ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග - (02 කොටස)

September 25, 2018
49,757
Must have frocks for woman (part 02)
කාන්තා විලාසිතාවන් මෙපමණයි කියලා කියා නිම කිරීමේ හැකියාවක් නැති තරම්. මොකද අද ලෝකයේ කාන්තා විලාසිතාවන් කියන්නේ විශාල ආදායම් ලබන ක්ෂේත්‍රයක්. ගෙවෙන හැම තප්පරයකදීම කුමන හෝ දෙයක් කාන්තාවන්ගේ විලාසිතාවන් සම්බන්ධයෙන් සොයා ගන්නවා. මේ නේකවිධ විලාසිතාවන් අතර ඇඳුම් විලාසිතාවට හිමි වෙන්නේ අද්වතීය ස්ථානයක්. ඇඳුම් විලාසිතාව අතරෙනුත් ගවුම් විලාසිතාව යුවතියන් අතරේ අද ඉතාමත් ඉනප්‍රියයි. ලොකු කුඩා කවුරුත් අද විවිධ අවස්ථාවන්වලට ගවුම් අඳිනවා. කාන්තාවකගේ සිරුරේ හැඩය ඉස්මතු කරන ආකාරයෙන් අද විවිධ ගවුම් මෝස්තර වෙළෙඳපොළේ තියෙනවා. ඉතිං ඔයාගේ සිරුරේ ෂේප් එකට ගැළපෙන විදිහට දැන් කැමති ආකාරයෙන් ගවුමක් තෝරාගෙන අඳින්න පුළුවන් හැකියාව තියෙනවා. මීට පෙර Hadakari අපි ඔයාට අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේම ජනප්‍රිය වුණු ගවුම් මෝස්තර කිහිපයක් ඉදිරිපත් කළා මතක ඇති. හැඩකාරී අපි අද ඉදිරිපත් කරන මේ ලිපිය කියලවලාම බලන්නකෝ ඔයාට තවත් ලස්සනට අඳින්න පුළුවන් ගවුම් වර්ග මොනවාද කියලා.

01. Shirt Dress (ෂර්ට් ගවුම)











Shirt Dress එක නම් අපේ රටේ ගොඩක් යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය වුණු ගවුමක්. ඔයාටත් මෙවැනි ගවුම් දැනටමත් ඇති. මේ ගවුම මධ්‍යස්ථ සිරුරක් තියෙන කෙනෙක්ට වගේම ටිකක් මහත කෙනෙක්ටත් හොඳින් ගැළපෙනවා. ඔයාගේ රුචිකත්වය අනුව මේ ගවුම් විලාසිතාව තෝරා ගැනීමේ හැකියාව ඉහළින්ම තියෙනවා. මෙවැනි ගවුමක දකින්න තියෙන විශේෂත්වය තමයි කොලර් සහිතව වගේම කොලර් රහිතව තෝරා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගවුමේ අත් තමන්ට ඕනෑම ආකාරයකින් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතිං ඔයාට කැමති ආකාරයකින්, කැමතිම මෙටීරියල් එකකින් මසා නිමකළ මෙවැනි ආකාරයේ ෂර්ට් ගවුමක් දැන් අඳින්න පුළුවන්. මේ ඇඳුමෙන් ඔයාගේ සිරුරේ හැඩය ඉස්මතු කර ගන්න පුළුවන් ඛෙල්ට් එකක් එකතු කර ගත්තොත්. මොකද මෙවැනි ගවුමක් ඇගට ටිකක් ලිහිල්ව තියෙන නිසා මධ්‍යස්ථ සිරුරක් තියෙන කෙනෙක් ඇන්දොත් ඉණේ හැඩය මනාව ඉස්මතු කරන්න පුළුවන්.

02. Maxi Dress (මැක්සි ගවුම)











මේ ගවුම් මෝස්තරයත් අද වන විට යුවතියන් අතර ඉතාමත් ජනප්‍රියයි. මේ ඇඳුමේ තියෙන විශේෂත්වය තමයි සිරුරට ටිකක් වැඩියෙන් තමයි ඇඳුම තියෙන්නේ. ඉතිං කෙට්ටු කෙනෙක්ට තමන්ගේ සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු කරලා මේ ඇඳුමෙන් පෙන්නන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා කෙට්ටු කෙනෙක් නම් මේ විදිහේ ගවුමක් අරගෙන ඒ ගවුමට ගැළපෙන ඛෙල්ට් එකක් තෝරා ගන්න. එතකොට ඔයාගේ ඉණේ හැඩය හොඳින් ඉස්මතු වෙලා පේන්න පටන් ගන්නවා. ඔයා ටිකක් විතර උස යුවතියක් නම් දිග මැක්සි එකක් අඳින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතිං ඔයාගේ සිරරේ ෂේප් එක ගැන හිතලා ඔයාට ගැළපෙනම Maxi Dress එක තෝරා ගන්න කටයුතු කරන්න.

