ළමා තරබාරුව දරුවන්ගේ ජිවිත අවදානමක හෙලන්න මුල් වෙලා

March 23, 2018
11,434
Obesity threats children's life
තරබාරු බව කිව්වම අපිට මතක් වෙන්නේ මේක ගොඩක් දුරට වැඩිහිටි අයට ගැටළුවක් වෙලා තියෙන තත්ත්වයක් විදියටනේ. නමුත් ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා. තරබාරු බව තව දුරටත්ව වැඩිහිටියන්ට පමණක් සිමා වුනු ගැටළුවක් නෙවෙයි. අද වෙද්දී කුඩා දරුවන්ට පවා තරබාරු වීමේ ගැටලුවට මුහුණ දෙන්න වෙලා. ඒ කියන්නේ ළමා තරබාරුව එහෙමත් නැත්තන් Childhood Obesity නිසා අද වෙද්දී බොහොමයක් දරුවන්ගේ ජිවිත අවදානමට ලක් වෙලා. එය ඉතා භයානක තත්ත්වයක් වගේම දරුවන්ගේ අනාගතම අඳුරේ හෙලන්න සමත් වන්නක්.

මෙහෙම වෙන්න හේතුව මොකද්ද? මේ වගේ තත්ත්වයකින් ඔබේ දරුවාට ඇති වන අවදානම මොන වගේද? වගේම ඒ වගේ අවාසනාවන්ත තත්ත්වයකින් දරුවාගේ ජීවිතය ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා කියන එක හැම අම්මා කෙනෙක්ටම වැදගත් වෙයි කියලා හිතුවා.

දරුවාගේ වයසට අනුව පැවතිය යුතු බරක් තියෙනවා. කුඩා කාලෙදිත් දරුවාගේ බර කිරලා බලන්නේ එකනේ. ඉතින් ඒ විදියට වයසට සරිලන බර පවත්වා ගන්න එක දරුවා වයසින් වැඩෙද්දීත් නිවැරදිව පවත්වා ගන්න එක ඉතාම වැදගත්. හැබැයි ඉතින් මේක තියෙන්නේ මවුපියන්ගේ අතේ. මොකද දරුවාගේ ආහාර රටාව, ජිවන රටාව හැඩ ගස්වන්නේ අම්මා තාත්තා නේ.

කොහොම හරි දරුවාගේ වයසට හා උසට සාපේක්ෂව බර නිසි ලෙස පවත්වා ගන්නවා නම් මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. දරුවන් ක්‍රියාශීලි බවින් අඩු වීම මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න එක හේතුවක් වෙනවා. අද වෙද්දී දරුවන්ගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා ඔබ ටිකක් හිතලා බලන්න. මුළු දවසෙම ගෙවෙන්නේ පොත් පත් එක්ක. උදේට ඉස්කෝලේ යනවා. හවසට ටියුෂන්, ඒක ඉවර වෙලා සමහර විට තවත් ටියුෂන් එකක්. ඉතින් කොහෙද දරුවන්ට සෙල්ලම් කරන්න වත් වෙලාවක්?

ළමා තරබාරුව ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි දරුවන්ගේ ආහාර රටාව. ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ශරීරගත ගත වීම නිසා අනවශ්‍ය කැලරි සිරුරේ විවිධ ස්ථාන වල තැම්පත් වෙනවා. ක්‍රියාකාරීත්වයට අදාල තරමට දේහයට අවශ්‍ය ප්‍රමාණයට වඩා කෑම බිම, විශේෂයෙන් තෙල් සහ සීනි, පිෂ්ටය අධික කෑම බීම ගැනීම තමයි මූලිකම හේතුව, හැබැයි ඉත්න් සමහර දරුවන්ට මෙහිදී ජානමය ඒ කියන්නේ මවගෙන් හෝ පියාගෙන් ලැබෙන පරම්පාරානුගත ලක්ෂණත් හේතුවක් වෙනවා. නමුත් ඊටත් වඩා බලපෑමක් කරන්න මේ කිව්වා ආහාර පාන රටාවට පුළුවන්. මේ විදියට අනවශ්‍ය කැලරි දහනය කරන්නත් දරුවන් ක්‍රියාශීලි වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා ඉතා පහසුවෙන් දරුවන් ළමා තරබාරුවට පත් වෙනවා.

ගොඩාක් වෙලාවට මවුපියන් කාර්යබහුල වීමත් එක්ක දරුවන්ට ක්ෂණික ආහාර දෙන්න පෙළඹෙනවා. විශේෂයෙන් රජෙක් වගේ කන්න ඕන කියන උදෑසන ආහාරය ගොඩක් දරුවන් ගන්නේ පිටතින්. එකත් පිටි, තෙල් හෝ සිනි බහුල ආහාර. එත් ඔබ කරන්නේ ඉතාමත් වැරදි වැඩක් කියලා තේරෙන්නේ මේ වගේ අවදානමකට දරුවන්ව පත් වුනාට පස්සේ.

අධික තරබාරුව නිසා අඩු වයසින්ම දරුවන්ට අධිරුධිර පීඩනය, හෘදයාබාධ පමණක් නොවෙයි දියවැඩියාව වගේ තත්ත්වයනුත් ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නවෙයි දරුවන්ට එදිනෙදා වැඩ කටයුතු කර ගන්නට යාමේදීත් විවිධ අපහසුතාවයන්ට පත් වෙන්න සිදුවෙනවා. ටිකක් වේගෙන් ඇවිදින්න, දුවන්න, සෙල්ලම් කරන්න පවා අපහසු වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් දරුවන්ගේ උසුළු විසුළු වලට ලක් වෙන්න පුළුවන්, ලැජ්ජාවට, කොන් කිරීම් වලට ලක් වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් දරුවාගේ කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍යයත් පිරිහෙන්නත් හේතුවක් වෙනවා.

මෙන්න මේ නිසා ඔබත් අනිවාර්යෙන් දරුවාගේ ආහාර රටාව හා ජිවන රටාව ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ඔබේ දරුවාගේ උස සහ බර පිළිබද විමසිලිමත් වන්න. දරුවාගේ ආහාරයේදී එළවලු හෝ කෙදි සහිත ආහාර, අලුත් මාලු, පලා වර්ග, ධාන්‍ය වැනි දෑ සහිත ආහාර වේලක් දෙන්න. විශේෂයෙන් පාසල් යාමට පෙර දරුවාට ගෙදර පිසූ ආහාරයක් ලබා දෙන්න. බත් නම් වඩා හොඳයි. අනිවාර්යෙන් උදෑසන ආහාරය ගැනීමට හුරු කරවන්න, ක්ෂණික ආහාරයෙන් හැකි තරම් දරුවා ඈත් කරන්න. පාසල් කාලයෙන් පසුව හෝ දරුවාට කය වෙහෙසන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය නිදහස දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 716 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:15:20 PM
Script:/article/716/obesity-threats-childrens-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:15:21 PM
Script:/article/716/obesity-threats-childrens-life.html