ගර්භනී සමයේ අයඩීන් ඌණතාවය දරුවාට අතිශය හානිකරයි

May 14, 2018
5,973
why iodine is very important while pregnancy?
අයඩීන් කියන්නේ ලොකු කුඩා භේදයක් නැතුව අපේ ශරීරයට අත්‍යාවශ්‍ය වූවක්. ඒ වගේම ගර්භනී සමයේදී අනිවාර්යෙන් මවගේ ආහාර වේලට අනිවාර්යෙන් එකතු විය යුත්තක්. ඒ වගේම අයඩීන් ඌණතාවය සෞඛ්‍ය ගැටළු රැසක් ඇති කරවන්න හේතු වෙනවා. කුස තුල වැඩෙන දරුවාගේ මොළයේ හා ස්නායු පද්ධතියේ සංවර්ධනය සඳහා අයඩීන් අත්‍යාවශ්‍යයි. ඒ වගේම එය දරුවාගේ පරිවෘත්තීය ක්‍රියාවලිය නියාමනය කරන්නත් අයඩීන් වලට පුළුවන්.

ගර්භණී සමයේදී අයඩීන් හිඟ වීම ගබ්සාවන් ඇති වීමට, ශාරීරික අපහසුතා වගේම, දරු ප්‍රසූතියේදී වැඩි අවදානමක් ඇති කරන්න හේතු වෙනවා. අපේ ශරීරයේ අඩංගු අයඩීන් වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ගෙල ප්‍රදේශයේ පිහිටි තයිරොයිඩ් ග්‍රන්ථියේ. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන තයිරොක්සීන් හෝර්මෝනයේ ප්‍රධාන සංඝටකයක් තමයි අයඩීන් කියන්නේ.

සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය මෙන්ම ශරීර උෂ්ණත්වය නියමිත මට්ටමේ පවත්වා ගන්නත් මේ තයිරොක්සීන් හෝර්මෝනය අත්‍යාවශ්‍යයි. ඒ වගේම සාමාන්‍ය කාන්තාවකට දිනකට අවශ්‍ය අයඩීන් ප්‍රමාණය 150 mcg ක්. mcg කියන්නේ micro grams කියන එක. ගර්භනී මවකට නම් දිනකට අයඩීන් 220 mcg ක ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම කිරිදෙන මවකට නම් දිනකට 290 mcgක් ලබා ගැනීම අවශ්‍යයි.

ගර්භනී මවකගේ අයඩීන් අවශ්‍යතාවය සම්පුර්ණ කරන්න මුහුදු මාළු, කිරි ආහාර, බිත්තර වැනි ආහාර වලට පුළුවන්. නිසි ආකාරයෙන් අයඩීන් එකතු කළ අයඩීකෘත ලුණු තේ හැන්දක අයඩීන් මයික්‍රෝග්‍රෑම් 260 ක් පමණ අඩංගු වෙනවා. මේ නිසා අයඩීන් සහිත ලුණු භාවිතය මඟින් අයඩීන් ඌනතාවයන් අවම කර ගන්න පුළුවන්.

අයඩීන් ඌණතාවය නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණයෙන් විශාල වී වායුගෙඩි ඇති වෙනවා. ඒ වගේම තයිරොක්සින් හෝර්මෝන ඌනතාවයත් නිසා මානසික සහ කායික බෙලහීන තත්ත්වයක් ඇතිවෙයි වෙනවා. ගර්භනී මවකට එය ඉතාමත් අහිතකර විදියට බලපාන්න පුළුවන්.

ගර්භණී සමයේ අයඩීන් ඌනතාවය දරුවා තුළ සංකූලතාවන් රැසක් ඇති කරවනවා. එය බිළිඳාගේ කායික හා මානසික වර්ධනය අවම කරනවා. ඒ විතරක් නෙවෙයි ශාරීරික වර්ධන ඌනතාවයන් ද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාණවත් තරම් අයඩීන් ආහාර වේලට එකතු කර ගන්න කිසිම ගර්භනී මවක් අමතක නොකළ යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 811 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:45 AM
Script:/article/811/why-iodine-is-very-important-while-pregnancy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:45 AM
Script:/article/811/why-iodine-is-very-important-while-pregnancy.html