ගර්භනී සමය කියන්නේ මව ගොඩාක් ශාරීරික අපහසුතා වලට මුහුණ දෙන සමයක්. ඒ වගේම ගොඩාක් දෙනා වැඩිපුර විවේක ගන්න පෙළඹෙන සමයක්. එහෙම වුණත් මේ කාලයේදී ශරීරයට අනිවාර්යෙන් ව්‍යායාම අවශ්‍ය කරනවා. ගර්භනී සමයේ ඇති වෙන ශාරීරික අපහසුතා අවම කරන්නත් දරු ප්‍රසූතිය පහසු කරන්නත් ව්‍යායාම අත්‍යාවශ්‍යයි. ඒ නිසා දිනපතා අවම වශයෙන් විනාඩි 20ක කාලයක් සුදුසු ව්‍යායාම වල නිරත වීම ඉතා වැදගත්.
1. ගර්භනී සමයේ බර වැඩි වෙන එක කොහොමටත් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. එත් අනවශ්‍ය විදියට බර වැඩි වීම ඔයාගෙත් දරුවාගේත් සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක්. මෙසේ සිදු වෙන අනවශ්‍ය ලෙස බර වැඩි වීම අවම කරන්න,අනවශ්‍ය කැලරි දහනය කරන්න වගේම දියවැඩියාව, අධි රුධිර පීඩනය අවම කරන්නත් ව්‍යායාම උදවු වෙනවා.
2. ගර්භනී සමයේ ලබා ගන්නා යකඩ අතිරේකයන් මවගේ පොජෙස්ටරෝන් මට්ටම ඉහල නංවනවා. ඒ වගේම එය මල බද්ධය, උදරයේ වේදනාව ඇති කරන්න මුල් වෙනවා, නමුත් ක්‍රියාශීලි කාන්තාවන්ට මේ තත්ත්වයන් ඇති වන්නේ ඉතාම අවම වශයෙන්.
3. ගර්භනී සමයේ මවගේ රුධිර පීඩනය කලාතුරකින් ඉහල යාම සාමාන්‍යයි. නමුත් නිතර නිතර එම තත්ත්වය ඇති වීම සහ රුධිර පීඩනය ඉහල යාම එතරම් සුදුසු නැහැ. ව්‍යායාම මඟින් අධි රුධිර පීඩනය වැනි පූර්ව ගර්භනී සමයේ ඇති වෙන අපහසුතා වලින් ඔයාව මුදවා ගන්නවා.
4. ක්‍රමානුකුලව පවත්වාගෙන යන ව්‍යායාම මඟින් මේ කාලයේදී ඇති වෙන දියවැඩියා තත්ත්වයෙන් පරිස්සම් වෙන්න පුළුවන්. මේ කාලයේදී මවක් අනිවාර්යෙන් පෝෂ්‍යදායි ආහාර ටිකක් වැඩි පුර ගන්නවා. එතකොට අනවශ්‍ය ග්ලුකෝස් ප්‍රමාණයකුත් ශරීරයට එකතු වෙනවා. ශරීරයේ තැම්පත් වෙන අනවශ්‍ය කැලරි දහනය කරන්න තියෙන හොඳම සහ ආරක්ෂාකාරී ක්‍රමය තමයි ව්‍යායාම.
5. ගැබ් ගැනීමෙන් මාස කීපයක් ගත වෙද්දී ගොඩක් අයට කොන්දේ අමාරු, කකුල් වල වේදනාව, මාංශ පේශි වල වේදනාව වගේ තත්ත්වයන් ඇති වෙනවා. ශරීරයේ බර වැඩි වීම නිසාත් ඒ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ව්‍යායාම මේ වේදනාවන් අවම කරන්නත්, මාංශ පේශි ශක්තිමත් කරන්නත් ඉවහල් වෙනවා.
ගර්භනී මවකට සුදුසු ව්‍යායාම ගැන නිවැරදි උපදෙස් ලබා ගැනීමෙන් මේ තත්තවයන් වලින් මිදෙන්න පුළුවන්.