03. Pencil-cut Dress (පෙන්සිල්-කට් ගවුම)











ගවුම් ඇඳලා හැඩට වැඩට ඉන්න කැමති ඔයා සතුව තිබිය යුතු තවත් ගවුමක් තමයි පෙන්සිල්-කට් ගවුම කියන්නේ. මෙවැනි ගවුමක් ඔයා ළඟ තිබුණා කියලා ඔයාට අවැඩක් නම් කවදාවත් වෙන්නේ නෑ. ඔයා දිනපතා ඔෆිස් යන කෙනෙක් නම් මේ වර්ගයේ ගවුම් ඔයාට හොඳින්ම ගැළපෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට ඕනෑම උත්සව අවස්ථාවකට අඳින්න පුළුවන් මේ වර්ගයේ ගවුමක්.

අපි මෙහෙම හිතමුකෝ ඔයාට ඉන්ටර්වීව් එකකට යන්න සිදු වෙනවා කියලා. ඉතිං මේ වර්ගයේ ගවුමක් ඇඳලා කෙටි බ්ලේසර් එකක් ඇන්දාම වැදගත් පෙනුමක් ඔයාට එකතු වෙනවා. ඉතිං ඔයත් එක එක විදිහේ ගවුම් අඳින්න කැමති යුවතියක් නම් මෙවැනි ගවුමක් ඔයා ළඟ තියෙන්නම ඕන කියලයි හැඩකාරී අපි ඔයාට කියන්නේ.

04. A-line Dress (ඒ-ලයින් ගවුම)











මේ ගවුම් වර්ගයත් අපේ රටේ ගොඩක් යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය ගවුම් වර්ගයක්. මේ ගවුමටත් අද විවිධාකරයේ නිර්මාණශීලි අංග එකතු වෙලා තියෙනවා. ඉතිං ඔයාගේ රුචිකත්වයට මුල් තැන දීලා කිසිම ගැටළුවකින් තොරව මෙවැනි වර්ගයේ ඇඳුමක් තෝරා ගැනීමේ හැකියාව දැන් තියෙනවා. ඔයා සිරුරෙන් කෙට්ටු කෙනෙක් නම් ඔයාට මෙවැනි ගවුමකින් සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු කරලා පෙන්වීමේ හැකියාව තියෙනවා. මෙවැනි ගවුමකින් ඔයාගේ සිරුරේ උඩ කොටසේ හැඩය ඉස්මතු වෙන විදිහට තමයි නිර්මාණය වෙන්නේ. ඉණෙන් පහළ කොට තරමක් ලිහිල්ව හෝ ෆෙයාර්ඩ් එකකින් තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාගේ ඉණේ හැඩය මේ ගවුමෙන් හොඳින් ඉස්මතු කරලා පෙන්වනවා. ඔයාගේ සිරුරේ හැඩය ගැන අවධානය යොමු කරලා මෙවැනි ගවුමක් තෝරා ගත්තොත් ඔයා ලස්සනට අඳින්න පුළුවන්.

05. Shift Dress (ශිෆ්ට් ගවුම)











ශිෆ්ට් ගවුමත් අද ගොඩක් යුවතියන් අතර ජනප්‍රියතම ගවුමක්. සමාන්‍ය ගමනකට වගේම පුංචි සාදයකට වුණත් මෙවැනි වර්ගයේ ඇඳුමක් හොඳින් ගැළපෙනවා. සිරුරේ හැඩය මනාව ඉස්මතු කරනවා විතරක් නෙමෙයි ඔයාට වඩාත් ආකාර්ශණීය පෙනුමක් ලබා දෙනවා.ශිෆ්ට් ගවුමක් ඔයා දිග අඩුවෙන් අඳින තරමට ඔයාට ලස්සන පෙනුමක් එකතු වෙනවා. අද ඕනෑ තරම් වෙළෙඳපොළේ තියෙනවා විවිධ මෙටීරියල්වලින් නිර්මාණය කරන ලද මෙවැනි වර්ගයේ ගවුම්. ඉතිං ඔයාගේ සමේ වර්ණයට ගැළපෙන වර්ණයකින් ඉතා විචිත්‍රවත් ආකාරයේ මෙවැනි වර්ගයේ ගවුමක් දැන් තෝරා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1092 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:19:10 AM
Script:/article/1092/must-have-frocks-for-woman-part-02.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:19:10 AM
Script:/article/1092/must-have-frocks-for-woman-part-02.html