති තරම්. මොකද පොඩි දරුවන් වේලාසනම නින්දට යනවා. ඉතිං ටික කාලයක් යනකොට ඔයාටත් නොදැනීම ඔයාගේ දරුවා දෙමාපියන්ගෙන් ඈතට යනවා. මුලින් daycare එකට යන්න අකැමැති ස්වරූපයක් දැක්වුවත් පසුව ඒ තත්ත්වයන් ඉබේටම මගහැරී යනවා. අවසානයේ මොකද වෙන්නේ? දෙමාපියන්ට තමන්ගේ දරුවා අවනත නෑ. අවනත කර ගන්න බෑ. අම්මා තාත්තා කියන දේ අහන්නේ නෑ. ඔයා දරුවාට ආදරය කරන බව ඇත්ත. ඒත් පුංචි මනසට සිදුවෙන හැමදේම හොඳින් තේරුම් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැ.

04. දරුවාගේ හැකියාවන් යටපත් විය හැකියි

නිවස තුළ ඔයාගේ දරුවා නිතර ගැවසීමෙන් දරුවාගේ හැකියාවන්, දක්ෂතාවන් හඳුනා ගැනීමේ අවස්ථාව ඔයාට තියෙනවා. නමුත් ගෙදරින් පිටත ඉන්න විට ඔයාට හැකියාවක් ලැබෙන්නෙ නෑ දරුවාගේ හැකියාවන් හඳුනා ගන්න. මොකද ඔයාට දරුවාව නිරීක්ෂණය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ අඩුවෙන්. daycare එකක් තුළ දරුවන් යම් සීමාවකට කොටු වෙලා ඉන්න නිසා දක්ෂතාවන්, හැකියාවන් ඉස්මතු වෙන්නෙත් අඩු ප්‍රමාණයකින්. ඉතිං ඔයා ඔයාගේ දරුවාට අවධානය දෙන එක අඩු වුණාම ඔයාටත් නොදැනීම ඔහුගේ හෝ ඇයගේ හැකියාවන්, දක්ෂතාවන් නැති වෙලා යනවා.

05. දරුවන්ව කායික වගේම මානසික වශයෙන් දුර්වල විය හැකියි

කොතරම් ආරක්ෂාකාරී පරිසරයක් වුණත් සත්‍ය වශයෙන්ම දරුවාට ආරක්ෂාවක් ලැබෙනවා කියලා අපිට තහවුරු කරන්න බෑ. හැඩකාරී අපි ඔයාට අපේ රටේ සිදු වුණු සිද්ධි 02 කින් මේ අවස්ථාව පැහැදිළි කරන්නම්. daycare එකකට යන දරුවෙක් හැමදාම නිදා ගන්නවා වෙලාසන. ඒ වෙනදා දරුවා නිදා ගන්න වේලාවටත් කලියෙන්. ඇතැම් දවස්වලට දරුවා නින්දේ ඉන්නකොටමයි අම්මා දරුවාව daycare එකෙන් අරගෙන යන්නේ. දරුවාගේ මේ ක්‍රියාකලාපය දවස් ගණනක් එක දිගට තිබුණා. ඔයා දන්නවාද මොකක්ද වෙලා තියෙන්නේ කියලා. පොඩි දරුවන් ඉක්මනින් නිදි කරවන්න ඕන නිසා බෙහෙත් දීලා. ඒ බෙහෙත් වලට තමයි දරුවා වැඩි වේලාවක් නිදා ගන්නේ. දැන් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි දරුවන්ට daycare කොතරම් ආරක්ෂිතද? අනාරක්ෂිතද? කියලා.
ඒ වගේම ඔයා දන්නවානේ අපේ රටේ යාචකයන් වැහි වැහැලානේ. ඉතිං මේ යාචක ව්‍යාපාරකයින් කරන්නේ දරුවන් මේ වගේ ස්ථානවලින් අරගෙන ගිහින් නැවත ගෙනවිත් දෙනවා. ඉතිං දරුවන් කායික වශයෙන් වගේම මානසික වශයෙන්ද මෙයින් පීඩාවට පත් වෙනවා.

ඉතිං දැන් daycare එකකට ඔයාගේ දරුවා යවන්න කලින් දෙවතාවක් හිතන්න. දරුවන්ගේ ආරක්ෂාවට වගකියන්න පුළුවන් තැනක් ඒ වෙනුවෙන් හොයා ගන්න. daycare එකට දැම්මට පස්සේ පුළුවන් හැම වේලාවේම දරුවා ගැන හොයලා බලන්න. ඔයාගේ දරුවාට ජීවත් විය හැකි ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කර දීම ඔබ සතු වගකීමක් සහ යුතුකමක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1178 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:02 AM
Script:/article/1178/for-mothers-who-send-their-child-to-daycare-centres.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:02 AM
Script:/article/1178/for-mothers-who-send-their-child-to-daycare-centres.html