දියණියට ලස්සන මුහුණක් ලැබුණත් ආත්ම අභිමානයක් නැතිද?

October 21, 2020
7,886
Does your daughter have self confidence?
ඕනෑම අම්මා කෙනෙක් තම දියණියගේ ලස්සන ගැන හරිම උනන්දුයි. නමුත් මවට ඇතැම් විට ඇගේ පෞරුෂ සංවර්ධනය මග හැරෙනවා. හොඳ පෞරුෂයක් බාහිර පෙනුම මෙන් ම වැදගත්. කාන්තාවකගේ සුන්දරත්වය වඩාත්ම සිත් ඇදගන්නා සුළු වන්නට නම් හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ඉහළ ආත්ම අභිමානයක් ඇති දියණිය ලස්සන මුහුණක් සහ ආත්ම අභිමානයක් නැති කෙනෙකුට වඩා ආකර්ෂණීයයි. එ නිසා මුල සිටම ඔයාගේ දියණියගේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට හුරු කරන්න.

ඍණාත්මක අදහස් වලින් ඇයව ඈත් කරන්න. කිසිම අවස්ථාවක දියණිය විවේචනය කරන්න එපා. ඔයාගේ දියණිය අහංකාර බව අඩු කරමින් ඇයගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට උදවු කරන්න. අහංකාරකම කියන්නේ කෙනෙක් එයාව පුද්ගලික විවේචනය කරනවාට එරෙහිව ගන්න ආත්මාරක්ෂාව සඳහා වූ ක්‍රමයක් විතරයි.

විශේෂාංග සහ අඩුපාඩු
දියණියගේ මුහුණේ ලක්ෂණ වෙනස් කළ නොහැකි බව මතක තබා ගන්න. ඒ නිසා කිසිදාක ඔයාගේ දියණියට ඇගේ පෙනුම, පැහැය හෝ ඇගේ ඕනෑම අංගයක කිසියම් වැරැද්දක් ඇති බව හැඟීමට ඉඩ දෙන්න එපා. ලස්සනයි කියන්නේ ක්ලැසික් ලුක් එකක් තියෙන්න ඕනේ කියන එක නෙවෙයි. සෑම පුද්ගලයෙකුගේම ඔවුන්ට ආවේනික අංග වලින් ඔවුන්ගේ චරිතයට අලංකාරයක් එක් කරනවා. ඒ නිසා දියණියගේ පෙනුමේ ඇති අඩුපාඩු දියණියගේ වාසියට හරවා ගන්න.

සම
ඔයාගේ දියණිය රූමත්ව හා ලස්සන ලෙස හැදී වැඩීම සඳහා සමහර දේවල් පාලනය කරන්න වෙනවා. ඒ අතර වඩාත් වැදගත් වන්නේ සමයි. නිරෝගී සමක් දියණියගේ පෙනුම smart කරන අතර දියණියගේ සම දීප්තිමත්, සෞඛ්‍ය සම්පන්න සහ කුරුලෑ වලින් තොර සමක් තබා ගැනීමට අවශ්‍ය සත්කාර කරන්න. ලස්සන වීමට සුදු පැහැ සමක් තිබීම අනිවාර්ය නැහැ. ඒ නිසා දියණියගේ ස්වාභාවික සමට වයිටින් ක්‍රීම් ආලේප කර සුදු වීමට කිසි විටෙකත් උනන්දු කරන්න එපා. එමගින් ඇයගේ මුහුණට අඳුරු පෙනුමක් ලබා දෙයි.

ව්‍යායාම කරන්න
ඔයාගේ දියණිය තරබාරු නොවූවත් ව්‍යායාම කිරීමේ පුරුද්දක් ඇති කරවන්න. මෙය ඉදිරි වසර ගණනාව තුළ ඇයගේ හැඩය මනාව පවත්වා ගැනීමට උපකාරී වන අතර ඇයගේ ශාරීරික සහ මානසික ශක්ති මට්ටම ඉහළ නංවා ඇය ගැන තමාට ම වඩා හොඳ හැඟීමක් ඇති කරනවා. මෙය ආයාසයකින් තොරවම ඇයව වඩාත් ආකර්ෂණීය කරයි

පිළිවෙල
හැඩවැඩ වෙනවාට වඩා පිළිවෙලට ඉන්න දියණියට කියා දෙන්න. දියණිය පිළිවෙලට ඇඳ පැළඳ සිටී නම්, දිලිසෙන හිසකෙස්, පැහැපත් සමක්, විනීත හැසිරීම, සංවර වචන වලින් කථා කරයි නම්, ඇය ඉබේටම වටපිටාවේ අය ආකර්ශණය කර ගන්නවා.සමේ වර්ණය පස්සේ දුවනවාට වඩා ඇගේ සැබෑ ස්වරූපය සුන්දර බව ඇයට නිතර පවසන්න. එවිට ඇය සැබවින්ම සුන්දරව ඉන්න ඉත්සාහා කරාවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1881 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:01:23 AM
Script:/article/1881/does-your-daughter-have-self-confidence.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:01:23 AM
Script:/article/1881/does-your-daughter-have-self-confidence.html