ඔබට අතපසු කළ නොහැකි මුරුංගා වල ප්‍රතිලාභ මින් පෙර දැන සිටියාද? මෙන්න එය ඔබට උදවු වන ක්‍රම 7 ක්

March 15, 2021
8,669
Benefits of Moringa
අප අතරින් බොහොමයක් දෙනෙක් මුරුංගා භාවිතා කරන්නේ, සම්බාර් සෑදීමේදී පමණක් වන නමුත්, අපි මුරුංගා අනුභව කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයක් අද කියන්න හිතුවා.

ඔබේ ආහාරයට මුරුංගා ඇතුළත් කළ හැකි ක්‍රමවේද බොහොමයක් තිබෙනවා. මුරුංගා කරල් වෑංජනයක් ලෙස සකසා ගැනීම කා අතරත් ප්‍රචලිතයි. ඒ වගේම මුරුංගා කොළ ඉතා වටිනා ගුණයකින් යුක්ත බව පර්යේෂණ වලින් ද ඔප්පු වී ඇති අතර අතීතයේ සිටම මිනිසුන් නොයෙකුත් ක්‍රම වලට මුරුංගා කොළ ආහාරයට ගෙන තිබෙනවා. නමුත් ඔබ නොදන්නා තවත් බොහෝ දේ මේ ලිපියේ අඩංගුයි.

නිතිපතා මුරුංගා ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි හතක් මෙන්න

1. රුධිරයේ සීනි මට්ටම පවත්වා ගැනීමට
මෙය දියවැඩියාවෙන් පෙළෙන අයට හොඳ ආරංචියක්. ඔබට ඉහළ සීනි මට්ටමක් තිබේ නම්, ඔබ ඔබේ ආහාර වේලට මුරුංගා ඇතුළත් කර ගන්න. මුරුංගා ශරීරයේ රුධිරයේ සීනි මට්ටම පවත්වා ගැනීමට උපකාරී වන අතර පිත්තාශයේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට උපකාරී වෙනවා.

2. ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට
මුරුංගා වල ප්‍රතිබැක්ටීරීය ගුණ ඇති අතර, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදන වැලැක්වීමට එය උපකාරී වෙනවා.

3. අස්ථි ශක්තිමත් කිරීමට
ශක්තිමත් අස්ථි පද්ධතියක් සඳහා අත්‍යවශ්‍ය වන කැල්සියම් සහ යකඩ මුරුංගා වල අන්තර්ගතයි. ගර්භනී කාන්තාවන් සඳහා මුරුංගා බෙහෙවින් නිර්දේශ කිරීමටකිරීමට මෙය තවත් හේතුවක්.

4. බඩවැල් සඳහා විශිෂ්ටයි
කෙඳි කියන්නේ මුරුංගා වල ඇති තවත් ඉතා වැදගත් පෝෂ්‍ය පදාර්ථයකි. ඒ හැරුණු විට, niacin, riboflavin සහ විටමින් බී 12 වැනි වෙනත් බී විටමින් ද ඔවුන් සතුව ඇත, ඒවා ඔබට ආමාශයික ගැටළු ඇති නොවීමට වැදගත් වේ.

5. රුධිර පවිත්‍රකරණයට උපකාරී වෙයි
මුරුංගා වල ඇති ප්‍රතිජීවක කාරක මගින් රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර එය රුධිරයේ ඔක්සිජන් මට්ටමද වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. හොඳ ඔක්සිජන් සැපයිමක් ඔබේ රුධිරයේ ගුණාතමක බව වැඩි කරයි.

6. කොලෙස්ටරෝල් අඩු කිරීමට
මුරුංගා කොළ මගින් අධික කොලෙස්ටරෝල් නිසා ඇති වන හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. තවත් බොහෝ ශාක ආහාර මගින් කොලෙස්ටරෝල් අඩු කළ හැකියි. උදාහරණයක් ලෙස හණ ඇට, ඕට්ස් සහ ආමන්ඩ් මේවාට ඇතුළත්.

7. ලිංගික සෞඛ්‍යය නංවාලීමට
මුරුංගා, සින්ක් සඳහා හොඳ ප්‍රභවයක් වන අතර එය ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරයි. මුරුංගා වලින් ලේ ගමනාගමන ක්‍රියාවලිය වැඩිදියුණු කරන නිසා පුරුෂ ලිංගයේ ක්‍රියාකාරීත්වය ඉහල නංවනවා. ඒ වගේම මුරුංගා වලට කාන්තාවන්ගේ ඔසප්වේදනාවන් සමනය කරන හැකියාවද තියෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1954 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:55:36 PM
Script:/article/1954/benefits-of-moringa.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:55:36 PM
Script:/article/1954/benefits-of-moringa.html